මෙන්න ඒ අපුරු ටෙලි වෘතාන්තය පිළිබද තොරතුරු බිදක්..

දිලිදු පව්ලක උපත ලබා නොයෙකුත් බාදක මද උත්සාහයෙන් කටයුතු කර
දියුණුවට පත්වන කාන්තාවකගේ අපුරු කතාවක් කියවෙන ජපන් ටෙලිනාට්‍යක් වූ ඔෂින් 1980 දශකයේ ටයිටස්තොටවත්තයන්ගේ හඩ කැවීම්
ලෙසේ මුලින්ම රුපවාහිනියේ ඉදිරිපත් වුණා.මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය වන ඔස්හින්ගේ ළමා තරුණ හා වැඩිහිටි කාල තුනටම පන පොවන්නට නිලියන් තිදෙනෙක් යොදාගෙන තිබුණා.

1980 වර්ෂයේ නිර්මාණය වූ ඔෂින් චරිතයේ ළමා කාලය 1972 ටෝකියෝවේ උපන් අයාකි කොබයාසිනම් ළමා චරිතය නිරුපනය කල අතර එවකට අට හැවිරිදි ඇය දැන් 40 හැවිරිදි කනතාවකි. ඔෂින් ගේ තරුණ චරිතයට යොදා ගත් තරුණිය යුකෝ ටනකා නම් 25 හැවිරිදි වියේ දී ඔෂින් චරිතයට පන පෙවූ අතර දැන් ඇයට වයස 57 කි. ඔෂින් ගේ මහලු චරිතය පන පෙවූ නොබෝකි ඔටෝවායා නම් කාන්තාව දැන් ජිවතුන් අතර නැත.ඇය 1925 උපත ලට් ඇය 1994 දී මියගොස් ඇත.

ජපනයම ප්‍රෝබෝධයට පත් කල මේ ඔෂින් ටෙලි නාට්‍ය පෙන්වීමට මුලින් නාලිකාවක් සොයාගැනීමට මහත් අපහසු වී තිබේ.එය දේශපාලන ප්‍රශ්නක් නිසයි.සමාජ අසාධාරණ පිළිබධ කියෙවන නිසා නාලිකා තුලින් එය ප්‍රතික්ෂේප කෙරී ඇත.මේ කතාව පදනම් වී තිබුනේ ජපානයේ සුප්‍රකට සුපර්මාර්කට ජාලයක හිමිකරු වටාය,ඔෂින් කතාවේ හැටියට දුක් කම්කටලු ජයගෙන ඔෂින් මේ සුපර්මාර්කට් ජලයේ හිමි කරු වේ.

යඔහාන් නම් මේ සුපර්මාර්කට ජාලය සුප්‍රසිද්ද රටවල් 16 ක ශාඛා ඉදිවී තිබුණා.මෙහි සත්‍ය හිමිකාරිය කාට්සු වාඩා නමැත්තියයි. ඇය මිය ගිය පසු එහි හිමිකාරිත්වය තම පුතුට භාර දුන් අතර ඉන් පසු ඔහු ගේ පලන්නයෙන් ව්‍යාපාරය පිරිහී 1998 වර්ෂයේ මේ ව්‍යාපාර ජාලයම බංකොලොත් විය.නය පියව ගැනීමට නොහැකිව එය වෙනත් කෙනෙකුට විකිනීමට සිදු වී ඇත.

රටවල් 58 ක පෙන්වන ලැබුණු මේ ඔෂින් ටෙලි වෘතන්තියේ සාර්ථකත්වය නිසාම දැන් මෙය සිනමා පටයකටද හැරවීමට වැඩ කටයුතු ආරම්භ කර ඇත.එය කිසිදු පරණ නළු නිලියෙකු සම්බන්ධ කරගෙනද නැත.