ගබ්සාව මිනී මැරීමක්....ආදර අම්මේ ඔබේ කුය ඝාතකාගාරයක් කර ගන්න එපා... දරුවන් යනු ආශිර්වාදයකි. 
"දැනටත් රටේ පැතිර පවත්නා නීති විරෝධී ගබ්සා සායන වලින් බොහෝ විට සේවය ලබා ගන්නේ ගණිකා වෘත්තියෙහි යෙදී සිටින කාන්තාවන්ය. ගැබ්ගත් විට දරු ගැබ ගබ්සා කර කාර්යය කරගෙන යාම අපහසුය. නීතියද ඔවුනට හරස් වෙයි. එහෙත් නීතිය ලිහිල් කළ විට දිළිඳුකමත්, පහසුවෙන් මුදල් උපයා ගැනීමේ හැකියාවත් නිසා වැඩි වැඩියෙන් තරුණ කතුන් ඒ සඳහා පෙළඹෙනු ඇත. ගබ්සා නීතිය ලිහිල් කිරීම නිසා මෙලෙසින් ගණිකා වෘත්තියටත්, අනියම් සබඳතා පවත්වාගෙන යන අයටත්, අවිවාහක ගැබිනියන්ටත්, රුකුලක් හා පිටුවහලක් ලැබී, පොදුවේ ජන සමාජය පිරිහී යන්නේය. බලධාරීන් ඊට ඉඩ නොතැබිය යුතුය. එසේ නොවූවහොත් දී ධර්මද්වීපය යන ගෞරව නාමයෙන් ලොව පතළ වූ ශ්‍රී ලංකාවේ, නූපන් දරුවන් මරා දැමීම, එදිනෙදා සිද්ධාන්තයක් බවට පත්වනු නියතය. දෙවියෝ අප මව්බිම රැකදෙත්වා!"


බලන්න මේ පින්තුරය දිහා.මේ තියෙන්නේ මේ වසරේ කැමරා පින්තුරය වෙයි කියල ගොඩක් අය විශ්වාස කරන පින්තුරය.මේ ඉන්නේ සති 21 වයස දරුවෙක්.මේ දරුවාව අබෝෂන් එකකින් ඉවත් කරන්න ඒ අම්මට ඕනේ උනා.ශල්‍යකර්මය කරලා දරුවාව එලියට ගන්න හදනකොටම මහා පුදුම දෙයක් සිද්ද උනා.

බඩ පලපු තැනින් හදිසියේම එලියට අපු මේ පුංචි දරුවාගේ අතකින් වෛද්‍යවරයාගේ ඇගිල්ල අල්ල ගත්ත.හරියට "අනේ ඕක නම් කරන්න එපා" කියනවා වගේ.මේ සංවේදජනක සිද්දියට මුණ දුන්නේ "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා.මේ පින්තුරය බ්‍රිතාන්‍ය පුවත්පතක පල කරලා තිබුනේ "බලාපොරොත්තුවේ හස්තය" කියල.දරුවාගේ තිබුන දුර්වලතාවක් නිසා මේක කරන්න හැදුවත් අවසානයේ දරුවාව යහතින් එලියට අරන් තියෙනවා.දැන් එයා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.එයාගේ නම "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ".මේක මුළු ලෝකෙම සලිත කරපු පින්තුරයක්!


තරු නෙතු දිලෙන ඉගිබිගි කෙලි            සිනාවා
මාගේ ඇසට තුටු කදුලැලි                  ගෙනේවා
පියතුම වෙහෙස දුරලන කවි                 කතාවා
දුක් දොම්නසට නුඹෙ හස වේ               ඉනාවා

බෝනික්කන්ට පණ ලැබිලා හඩනු         ඇසේ
සුරතල් හඩින් ඇසේවි නැලවිල්ලෙ         රසේ
නූපන් දුවේ මා ළය උණු කරන්            මෙසේ
නුඹ ඇයි පමා ඉඩ මදිවද මාගේ              කුසේ