සුප්‍රීම් සැට් සමාගම විසින් චන්ද්‍රිකා 3ක් යැවීමට බලාපොරොත්තුව.

එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා වන රොකට්ටුව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා.

රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

මේ අනුව චන්ද්‍රිකාවක් අයත් 45 වන රට ලංකාව වන අතර කලාපයේ 3 වන රටයි...