අලුත් වැස්සක් .....

අද මෙහෙ පුදම වැස්සක් වැහැල පැව්වේ මුළු පරිසරේම සීතලයි.............හදවත අලුත් කරනවා වගේ ඔහොම ඉන්නකොට මට ලස්සන කතාවක් මතක් උනා

මේ සිද්දිය මම උසස් පෙළ ජෙනරල් ඉන්ග්ලිෂ් ටියුෂන් පන්තියේ මගේ මිතුරියෝ දෙදෙනෙකුගේ කතාවක්....අපේ ජෙනරල් ඉන්ග්ලිෂ් පන්තියට එනවා..එතන ඉන්නවා .මගේ හොදම මිතුරන් කණ්ඩායමට අයත්වෙන මගේ හොදම මිතුරියක් අපි එයාට වෙන නමක් විදිහට කල්පනී කියමු ............කල්පනී ගැණු පිරිමි භේදයක් නැ හැමෝම එක්ක එකවගේ කතා කරනවා ....කොල්ලන්ට ග
ොඩක් උදව් කරනවා ....හරිම සාහිත්‍යශීලි කෙල්ලෙක්.......කොටින්ම කිවොත් හොදම යාළුවන්ගෙත් හොදම යාලුවෝ වගේ .......අපේ පෞද්ගලික ප්‍රශ්නත් එයාගේ ගොඩක් රහස් .. ප්‍රශ්නත් ...එයා මට කියනවා ..ඉතින් මෙයත් එක්ක පන්ති එනවා මෙයාගේ යාලුවෙක් රශ්මිලා කියලා එයත් අපි එක්ක හොදට කතා කරනවා ....ඉතින් දවසක් අපි කල්පනිගෙන් ඇහුවා උඹට කොල්ලෙක් දාල දෙන්නද බන් කියලා ...ඒ ගමන මෙකි ටික වෙලාවක් කතා නොකර ඉඳලා..මට කිවා මට අනේ ආපහු කොල්ලෝ එපා බන් කියලා මම ඇහුවා....
ආහා ...එහෙනම් කල්පනිටත් කොල්ලෙක් ඉඳලා තියෙනවා ආ.....කියලා
මම ඇහුවා මොකෝ බන් කොල්ලට උනේ කියලා ඇහුවා......
ඒ ගමන මම දැක්කා කල්පනිත් එක්ක එකට අපේ පන්ති එන රශ්මිලා මුණ පොඩ්ඩක් වෙනස් වෙනවා...එත් මම එක අහන්න ගියේ නෑ මම ඒ වෙනුවට කියපන්කො කතාව කියලා තව ටිකක් බල කලා......
ඒ ගමන කල්පනා මට කිවා දැන් කියන්න බෑ ඔයි පස්සේ අපි sms ගහන වෙලාවක කියන්නම්කො කියලා ......එත් එදා හවස මම ඔය ගැන අහල කල්පනිට sms එකක් දැම්මට එයා ඒ ගැන කිවේ නැ...අපි බ්‍රහස්පතින්දා හවස පන්ති ඉවර වෙලා වෙලේ පාරෙන් එනකොට කියන්නම්කො කිවා .....මම හා කියලා sms එකක් දැම්මා..පස්සේ බ්‍රහස්පතින්දා පන්ති ඉවර වෙලා ඇහුවා දැන්වත් කියපන්කො මොකක්ද බන් කතාව කියලා ඒ ගමන එයා මට කතාව කිවා ...එක ගොඩක් දිගයි කෙටියෙන්ම කිවොත් එයා යාළුවෙලා ඉදලා තියෙන්නේ එයාලගේ අල්ලපු පාරේ හිටපු සුදේශ් කියලා කොල්ලෙක් එක්ක......මේ දෙන්නා ගොඩක් ආදරෙන් ඉඳලා තියෙනවා .....පස්සේ ගෙදරින් ආපු කරදර නිසා මෙයට එක නවත්වන්න වෙලා තියෙනවා (දැන් සුදේශ් නාවික හමුදාවේ සේවයට ගිහින් ඉන්නේ )
එත් මට මෙයා ගොඩක් දුක හිතුන කතාවක් කිවා ඒ මෙයාගේ ආදරය ගෙදරට අසුවුන හැටි.....
මම කලිනුත් කීවානේ මෙයාගේ හොදම යාළුවා රශ්මිලා කියලා කල්පනී ඒ දවස් වල රශ්මිලට නොකියපු රහසක් නැ...ඒ තරම් විශ්වසෙන් තමයි දෙන්නා ඉඳලා තියෙන්නේ එත් ..රශ්මිලා ..කල්පනිගේ ආදර සම්බන්දය කඩන්න කල්පනිගෙන් උත්සහ කරලා තියෙනවා ...මට මේක කිවම අදහගන්න බැරිවුනා මොකෝ මේ දෙන්නා හැසිරෙන්නේ හොදම මිතුරියන් වගේ නිසා....
කල්පනී සුදේශ් අයියා සමග යාළුවෙලා සිටින කාලයේදී දිනක් රශ්මිලා ඇයට මගහැරුණු සටහන් වගයක් ලියාගැනීමට අවශ්‍යයි කියලා කල්පනිගේ පොතක් රැගෙන ගොස් ගිහින් තියෙනවා.....කල්පනී රැගෙන යාමට පෙර රශ්මිලාට පවසලා තියෙනවා .....ඔයා ඔය පොත අරන් යන්න ඔකේ මට සුදේශ් අයියා දුන්නු ලියුමක් ඇති එක මැද පිටුවේ තියෙන්නේ බලාගෙන වැටෙයි කියලා ......
කල්පනී මෙම ලිපියක් සහිත පොත රශ්මිලාට දුන්නේ ඇති යාලුකමටත් දැඩි විශ්වාසයක් නිසාය එහෙත් රශ්මිලා පොත ඉල්ලාගෙන ගොස් කල්පනිගෙන් පලිගැනීමට ඕනෑ කමට .පොත කලප්නිගේ අතට නොදී කල්පනී නැති දවසක් බලා ...සුදේශ් අයියා දුන් ..ලියුම පොතේ ඉදිරි පිටුවෙන්ම තබා කල්පනිගේ මවට ලබාදුන්නේය පසුව මෙය දුටු කල්පනිගේ මව කල්පනිටත් රහසින් රශ්මිලාගෙන් මේ ගැන අසා ඇත රශ්මිලා අකුරක් නැර සියලුම විස්තරය කල්පනිගේ මවට පවසා ඇත්තේ තමාගේ හොදම මිතුරියක් අමාරුවේ වැටෙනවා බලාසිටීමට නොහැකි බව පවසමින්ය ...(එහෙත් මම දන්නා පරිදි සුදේශ් ඉතාමත් දක්ෂ ක්‍රියාශීලි මත්ද්‍රවයට ඇබ්බැහි නොවූ කොල්ලෙකි මා ඔහු සමග සරුංගල් ඇරීමට ගොස් ඇත )...........එදින හවස කල්පනී පල්ලියේ පුජාවට යාමට රශ්මිලාට කතා කලවිට හිසේ රුදාවක් බව පවසා රශ්මිලා කල්පනී සමග පුජාවට යාම මගහැර තිබේ පසුව ...පුජාව අවසාන වී නැවත ගෙදර පැමිණි කල්පනිට ගෙදරින් මහා බැනුම් සහ ගුටි වරුෂාවකට මුහුණ දෙන්නට විය ....ඉන්පසු මෙම සම්බන්දය නැවැත්වීමට නොහැකි තැන කල්පනිගේ අයියා සුදේශ් කැඳවා සුදේශ් ඉදිරියේ කල්පනිට පහර දී තිබේ ...මෙවැනි වඳ බන්දන දිනෙන් දින වැඩිවුන නිසා මෙයා බලා සිටීමට නොහැකි නිසා සුදේශ් සහ කල්පනී ප්‍රේම සම්බන්දය නවත්වා තිබේ ඉන්පසු සුදේශ් සිය මවගේ නිවාස ඔහුගේ නෑයෙකුට භාර දී කෑගල්ලට පදිංචියට ගොස් නාවික හමුදාවට බැදුණි...............කල්පනී රශ්මිලාට කලා වරදකුත් නොමැත......රශ්මිලාටද කඩවත පැත්තෙන් කොල්ලෙකු සිටියි එහෙත් රශ්මිලා .........කල්පනී සුදේශ් අයියා සමග යාලුවී සිටින අලුත පවා එයා විනශ කිරීමට කුමන්ත්‍රණ කර ඇත ......වරෙක කල්පනිට තවත් ප්‍රේම සම්බන්දයක් ඇතිබව කියා සුදේශ් අයියට බොරු කියා ඇත............

එහෙත් මෙම කතාවේ නියම කරුණ වන්නේ මේ සියල්ල පිටුපස සිටියේ රශ්මිලා බව ගෙදර අය නොපැවසුවත් කල්පනී එය දැනගෙනත් රශ්මිලාට එය නොදන්නා ලෙස රගපැමයි.....

මම දිනක් රශ්මිලගේ තව තොරතුරු මොනවාද කියා විමසු විට ඇය මට ලස්සන කතා ටිකක් මට sms කර තිබුණි එයා කෙටියෙන්ම කිවොත් මෙසේය......
මම මේවා උඹට කිවොත් මම බලු කෙල්ලෙක් වෙනවා..එත් උබ මගේ අයියා වගේ කොහොමත් එහෙමනේ උබලගේ අම්මයි අපේ අම්මයි එක ඉස්කෝලේ එක පන්තියේ යාළුවොනේ .....මේකයි රශ්මිලා කියන්නේ හොද කෙල්ලෙක් නෙවෙයි ...එයා කොල්ලෝ එක්ක යාළුවෙලා පොකට් එක එවර වෙනකම් හින්දලා.....ගෙදරින් කෙස් කියලා කොල්ලන්ට බුට් තියෙනවා ...උඹට මතකද අපි ට්‍රිප් එක ගිය දවසේ එකී ෆොටෝ ගහපු ඩිජිටල් කෑම් එක ඕකත් ගනේමුල්ලේ කොල්ලෙක් එක්ක යාළුවෙලා උගෙන් කඩාගත්ත එකක් ඔය වගේම වැඩක් අපේ පන්තියේ එකෙකුටත් කලා පව් බන් උ සිරාමයි ඕකිට ලව් කලේ ඕකි උටත් බුට් තිබ්බා ....මම නම් මගේ යාලුවෙක්ටවත් ඕකිව යාලු කරන්නේ නෑ.....දැන් මෙතන යන්නේ ඩබල් ගේමක් අන්ජු අපේ පන්තියේ ආකාශ්(අපට ජෙනරල් ඉන්ග්ලිෂ් පන්ති කරන ගුරුවරයාගේ බාල සහෝදරයා ඔහුද අප වයසේය ) එක්ක රශ්මිලා තියෙන්නේ මට පෙන්නේ යාළුකමට වඩා වැඩි දෙයක්......ඒ මදිවට අර කලින් හිටපු කඩවත කොල්ලාගේ යාලුවෙක් එක්කත් යාළුවෙලා ඉන්නේ කිවා..............

දැන් කල්පනිට යෝජිත විවාහයක් නිවෙසින් කතාකර තිබේ එහෙත් තාමත් කල්පනී රශ්මිලා තවමත් මිතුරියන් සේ ආශ්‍රය කරයි ඇත්තටම එය දකින අය දකින්නේ කල්‍යාණ මිතුදමක් ලෙසය එහෙත් දෙදෙනාගේම සිත් තුල අළු යට ගිනි ඇත ...

දිනක් මම මේ පිළිබඳව කල්පනිට කිවේ ....බලාගෙන කල්පනියෝ ඕකි උබේ ඔය ලව් එකත් කඩන්න හදයි පරිස්සම් වෙයන් කියලා ඒ ගමන කපනි ඉතාමත් ලස්සන දෙයක් මට sms කර තිබිණි ........
පිස්සුද බන් රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැ මම .....මම දැන් සතා දැනගෙන ආශ්‍රය කරනවා අර බයිබලේ තියෙන්නේ

""ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න; පිපාස නම් බොන්න වතුර ටිකක් දෙන්න; මෙසේ හිස ගිනි ගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලැජ්ජාවකින් දැවීමට සලසනු ඇත. සමිදුන් ඔබට විපාක දෙනු ඇත.""
කියලා අන්න ඒ වගේ ඕකිට දැනෙන්න උදව් කරනවා එතකොට හිතින් විඳවයිනේ ඕකි හොදට...සිරාවට ඇයි බන් මෙහෙම මගෙන් පළිගන්න හදන්නේ මගෙන් කිසි වරදක් වෙලා නැනේ ඕකිට බන්.......ඔකිගේ එකපාරක් ලව් එකක් මට්ටු වෙලා මමයි හෙන ගේමක් දීල බේරාගත්තේ ඕකිට දුන්න ලියුම් ටිකයි සිම් එකයි අපේ ගෙදර හංගගෙන තියාගෙන ඉදලා නැත්නම් මේකිව එදා එල්ලනවා උන්ගේ තාත්තා .
මොනා උනත් මම පින් කරලා තියෙනවා උබයි විජ්ජායි(විජය) ඉන්න එකනම් ලොකු හයියක් බන් උබලා හරියට මගේම අයියලා වගේ බන් අනේ බන් උබලත් මව උබලා මගේම නංගි කෙනෙක් වගේ බලාගනින් එක මට ලොකු හයියක් බන් මට .....................කියා ඇය කිවේය

කෙසේහෝ කල්පනී සහ රශ්මිලා තවමත් කල්‍යාණ මිතුරෝ ලෙස දකින අයට පෙනේ එහෙත් සැබෑ කතාව දන්නේ මා හා විජ්ජා පමණි......

මෙවැනි මිතුරු වෙසින් සිටින හතුරන් ඔබටද මුණගැසී හමුවී ඇති කියා මම විශ්වාස කරමි .............

(නම් පමණක් මනස්කල්පිතයි )