යියෙන් වහිනකොට එ වැස්‌ස දිහා බලන් ඉන්න මම ඉස්‌සර ඉදන්ම ආසයි,අදත් වහිනවා මේ වැස්‌ස මාව අතිතයට අරගෙන ගියේ මටත් නොදැනිමයි. මගේ නම දනුක මගෙ ගම පාදුක්‌ක,අපේ තාත්තා මහලොකු සල්ලි කාරයෙක්‌ නොව්නට ගමේ අනිත් අයට වඩා වතු,පිටි ටිකක්‌ වැඩිපුර අපිට තිබු
නා.


මම A/L කරන කාලේ අපේ ඉස්‌්‍යකොලේට A/L කරන්න ලස්‌සන කෙල්ලෙක්‌ ආවා,නම දනුශි කෙල්ල ගොඩක්‌ ලස්‌සන උනාට ගොඩාක්‌ දුප්පත්,මුලින් අපි අතර ගොඩාක්‌ හොද යාලු කමක්‌ ඇතිවෙලා පස්‌ සෙ එක ආදරයකට පෙරලුනා,ඒ දවස්‌ තමයි මම සතුටින්ම හිටිය දවස්‌,එත් එක දිගට දනුශි සතියක්‌ම පාසල් අවෙ නැහැ,මුලින් මම හිතුවේ අසනිපයක්‌ කියලා


පස්‌සෙ තමයි දැනගත්තේ දනුශි අයේ කවදාවත් පාසල් එන්නෙ නැහැ කියලා,දනුශිලාගේ තාත්තා හිටියේ ලෙඩ ඇදේ,අම්මටත් ඒ හැටි සනිපයක්‌ තිබුනේ නැහැ,එයාලගේ අයියා තමයි හැම වියදමක්‌ම කලේ,ඉතින් තවත් අයියට කරදර කරන්න බැරි නිසා එයා ගෙදර නැවතිලා,ගාමන්ට්‌ එකක රස්‌සාවට යන්න ඉදලා තිබුනේ


දනුශිට හොදට ඉගනගන්න පුලුවන් එයගේ හිතේ තිබුන එකම හිනය කවදා හරි හොදට ඉගනගෙන දොස්‌තර කෙනෙක්‌ වෙලා තාත්තාව සනිප කරගන්න,එත් එ හිනය බොදවෙලා යන්න යන්නේ කියලා මට දනුශි අඩ,අඩා කියද්දි,මගේ ලොකේත් කඩාගෙන වැටෙන්න යන්නෙ කියලා මට හිතුනා.


මට ඔනේ උනා එයාගේ හිනය කොහොම හරි සැබැ කරන්න,ගෙදරටත් හොරෙන් ආමී එකට මම ඉල්ලුම් පත්‍ර්යක්‌ දැම්මා ඒදා මම ගත්ත තිරනය වැරදි ඇති එත් වෙන දෙයක්‌ ගැන මට හිතුනේ නැහැ.


මට ගෙදරින් කැමැත්ත ගන්න ගොඩක්‌ අමාරු උනා,අන්තිමට එ දෙන්නත් කැමතියි උනා,මට ට්‍ර්නින් වලට යන්න තියන දවසට කලින් දවසේ දනුශිව හම්බවෙලා මම කිව්වා ඔයා දිගටම ඉගනගන්න මම වියදම් කරන්නම් කියලා,මම යන්න හදද්දී එයා මගේ කකුල් දෙක අල්ලා වැදලා ගොඩාක්‌ වෙලා ඇඩුවා මහත්තයෝ ඔයා මේ කරන පිනම ඇති ඔයාට නිවන් දකින්න මම යන්න හදද්දි දනුශි අයේ කිව්වා මට හොදට මතකයි,මාස 6ක්‌ ට්‍ර්නින් එක හිතුවට වඩා ගොඩාක්‌ අමාරු උනා එත් එ හැමදෙම මම දනුශි නිසා හරි ආදරෙන් විදගත්තා හිටපු කොල්ලො ගොඩක්‌ කිව්වෙ කෙල්ලෙක්‌ හින්දා මට පිස්‌සු හැදිලා කියලා,එත් එක පිස්‌සුවක්‌ නෙමේ,කාලයත් එක්‌කම මගේ ට්‍ර්නින් එකත් ඉවර උනා මුලින්ම මට රාජකරි කරන්න තිබුනේ යාපනේ එත් ඉට කලින් මට සතියක්‌ නිවාඩු තිබුනා එ සතිය පුරාම දනුශි පුලුවන් හැම වෙලාවෙම මන් ලග හිටියා


නිවඩු ඉවර වෙලා මම යන දවසේ දනුශි ගොඩාක්‌ වෙලා ඇඩුවා,පුලුවන් හැම වෙලාවෙම දනුශි මට ලිව්ම් එව්වා,එක දවසක්‌ එවපු එ ලිව්මක තමයි තිබුනේ එයා A/L ඉහලින්ම පාස්‌ කියලා මම Camp එකෙ හිටිය මගේ යලුවෝ හැමොටම එ ලිව්ම පෙන්නුවා


දනුශි තෙරුනේ පෙරාදෙනිය කැම්පස්‌ එකට එයා විතරක්‌ නෙමෙ එයාගේ හොදම යාලුවා නිලන්ති තෙරිලා තිබුනෙත් එහෙට එක මගේ හිතට ගොඩාක්‌ සැනසිමක්‌ උනා දන්න කියන කෙනෙක්‌ මගෙ මැනික ලග ඉන්න නිසා


ඊට පස්‌සෙ මම පුලුවන් හැම වෙලාවෙම යාපනේ ඉදන් නුවර ආවා දනුශිව බලන්න,මම පුංචි ෆොන් එකකුත් අරන් දිලා තිබුනේ මම නුවරට අවිත් කෝල් කරහම පුලුවන් ඉක්‌මනට එයා ආවා මාව බලන්න නුවර හැම තැනම අපි ඇවිද්දා හරි ලස්‌සනයි ඒ දවස්‌


කාලයක්‌ එහෙම අපි හම්බ වෙලා දනුශි මාත් එක්‌ක ඉන්නකොට එයාගේ ෆෝන් එකට නිතර කෝල් ආවා මුලින් මම හිතුවේ යාලුවෙක්‌ කියලත් එ හැම කෝල් එකක්‌ම answer කලේ මගෙන් ඇතට ගිහිලා


මම දනුශිව සැක නොකලේ ඒ තරම්ම දනුශි මට ආදරය කල නිසා,එත් මගෙ ජීවිතෙට කන කොකා අඩන්න වැඩි කාලයක්‌ ගියේ නැහැ,මට හොදට මතකයි ඒ දවස ඒ මගේ උපන් දිනය දවස අදටත් මම මගේ උපන් දිනය සමරන්නෙ නැහැ ඒ සිදිදිය නිසා


එදත් මම නුවරට ඇවිත් දනුශිට කෝල් කලා එයා එදා ආවේ ගොඩක්‌ පරක්‌කු වෙලා ඒ අවෙත් තනියම නෙමෙ තව කොල්ලෙක්‌ එක්‌ක කාර් එකක මුලින් මම හිතුවේ යලුවෙක්‌ කියලා,එත් එයා මන් ලගට ඇවිලා කියපු දෙවල් වලට මගේ ඇස්‌ වලට කදුලු එන එක නවත්ත ගන්න මට බැරි උනා


එයා මන් ලගට ඇවිත් කිව්වේ එයාට මන් ගැන සහොදරයෙක්‌ට වගේ ආදරයක්‌ ඇරෙන්න වෙන දෙයක්‌ හිතෙන්නෙ නැහැ කියලා,එත් එයා ඒ කිව්වෙ බොරුවක්‌ නිසා මම අපි ඉස්‌සර ආදරය කල හැටි මතක්‌ කරලා දුන්නා,මම එහෙම කියද්දි එය කිව්ව දෙඉන් මම ගොඩක්‌ අසරණ උනා ඒ වගෙම මට මන් ගැනම ගොඩාක්‌ දුක හිතුනා ,එයා කිව්වෙ ලගදිම එයා දොස්‌තර කෙනෙක්‌ වෙනවා ඉති එයාට මන් වගෙ නිකන්ම නිකම් ආමී කරයෙක්‌ ගැලපෙන්නෙ නැහැ කියලා.මම marry කරන්න ඉන්නෙ අරයව කියලා ලග හිටිය කොල්ලව පෙන්නුවා එහෙම කියලා එයා අර කොල්ලත් එක්‌ක කාර් එකෙ නැගලා යන්න ගියා,මම නිකම්ම නිකම් ආමී කරයෙක්‌ තමයි එත් මේ ආමී කාරයා ලග කාගාවවත් නැති තරම් ආදරයක්‌ තියනවා කියලා කියා ගන්න මට එදා බැරි උනා. ඇත්තටම මම ආමී කාරයෙක්‌ උනාට පුංචි දේටත් උණු වෙන හිතක්‌ මට තිබුනා,මම අයේ camp එකට එනකම්ම බස්‌ එකෙ මුල්ලකට වෙලා අඩ අඩා ආවේ,මට හිත හදා ගන්න ගොඩාක්‌ අමරු උනා,අසෙල තමයි මගේ හිත හදපු හොදම යලුවා,නිවාඩුවටවත් මම ගමේ ගියෙ නැහැ මම ගියේ අසෙලලාගෙ ගෙදර ඒ නොගියේ මට දනුශිව මතක්‌ වෙන නිසාමයි


ඔහොම අව්්‍යරුදු 3ක්‌ විතර ගෙව්නා,දනුශි ගැන කිසිම ආරංචියක්‌ මට දැනගන්න ලැබුනෙ නැහැ එත් සිද්ද වෙච්ච හැමදෙම අද ඊයේ වගේ,ඔය කාලේදි තමයි L.t.t.e එකෙන් අපෙ camp එකට ඇටැක්‌ කලේ එදා රැ මම diuty හිට්‌යේ main gate එකෙ එක දිගට කොටි අපිට වෙඩී තියන්න ගත්ත කොහෙන්ද වෙඩි තියන්නෙ කියලා හිතා ගන්නවත් බැරි උනා


ඒ එක්‌කම මොටාර් එකක්‌ ඇවිත් අපි ඉන්න හරියට වැදුනා මාව විසිවෙලා ගිහින් වැටුනා මට මතකයි,මට සිහිය එනකොට මම හිටියේ අනුරාදපුර hospital එකෙ අම්මා,තාත්තා,මගේ යාලුවෝ ගොඩ දෙනෙක්‌ ඇවිල්ලා හිටියා.මගෙ දකුණු කකුලෙන් ලොකු වෙදනාවක්‌ ආවත් මට ඔලුව උස්‌සලා බලන්න පුලුවන් කමක්‌ තිබුනෙ නැහැ.ඒ එක්‌කම මගෙ ලගට අවේ නිලන්ති දනුශිගේ හොදම යාලුවා එයා කැම්පස්‌ එකෙන් out උනාට පස්‌සෙ පලවෙනි පත්විම මෙහෙ හම්බ වෙලා තිබුනේ,මට ඔන උනේ මට මොකද උනේ කියලා දැන ගන්න නෙමෙ දනුශිට කොහොමද කියලා දැන ගන්න,ඔය දැන් රෙස්‌ට්‌ කරන්න අපි පස්‌සෙ හිමිට කත කරමු කියලා නිලන්ති මගෙ ඔලුව අතගන ගමන් කිව්වා


දවස්‌ දෙකකට පස්‌සෙ මම දැන ගත්තේ මගෙ දකුණු කකුල දනිස්‌ස ලගින් කපලා අයින් කරලා,ලොකු දුකක්‌ හිතට දැනුනත් රට වෙනුවෙන් මගෙ යුතුකම මම කලා කියලා මම මගේ හිතටම කිව්වා.


මේ සිද්දියත් එක්‌ක නිලන්ති මගෙ ජීවිතෙට ගොඩක්‌ ලන් උනා.හොපිටල් එකේ ඉන්නකම් එයගේ කෙනෙක්‌ වගේ මාව බලා ගත්තා,සති 2කට පස්‌සෙ අබ්බගතයෙක්‌ විදියට මම මගේ ගෙදර ආවා අම්මා මාව බදාගෙන අඩද්දි තාත්තා කිව්වෙ පුතේ උබ වීරයෙක්‌ උබේ යුතුකම උබ කලා කියලා.


නිලන්ති නිවාඩුවට ආවහම මාවත් එක්‌කන් පංසල් යනවා හැමදාම එහෙම දවසකදි තමයි නිලන්ති මට දනුශි ගැන කිව්වෙ,එයා යලු වෙලා හිටිය කොල්ලා නිසා එයාට දරුවෙක්‌ ලැබෙන්න ඇවිල්ලා එත් ඒ කොල්ලා මෙයාව අතැරලා රට ගිහිල්ලා,දනුශිගෙ තාත්තාත් ඒ කාලෙම නැති වෙලා.


අන්තිමට ලමයෙකුත් එක්‌ක මෙයා අනාත වෙලා කාලෙකට පස්‌සෙ එහා ගමේ මෙයාට වඩා අව්්‍යරුදු 10ක්‌ විතර වැඩිමල් කෙනෙක්‌ව කසාද බැදලා,නිලන්ති හම්බෞන හැම වෙලා වෙම කියන්නෙ දනුක අයියට දුන්න ගින්දර තමයි මට මෙ පත්තු උනේ කියලලු.


මට එදා ගොඩක්‌ දුක හිතුනත් මට කරන්න දෙයක්‌ ඉතුරු වෙලා තිබුනෙ නැහැ,දනුශිට වඩා මම එදා අසරන වෙලා හිටියේ.මාස 6කට විතර පස්‌සෙ දවසක්‌ පංසලෙදි නිලන්ති මගෙ අත අල්ලගෙන හැමදාටම එයාව මගේ කරගන්න කියලා ඉල්ලුව්වා,එදත් මගෙ ඇස්‌ වලට කදුලු ගලාගෙන ආවා,මන්වගෙ අබ්බගාතයෙක්‌ බාරගන්න දොස්‌තර කෙනෙක්‌ කැමතියි වෙයිද,අන්තිමට ගෙවල් දෙකෙන්ම අපිට අශිර්වාද කලා,හෙට තමා ඒ දවස මගෙ මැනික මන් ලගට එන දවස එත් හැමදේම තාමත් මට හිනයක්‌ වගේ,මෙක කියවපු ඔයාලගෙන් මම එක ඉල්ලිමක්‌ කරන්නම් කවම දාකවත් තමන්ට පනවගෙ ආදරය කරන කෙනෙක්‌ට දුකක්‌ දෙන්න එපා කවදා හරි එකට විදවන්න සිද්ද වෙන වා....................................................................


---ගිහාන් චාමිකර ------