ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.


ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය ස
ේවාවන් වේ. 

මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා. 

මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, හොම්ග්කොන් , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි.

මෙම දත්ත මධ්‍යස්ථාන වලට ඉහල ආරක්ෂාවක් ලබාදී ඇති අතර එහි පිටත හෝ ඇතුලත මෙයට පෙර ජනතාව සඳහා විවෘත වී තිබුනේ නැහැ. නමුත් ස්ටීවන් ලෙවි විසින් Wired සඟරාවට ලියනු ලැබූ ලිපියකින් හා ගුගල් ස්ට්‍රීට් විව් තුලින් උතුරු කැරොලිනා හි දත්ත මධ්‍යස්ථානයෙහි ඇතුලත නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සමාගමේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය.

www.google.com/about/datacenters/

වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර් ..
දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.