මගේ රත්තරං දුවේ,
මම වැහරිල වයසට ගිය දවසට මම උඹෙන් ඉල්ලනව මම වෙනුවෙන් වැඩිපුර ඉවසපන් කියල. හැමදේකටම වඩා මම ගත කරන කටුක ජීවිතය තේරුම් ගනින් කියල.

අපි දෙන්න කතා කරද්දී මම උඹට එකම දේ කිහිප වතාවක්ම නැවත නැවත කිව්වත් තරහ ගන්න එපා. මතක් කරගනින් මම උඹ වෙනුවෙන් උඹ පුංචි කාලේ නිදි කරවන්න එකම කතාව දහස් වතාවක් කිව්වා කියලා.

මම නාන්න බෑ කියල උඹට කියද්දී මාත් එක්ක තරහ ගන්න එපා. මම දිහා පිළිකුලෙන් බලන්නත් එපා. මතක් කරගනින් උඹ පුංචි කාලේ මම උඹව නාවන්න ලේස්ති වෙනකොට උඹ බොරු හේතු කිය කිය මාව මඟ ඇරල දිව්වා කියලා.

ලෝකේ අලුත් වෙලා අලුත් අලුත් මෙවලම් එක්ක මට වැඩ කරන්න තේරෙන් නැතුව මම ඒවා කඩල දැම්මොත් මාත් එක්ක තරහ ගන්න එපා. මතක් කරගනින් උඹ පුංචි කාලේ මම උඹට කන බොන හැටි, කොණ්ඩේ ගොතන හැටි, ඇඳුම් අදින හැටි වගේ සුළු දේ පවා ආදරයෙන් කියල දුන්නා කියලා.

මගේ දුර්වල වුනු කකුල් දෙකෙන් මට ඉස්සර වගේ හරි හරියට උඹත් එක්ක පය ඉක්මන් කරන්න බැරි වෙද්දී මාත් එක්ක තරහ නොගෙන මගේ අතින් අල්ලගෙන මට උදව් කරපන්. මතක් කරගනින් පුංචි කාලේ උඹේ අත් දෙකෙන් අල්ලගෙන මමත් උඹට ඇවිදින්න පුරුදු කරා කියලා.

හැමදේම අවසන් වෙලා මම මැරිල යන්න ලං වෙද්දී උඹේ ලස්සන හිනාව මූණේ තියාගෙන මාව තුරුල් කරගෙන ඉඳපන්. එතකොට මට සැනසීමෙන් මැරිල යන්න පුළුවන් වෙයි.

මීට උඹේ ආදර,
අම්මා.