නූපන් ඇයගේ දිනපොතින්...

ජුනි 15 - මම අද මගේ අම්මගේ සිරුරට ඇතුළු වුනා.
ජුනි 17 - අද මම පුංචි පටකයක්.
ජුනි 30 - මගේ රත්තරං අම්මා අද මගේ රත්තරං තාත්තට කිව්වා "ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ" කියලා. අම්මයි තාත්තයි හරිම සතුටෙන්.
ජුලි 15 - අම්මා කන හැමදේම මගෙත් කෑම වේල වෙලා.
සැප්තැම්බර් 15 - මට අද මගේ හද ගැස්ම දැනෙනවා.
ඔක්තෝම්බර් 14 - අනේ මට පුංචි අත් දෙකකුයි, කකුල් දෙකකුයි, බඩකුයි, ඔලුවකුයි ලැබිලා.
නොවැම්බර් 13 - අද මට ultra-scan එකක් කලා. නියමයි, මම කෙල්ලෙක්.
නොවැම්බර් 14 - අනේ කවුදෝ නපුරෙක් යකඩ වලින් ඇනල මාව මරල දැම්මා. ඇයි මගේ අම්මේ තාත්තේ මට මෙහෙම කරන්න ඉඩ දීලා බලාගෙන හිටියේ? මොකක්ද මම කරපු වැරැද්ද? කෙල්ලෙක් වෙලා අම්මගේ කුසට ආපු එකද?

හැම කෙනෙක්ම අම්මා කෙනෙක් ලබන්න, බිරිඳක් ලබන්න, ආදරවන්තියක් ලබන්න කැමතියි. ඒත් ඇයි දියණියක් ලබද්දී දෙපාරක් හිතන්නේ???