බැඳල අවුරුදු කීපයකට පස්සෙ එක සැමියෙකුට දැනුනලු තමන්ගෙ විවාහය අසාර්ථක බව. ඔහු තීරණය කළාලු කල් ඇර ඇර ඉන්නවට වඩා කෙළින්ම බිරිඳට ඒ ගැන කියල දික්කසාදයක් ඉල්ලන්න.
අන්තිමට කොහොම හරි හිතට ධෛර්යය උපදවාගන බිරිඳට කෙළින්ම කිව්වලු දික්කසාද විය යුතුමයි කියල. බිරිඳ ඇහුවලු “ඇයි“ කියල උත්තරයක් තිබිල නෑ ඒකට.
ඒ පුද්ගලයා ලියා තිබූ සටහනක ඔහුගෙ සිතිවිලි ගැන මේ විදිහට ලියවිලා තිබුනලු.
“මම මගෙ බිරිඳට කෙළින්ම කිව්වා අපිට එකට ඉන්න බැරි නිසා දික්කසාද වෙමු කියල. ඇය විරුද්ධ වුණේ නෑ. නිහතමානීව කැමති වුණා දික්කසාද වෙන්න. මගෙ ඉඩම්වලින්, බැංකුවෙ මුදල්වලින් මගෙ ධනයෙන් කොටසක් ඇයට ලියන බව කිව්වත් ඇය ඒ කිසිවක් ගානකට ගත්තෙ නෑ.
මේ වනවිට මගෙ හිත වෙනත් කෙනෙක් වෙත ඇදිල ගිහින් තිබුණෙ. දික්කසාද වෙලා ඇයව බඳින්නයි මම හිතාගන හිටියෙ.
පුදුමෙකට වගේ මගෙ බිරිඳ මගෙ හිත රිදෙන කිසි දෙයක් කිව්වෙ නෑ. ඇය දික්කසාදයට එකඟ වුණා. ඒත් ඇය එක ඉල්ලීමක් කළා.“මම මගෙ බිරිඳට කෙළින්ම කිව්වා අපිට එකට ඉන්න බැරි නිසා දික්කසාද වෙමු කියල. ඇය විරුද්ධ වුණේ නෑ. නිහතමානීව කැමති වුණා දික්කසාද වෙන්න. මගෙ ඉඩම්වලින්, බැංකුවෙ මුදල්වලින් මගෙ ධනයෙන් කොටසක් ඇයට ලියන බව කිව්වත් ඇය ඒ කිසිවක් ගානකට ගත්තෙ නෑ.
මේ වනවිට මගෙ හිත වෙනත් කෙනෙක් වෙත ඇදිල ගිහින් තිබුණෙ. දික්කසාද වෙලා ඇයව බඳින්නයි මම හිතාගන හිටියෙ.
පුදුමෙකට වගේ මගෙ බිරිඳ මගෙ හිත රිදෙන කිසි දෙයක් කිව්වෙ නෑ. ඇය දික්කසාදයට එකඟ වුණා. ඒත් ඇය එක ඉල්ලීමක් කළා.
“දරුව තාම ‍පොඩියි අපි දෙන්න දෙපැත්තට වෙලා ඉන්නකොට දරුවගෙ මනසට ඒක ගොඩක් බලපානව. ඒ නිසා අපි දෙන්න වෙනද වගේම බොරුවට හරි එකට ඉමු. බැඳපු මුල් දිනවල ඔයා මගෙ නළල සිපල වැඩට ගියා වගේ දරුවට පේන්න ඔයා මගෙ නළල සිපගන්න. මට ඒ ඇති. මට ඔයාගෙන් වෙන කිසිම දෙයක් එපා…”
පුතාව සතුටින් තියන්න ඕන හින්ද අකමැත්තෙන් හරි බොරු රඟපෑමක් කරන්න ඒ පුද්ගලයා එකඟ වෙලා තියෙනව.
හැමදාම වැඩට යද්දි පුතාවයි බිරිඳවයි දෙන්නම සිපගෙන පිටත්වෙලා යන එක පුරුද්දක් කරගත්තලු. හැබැයි ඒ දරුවට පේන්න.
බිරිඳගෙ නළල සිපගනිද්දි දරුවා අත්පුඩි ගැහැව්වලු සතුටින්. පී්‍රතිමත් යුග දිවියක් ගෙවන බව දරුවාට දැනෙන විදිහට තමයි හැමදේම කරල තියෙන්නෙ.
“දවසින් දවස බිරිඳ කෙට්ටු වුණා. ඇඳුම් සේරම ඇයට පුංචි වුණා. ඉතා ඉක්මණින් බිරිඳව දික්කසාද කරන හින්ද මම ඇයව සිපගත්තෙ බොරුවට.
ඒත් සමහර දවස්වල මම ඇයව ආදරෙන් හිස අතගාල වැඩට යද්දි මට අපේ පැරණි සිතුවිලි මතක් වුණා. ආදර හැඟුම් ටිකක් ආයෙත් මතුවුණා. ඇත්තටම හරිම පුදුමයි. මට අවුරුදු ගණනාවකට හිතපු නැති විදිහෙ ආදර හැඟුමන් ඇතිවුණා. ඇයව හිස අත ගාල සිපගනිද්දි.
මෙච්චර කලක් ඒ හැඟීම් මට ඇතිවෙලා නැත්තෙ මගෙ කිසිම උනන්දුවක් නැතිකම නිසා”
එක දවසක් මම කාර්යාලයෙ වැඩක යෙදිල ඉන්න ගමන් දිගින් දිගටම කල්පනා කළා අපේ විවාහය ගැන. ඇයව මට එපා වුණේ ඇයි? දික්කසාද කරන්න හිතුණෙ ඇයි? එතකොට මට තේරුණා පිළිතුර.
මම පුංචි පුංචි දේවල්වලට අවධානය දීලම නෑ. ජීවිතය ගතකරන්න පිම්මෙ දිව්ව මිසක් පී්‍රතිමත් විවාහයකට අවශ්‍ය පුංචි දේවල් ගැන මම කල්පනා කරල නෑ… ඒ හින්ද මං හිතුව නැවත වරක් බිරිඳ ගැන ආදරෙන් හිතන්න…
දවසක් මෙහෙම කල්පනා කරද්දි ඔහුට හැඟුනලු දික්කසාද කරන්නෙ නෑමයි කියල.
ඒ පුද්ගලය ගිහින් මල් ‍පොකුරක් සල්ලිවලට අරගන ගියාලු බිරිඳගෙ කාමරේට. ඒ මල් ‍පොකුර දීල විවාහය අලුත් කරගන සතුටින් ඉන්නව කියල ඔහු හිතුවලු.
ඒත් ඔහුට ඒ වාසනාව ලැබිල නෑ. කාමරේට යද්දි බිරිඳ මිය ගිහින්.
පසුව ඇයගෙ දින‍පොතක යමක් සටහන් කරල තිබිල සැමියා කියවල තියෙනව.
බිරිඳ පිළිකාවකින් පෙළෙමින් ඉඳල තියෙන්නෙ. මැරෙන බව ඇය දැනගන ඉඳල තියනවා. ඒත් මැරෙන තුරු ආදර්ශමත් විවාහ දිවියක් ගත කළා කියල එයාගෙ දරුවට ඒත්තුගන්වන්නයි අවශ්‍ය වෙලා තියෙන්නෙ.
“අපේ දරුව අපි ගැන පැහැදීමකින් ඉඳල තියෙන්න. එයා හිතල තියෙන්නෙ අපි ආදරෙන් ඉන්නව කියල. අඩුම ගානෙ බිරිඳ මිය යන තුරුත් මම ඉතා අවංක සැමියෙක් විදිහටයි අපේ දරුව හිතාගන ඉඳල තියෙන්න…”
මේ පුංචි කතාවෙන් කරුණු දෙකක් අපිට පෙන්නා දෙනව.
එකක්, විවාහ වුණු දෙදෙනෙක් ඒ අය තමන්ගෙ දරුවන්ට දෙන්නෙ මොන වගේ ආදර්ශයක්ද කියන එක හරිම වැදගත්. දරුවො දෙමාපියන්ව තේරුම්ගන්නෙ එයාල දකින අහන දේවල්වලින්. ඒ නිසා දරුවන් ඉතා සූක්ෂමව තමන්ව අගයන නිසා, ප්‍රවේශමෙන් කටයුතු කිරීම වැදගත් බව මතක තියාගන්න.
අනිත් කරුණ තමයි ජීවිතයේ පුංචි පුංචි දේවලට වටිනාකමක් දීම.
බිරිඳගෙ හිස ටිකක් අතගාද්දි ලොකු සෙනෙහසක් දැනෙනව. අදහස් හුවමාරු කරගනිද්දි පුංචි පුංචි දේ ගැන සැලකිලිමත්ව, උචිත විදිහෙ ලෙන්ගතුකමක් පෙන්වීම වටිනව.
මිනිස්සු යකඩ රොබෝ වරු නෙමේ. හැඟීම් සිතුම් පැතුම් තමයි වැඩි හරියක්ම විවාහයක් සාර්ථක කරන්න හෝ විනාශකරන්න දායක වෙන්නෙ.
ඒ නිසා පුංචි පුංචි දේට ඔබේ විවාහ ජීවිතයේ ඉහළ වටිනාකමක් දෙන්න. එක රොත්තට අපිට සතුට ලැබෙන්නෙ නෑ. ටිකින් ටික පුංචි පුංචි දේ ගැන උනන්දුවෙන් කටයුතු කිරීමෙන් තමයි සතුට ලැබෙන්නෙ.
එදිනෙදා ජීවිතයේ පුංචි පුංචි දේ තුළින් ඔබට පුළුවන් ඔබේ සැමියාව/ බිරිඳව සතුටින් තියන්න. ඒ නිසා පුංචි දේකින් හැමදාම ඔබගේ බිරිඳ/ සැමියා සතුටුකරවන්න උනන්දුවෙන්න. ඔබේ මුළු විවාහයම සතුටින් පිරී යනවා නොඅනුමානයි.
මයිකල් ඇන්ජලෝ ප්‍රනාන්දු
උපුටා ගැනීම ලක්බිම පුවත් පත.