ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයෙක් වගේම වන  Edinburgh’s විශ්වවිද්‍යාලයේ  mobile communications සම්බන්ද මහාචාර්ය කෙනෙක් වන  Harald Haas  විසින් සොයාගන්න ලද අලුත්ම තාක්ෂණික ක්‍රමයක් ගැන කියන්නයි හදන්නෙ. නමින් කිව්වොත් “smart lighting” kit .  මෙමඟින් හැකියාව තිබෙනවා දැනට පැවතින ආලෝක පද්ධති (existing lighting systems ) භාවිතා කරමින් දත්ත හුමාරු කර ගන්න. මෙමගින් තත්පරයකට megabits 50 කට වැඩි network speed එකක් රදවා ගන්නත් හැකියාව තිබෙනවා. දත්ත යැවීම සඳහා LEDs භාවිත කිරීමටත් දත්ත ලබා ගැනීම සඳහා photo-sensor භාවිත කිරීමටත් පර්යේෂකයින්ට හැකි වී තිබෙනවා. photo-sensor එක මඟින් අලෝකගේ අධිකත්වහි ( intensity of light) වෙනස් වීම ග්‍රහණය කරගැනීමටත් මිනිස් ඇසට හසු නොවන ආකාරයේ අධික වේගයකින් යුත් ආලෝක ධාරා මේ සදහා භාවිත කරන්නත් පර්යේෂකයින්ට හැකියාව ලැබිලා. තවත් විශේෂ දෙයක් තමයි මෙම තාක්ෂනය “Li-Fi” ලෙස නම් කිරීම.
Professional Engineering වාර්තා හෙළි කරන කරුණු අනුව මෙම wireless networking පද්ධතිය මගින් තත්පරයට  megabits 130 ක දට හුවමාරුවක් සිදු කරන්න පුළුවන්. වර්තමානයේ දී මෙම පර්යේෂණ කණ්ඩායම විද්‍යාගාරයක් තුල වෙහෙසෙන්නේ Li-Fi system එක මගින් තත්පරයට gigabit ප්‍රමාණයේ දත්ත හුවරු වේගයක් ලබා ගැනීම සඳහා සංවර්දනය කිරීමටයි.
TED talk (Technology Entertainment and Design) සම්මන්ත්‍රණයේදී Harald Haas  විසින් මෙහි මුලික දර්ශනය ඉදිරිපත් කළා. මෙහිදී desk lamp(retrofitted with the appropriate LED equipment) එකක් භාවිතයෙන්  HD movie එකක් සම්ප්‍රේෂණය කිරීමට ඔහුට හැකි වුණා. Haas  කියන විදිහට ඔහු බලාපොරොත්තු වෙනවලු මෙම තාක්ෂනය mobile devices සමග එකතු කරන්න. තවදුරටත් ඔහු කියා සිටියේ mobile devices එකෙහි ඇති camera ව දත්ත downloads සඳහා data port එකක් විදිහට ක්‍රියා කරවිය හැකි බවයි.

Wireless broadband වල අනාගතය වෙන්නේ  ”Li-Fi” කියල තමයි මට නම් හිතෙන්නේ. ලගදීම දවසක ඔයාල වැඩ කරන තැන තියෙන ආලෝක නිපදවන බල්බ මගින් නිකුත් වන ආලෝකයෙන් දත්ත හුමාරු කරන්න ඔයාලට පුළුවන් වෙයි. මදකට හිතල බලන්න යාලුවනේ තාක්ෂනය කියන දේ කොච්චර වේගයෙන් ඉදිරියට යනවද කියලා.