නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012
ඇත්තටම ලෝක විනාශය මෙම වසරේදී සිදුවනවාද..?

ඔව්... නියත වශයෙන්ම 2012/12/21 වැනි කිවි දින ශ්‍රී ලංකා වේලාවෙන් ආසන්න වශයෙන් සවස තුන පමණ වන විට ලෝක විනාශය ආරම්භ වන බව දන්වා සිටිමි. ලෝකයේ අනිකුත් ප්‍රදේශයන්ටද එම වේලාවට සමගාමීව මෙම ලෝක විනාශය සිදු වන්නට නියමිතය. මෙය වැලැක්විය නොහැකි අනතුරකි.

එය සිදුවන්නේ කෙසේද..?

පෘතුවිය දෙසට ඇදී එන යෝධ ග්‍රහ වස්තුවක් පෘතුවිය හා ගැටීමෙන් එය සිදුවේ.

එසේ සිදුවන්නේ නම් මෙතෙක් කලක් එය අප නොදන්නේ ඇයි..?

පැහැදිලි ලෙසින්ම එය අපගෙන් සඟවා ඇති නිසා...

කවුරුන්ද එය සඟවා ඇත්තේ..?

ප්‍රධාන වශයෙන්ම මෙය සොයා ගත් අය විසින්... ඒ කියන්නේ ඇමරිකානු නාසා ආයතනය විසින්. මෙය සොයා ගනු ලැබුවේ නාසා ආයතනය යැයි කියූවත් ඇත්ත වශයෙන්ම ප්‍රථමයෙන්ම මෙය සොයා ගනු ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයක සිසුන් කණ්ඩායමක් විසිනි. ඔවුන් පසුගිය වර්ෂ කිහිපයක සිට සූර්යග්‍රහණ පිළිබඳව පර්යේෂණ කරමින් සිටි අවස්ථාවකදී මෙම ග්‍රහ වස්තුව පිළිබඳව සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීමෙන් පසුව මේ පිළිබඳව නාසා ආයතනය මගින් වැඩිදුරටත් සොයා ගෙන ඇත. මුලින් සඳහන් කල සිසුන් පිරිස මෙම ග්‍රහ වස්තුව ගැන සොයා ගත්තද එය පෘතුවිය හා ගැටෙන කතාවක් දැන සිට නොමැති අතර අළුත් හා තරමක් අසාමාන්‍ය ග්‍රහවස්තුවක් ලෙසින් පමණක් ඔවුන් එය වාර්ථා කොට ඇත. එහෙත් වැඩි දුර පර්යේෂණ වලදී මෙය නියත වශයෙන්ම පෘතුවිය හා ගැටෙන බවත් ඉන් ලෝකය විනාශ වී යන බවත් සොයාගෙන ඇත්තේ නාසා ආයතනයයි. ඉන් පසුව මේ ගැන ඇමරිකානු ධවල මන්දිරය දැනුවත් කොට ඇති අතර තීරණාත්මක සාකච්ඡා කිහිපයකට පසුව මෙම තත්වය කිසිදු ආකාරයකින් ලෝකයට නිරාවරණය නොකර සිටීමට ඔවුන් තීරණය කොට ඇත. එහෙයින් මෙම තත්වය සැඟවීමට ක්‍රියා කොට ඇත්තේ ඇමරිකානු ධවල මන්දිරය හා නාසා ආයතනය මඟින් බව පැහැදිලියි.

ඔවුන් එසේ මෙය සැඟවීමට හේතුව..?

හේතු කිහිපයක් විය හැකියි. ඉන් ප්‍රධානම දේ ජනතාව කලබලයට පත්වීම වැලැක්වීම විය හැකියි. මක් නිසාද යත් මෙය දැන ගත් වහාම ජනතාව අතර නොසන්සුන්තාවය වැඩි වීමට බොහෝ ඉඩ ඇත. ඒ හරහා ඇතිවන කැළඹීම් වලින් ජනතාව කැරලි ගැසීමටත්.. නීතිය හා ආරක්ෂණ ක්‍රම වේද බිඳ වැටීමටත් ඇති හැකියාව මත විය හැකියි. එසේ හදිසි තත්වයක් උද්ගත වූවහොත් ලෝක විනාශයට පෙරදීම ලෝකය විනාශ වීමට ඇති හැකියාව වැඩි බව කල්පනා කල හැක. එසේම එවැනි තත්වයක් මත මෙයින් මිදීමට හැකි මගක් සොයනවා වෙනුවට ඇතිවන අර්බුධ පාලනය කිරීමට වෙහෙසෙන්නට වීම මත තත්වය ජයගත හැකි මඟක් සොයාගත නොහැකි වීමට ඉඩ ඇත. එසේම තවත් ආකාරයකින් මෙම විනාශය නැවතීමට ක්‍රමයක් නොමැතිනම් දැනට මෙය දන්නා අය හෝ ලෝක විනාශයෙදී ආරක්ෂා වීමට ගත හැකි ආරක්ෂක වැඩ පිළිවෙලවල්වලට බාධා වීමක් ඒ හරහා විය හැකියි.. මෙවැනි කරුණු රාශියක් මත මෙය සැඟවීම සිදු වී ඇති බව කිව හැකිය. 

ඒ හැර විද්‍යාවට පමණක් ගරු කොට ඉපැරණි මායා ශිෂ්ඨාචාරයේ තාක්ෂණය ආදී දේ නොවැදගත් දේ ලෙසින් ඔවුන් කටයුතු කරගෙන ආ ක්‍රමය වැරදියි යන වග පිළිගැනීමට ඔවුන් තුල වූ අකමැත්තත් මෙයට යම් ආකාරයකින් හේතු උනා විය හැකිය.

මේ වන විට තත්වය කුමක්ද.. ලෝක විනාශය නැවැත්වීමට ඇමරිකාවටත් නාසා ආයතනයටත් නොහැකිද..?

ඔවුන් උත්සහ කොට තිබෙනවා... එහෙත් සියළු ගණනය කිරීම් වලට පසුව විද්‍යාඥයින් තීරණය කොට ඇත්තේ ඒ සඳහා කිසිදු උත්සහයක් දරා පලක් නොමැති බවයි.

මෙතෙක් කලක් විද්‍යාඥයින්ට සොයා ගැන්මට නොහැකි වූ එම ග්‍රහ වස්තුව කොහේ සිට පැමිණෙන්නක්ද..?

තරමක් බැරෑරුම් ප්‍රශ්නයක්.. එහෙත් සරල ලෙසින් මෙය පැහැදිලි කරනවා නම් එය මෙසේය... පෘතුවියේ විද්‍යාඥයින්ගේ දූර දක්න වලට (මෙහිදී පෘතුවිය මත පිහිටා ඇති හා අභ්‍යවකාශගත දුරදක්න යන සෑම දෙයක්ම අයත්ය) හසු වනවාට පිටින් මෙම ග්‍රහ වස්තුව තිබී ඇත. අපගේ පෘතුවිය සහිත මන්දාකිණියට පිටත වූ මන්දාකිනියකය... එය අපට ගණනය කල නොහැකි තරම් විශාල එකක් වන අතර හරියටම කිවහොත් එම විශාල මන්දාකිණියෙහි අංශුවක් තරම් වූ මන්දාකිණියක අපගේ මන්දාකිණිය පිහිටා ඇත... එම විශාල මන්දාකිණිය පාලනය වන බලයන් අපගේ මණ්දාකිණිය තුල පවතින තත්වයට වඩා වෙනස්ය.. අපේගේ පෘතුවිය හා ගැටෙන්නට එන මෙම විශාල ග්‍රහ වස්තුව එම විශාල මන්දාකිණියේ පවතින එකක් වන අතර එහි ගමන්මාර්ගයද වක්‍රාකාර එකකි.. නමුත් එහි වක්‍රය ඉතා විශාල බැවින් එය එක් වක්‍රයක් සම්පූර්ණ කිරීමට අධිකතර කාලයක් ගනී... එය අපගේ ග්‍රහ ලෝකය වැනි ග්‍රහ ලෝක ඇති වී නැතිවී යන කාලයටත් වඩා දිගු කලකි.. එහෙයින් මෙයට වසර කෝටි ප්‍රකෝටි ගණනකට කලින් එය අද අප සිටින තැනින් යන්නට ඇත. නැවත එය අප සිටිනා ස්ථානයෙන් යන්නට පැමිණෙන විට අපගේ ග්‍රහ ලෝකය කී වතාවක් ඇති වී නැතිවී ගියාදැයි කිව නොහැක. කෙසේ හෝ එය නැවත වරක් අප සිටිනා තැනින් ගමන් ගන්නට එයි.... එහි විශාලත්වය මත හා එහි සංයුතිය මත එය විනාශ කිරීමට හෝ ගමන් මාර්ගය වෙනස් කිරීමට අප හට නොහැක. තත්වය එසේය... අප අසරණ වී ඇත. කල හැකි යමක් නොමැත.

සම්පූර්ණ ලෝකයම විනාශ වී යයිද..? නැතිනම් කොටසක් හෝ ඉතිරි වේද..?

කිව නොහැකියි. එහෙත් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් පසුගිය වර්ෂ දෙක තුල මේ සඳහා හැකි තාක් සූදානම් වූ බව කිව හැක. ඒ අනුව ඉතිරි වෙතොත් ඒ ඉතිරි වන අයට අවශ්‍ය දේ සම්පාදනය කිරීමටත්... එම ගැටීම සිදුවන මොහොතේ හැකි උපරිම ආරක්ෂාවෙන් ආරක්ෂා වීමට යම් කිසි ආරක්ෂක ස්ථානයක් තැනීමටත් ඔවුන් කටයුතු කලා... ඒ පමණක් නොව පසුගිය ඇමරිකානු මැතිවරණය පවා ඒ සඳහා යොදාගත් රැවටීමක් පමණක් උනා. මන්ද යත් මේ මොහොතේ ආණ්ඩු වෙනසක් කිරීම ඔවුන්ගේ ආරක්ෂණ වැඩ පිළිවෙලට හානියක් නිසා. ඒ අනුව ඔවුන් ප්‍රදර්ශනාත්මක ජන්දයක් තබා තව දුරටත් ඔබාමා ඇතුලු රජයට දිගටම බලයේ සිටින්නට හැකි ලෙස ප්‍රතිඵල වෙනස් කොට පෙන්වූවා. මෙම මොහොතේ ජනාධිපතිවරයා වෙනස් කොට නව ජනපතිවරයෙකුට මුල සිට ඇති වී ඇති තත්වය ප්‍රකාශ කිරීම අසීරු බැවිනුත්.. ඔබාමා පැරදුනහොත් ඔහු මෙම රහස එළිකරන්නට ඇති ඉඩකඩත් මෙයට බලපෑවා. මොකද කිවහොත්.. දැනට සකස්කොට ඇති ආරක්ෂක ස්ථානයෙහි ජනපතිවරයාට මිස හිටපු ජනපතිවරයාට තැනක් නොමැති බැවිනි. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ ආරක්ෂක ස්ථානයට දෙසැම්බර් මස 20 වැනිදා වන විට ඇතුළු වී අවසන් වනු ඇති අතර ඇතැම් විට අවසාන දිනය තුලදී හෝ දෙක තුලදී තත්වය මුදා හැරීමටත් ඉඩ තිබෙයි.

එතකොට මායාවරුන්ගේ දින දර්ශනය හරිද..?

සීයට සීයක්ම... ඔවුන් නිවැරදියි. අවාසනාව මුළු ලෝකයක්ම ඔවුන්ට හිනා උනා.. අවමන් කලා.. අපහාස කලා.. එහෙත් අවසාන දිනයේදී හෝ ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් මෙය හෙලි කලහොත් වසර කිහිපයක සිට බැණුම් ඇසූ මායාවරුන්ට අවසන් දිනයේදී හෝ සිය ගරුත්වය නැවත ලැබෙනු ඇත. එම ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය.

ඔබ මෙම තත්වය හෙළිදරවු කරගත්තේ කෙසේද..? ඒ සඳහා ජ්‍යොතිෂය උදව් කරගත්තාද..?

ඔබට පිස්සුද? ජ්‍යෝතිෂයෙන් කැලිෆෝනියා සරසවි සිසුන් කරන කියන දේ පේනවාද..? ඇමරිකානු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම පේනවාද..? සකස් කර ඇති ආරක්ෂක ස්ථාන පේනවාද..? මෙය සොයා ගැනීමේදී ජ්‍යොතිෂයක් භාවිතා කරන්න උනේ නැහැ.

එසේනම්..?

මෙය දීර්ඝකාලීන උත්සහයක ප්‍රතිඵලයක්...

ඇත්තටම ඔබ කවුද..?

මමද..?  මම කවුරු කියලද ඔබ සිතන්නේ..?
මේක ලියනකොට මාරයාගේ හෝරාව හරියටම 11:28