RSS
කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...? ඒ කතන්දර කියන්නට ඔබටයි මේ මොහොත.......! ඔබ දන්නා දේ බෙදා ගන්න.....! නොදන්නා දේ දැනගන්න.....! එන්න .....! අප සමග එකතු වන්න......!

Thursday, May 31, 2012

ආ.. නංගී මොකද තවම පනාව ඔළුවේ......

උදෑසන 5.50ට අපිව පටවගන්න මහව කෝච්චිය හැල්මේ කොළඹට ඇවිත් 8.20 විතර වෙද්දි අපිව මරදානෙන් හලනවා... දැන් නම් මේ කාලසටහන වෙනස් කියලා තමයි ආරන්චි... ඉතින් මේ පැය දෙක හමාර ඉත විනෝදයෙන් ගෙවෙන්නෙ නිකන් විනාඩි 15ක් ගත වෙනවා වගේ.... මඩ ගැසීම්, විහිළු තහළු, කාඩ් සෙල්ලම්, අනියම් ප්‍රේම සම්බන්ධතා, නියම ප්‍රේම සම්භන්ධතා ආදී මෙකී නොකී ගොඩාක් ක්‍රියා කෝච්චිය ඇතුලෙ තියෙනවා මේ පොඩි වෙලාවෙ....

අපි ඉතින් තාරුන්‍යයෙ හොදම කාලෙ නිසා කෝච්චියේ එලියෙ සහ ඇතුලෙ ගිය ගෑණු ළමයි කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු කලේ... වැඩියෙන්ම අවධානයක් යොමු කලේ කෝච්චි පාරත් එක්ක සමාන්තරව දිවෙන ගුරු පාරවල් වල පයින් යන ගෑණු ළමයි කෙරෙහි තමයි..... ඔවුන් තමයි අපේ විහිලු වලට ගොඩාක්ම ගොදුරු උනේ.... ඒත් ඒවා හරි අහින්සක විහිළු.... 13 වෙනි පෙට්ටියෙන් දෙන ගැට වලට ගොදුරු වන අයට විශාල හූවක් නිර්මාණය වෙන්නෙ 14 වන පෙට්ටියෙන්..... අනේ මන්දා වටේ යනවද කියලා..ඒත් පසුබිම නොකිය කතාව කිව්වම වැඩකුත් නෑනෙ.... හරි ඔන්න කථා ටික.....

උදේ පාන්දර ගුරු පාරවල් දිගේ ලස්සනට ඇද ගත්ත ගෑණු ළමයි ලස්සනට ඇවිදගෙන එනවා... කුරුණෑගල ඉදන් එද්දි ප්‍රධාන වශයෙන් දුම්රිය පලවල් තුනකදී මේ දසුන් ඉතා සමීපව අපිට දකින පුළුවන්.... ගිරාඹේ, අඹේපුස්ස, සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන කිට්ටුව තමයි මේ ගුරු පාරවල් සෙට් එක තියෙන්නෙ... ඔන්න ආයෙත් කතාව පිට... ඉතින් මේ ගෑණු ළමයි දකින අපේ උන්ට කට වහගෙන ඉන්න බෑනෙ... ඔන්න ඉතින් එකෙක් මෙහෙම කෑ ගහනවා....


ආ.. නංගී මොකද තවම පනාව ඔළුවේ......


එක පාරටම එයාලට හිතෙන්නෙ උදේ කොන්ඩෙ පීරපු පනාව තවම ඔලුවෙ ගහගෙනදෝ කියලා... ඉතින් අතේ තියෙන දේවල් බිම අත ඇරලා අත කෙලින්ම ඔළුවට ගෙනියනකොට තමයි තේරෙන්නෙ රැවටුනා නේද කියලා... ඒ එක්කම 14 වෙනි පෙට්ටියෙන් එන හූ සද්දෙට බනින්න හදනකොටම මෙන්න කෝච්චිය ගිහින්....


පිරිමි අයට වෙන්නෙත් මේ හා සමාන දෙයක්.... කොච්චර දැකලා තිබ්බත් කෝච්චිය දිහා හැමෝම බලනවනෙ.... ඉතින් මේ කෝච්චිය දිහා බලන පිරිමි අයට අපේ උන් බෙරිහන් දෙන්නෙ මෙහෙම....


ඔන්න මනුස්සයෝ හැප්පෙයි..........


මොහොතකින් කෝච්චිය දිහා බලාගෙන ඉන්න මනුස්සයා හෙනට කලබල වෙලා කානුවට පනින්න හදන්නෙ පස්ස බලන ගමන්.... අන්තිම මොහොතෙදි තේරෙද්දි තමන් රැවටුනා කියලා තියෙන හොදම වචන වලින් තමයි අපිට බනින්න හදන්නෙ.... ඒ වෙනකොත් 14 වෙනි පෙට්ටියේ හූවට මනුස්සයා ගොදුරු වෙලා ඉවරයි...... බනින කොට කෝච්චිය ගිහිල්ලත් ඉවරයි....

දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’



කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.


පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්

නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්

ආවාට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත්

ආදරෙන්


දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා

මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා

හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා

ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා


නුහුරු නුපුරුදු හීන අරන්

ළඟට ඇවිදින් තුරුළු වෙමින්

ආවාට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා

රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා

ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා

අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා

ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.

එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත් පහුවෙලා.

උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

විශ්වවිද්‍යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්‍යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.
(උපුටා ගැනීමකි)

ලෝකේ සමහර දේවල්

ලෝකේ සමහර දේවල් ආරම්භවෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට.අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.Lamborghinhi කාර් එක මිල අධික වාහනයක්.ලෝකෙ හුග දෙනෙකුට මෙය සිහිනයක් ම විතරයි.මේ වාහනය ලොකෙට ආවේ එක්තරා බැනුමකින් කිව්වොත් ඔයාල පිලි ගන්නවද.කෙටියෙන්ම කිව්වොත් මේකයි කතාව.ලැම්බෝගිනි මහතා මුලින්ම නිපදවූයේ ට්‍රැක්ටර් රතයි.ඔහු දවසක් ෆෙරාරි රතයක් මිලදී ගත්තා..ඒත් එම කාර් එකේ clutchඑකේ පොඩි ප්‍රශ්නයක් තිබුනා.ඔහු වහාම ගිහින් කිව්ව ෆෙරාරි මහතාට මේ ප්‍රශ්නය විසදන්න කියලා,ඒත් ෆෙරාරි මහතා කිව්වේ "ට්‍රැක්ටර් හදන කෙනෙක් මට උපදෙස් දෙන්න ඕනෙ නෑ කියලයි"
ලැම්බෝගිනි මහතා එදා ගියේ කොහොම හරි මේ ක්ලච් එකේ ලෙඩේ හදන්වා කියලා හිතාගෙනයි.අවසානයේ ලෝකයේම ප්‍රසිද්ධ මිල අදිකම වාහනයක් වන ලැම්බෝගිනි කාර් එක නිශ්පාදනය වුනා.

කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචන

1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය. නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. එආකට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයට අංක 7 වේවි.

7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.

8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්‍රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.

9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.

Wednesday, May 30, 2012

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.


1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.

ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.

ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි

ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.

ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....\

ඔබ කවදා හරි දැන ගනිවි ඇයට අවශ්‍යය වු විට ආදරයක්

Sunday, May 20, 2012

කොම්පියුටරේ ආවත් හරි කරලියට........


Application දැම්මේ යන්නට රස්සාවකට
Program කිව්වේ TV එකේ ඇති දෙයට
Cursor කිව්වේ නම් ලොකු දොස් තැබුමකට
Keyboard කිව්වේ වයනා පියානෝවට

Memory කිව්වේ වයසට නැතිවෙන දෙයට
CD කිව්වේ බැංකුවේ ඇති ගිණුමකට
නොපෙනන තරම් හොඳ යැයි හිතෙනා හිතට
three half Floppyය කිව්වේ වැනෙනා දෙයට

Compress කරන දෙයකිය අපි කුණු වලට
එය නොම කරයි අප අත ඇති File යට
Unzip කරොත් මහ සෙනගක් ඉදිරිපිට
යන්නට වෙයි ඔබට මහ උළු ගෙදරකට

Log on කිව්වේ දර දැමුමයි ගින්නකට
Hard Drive කිව්වේ ලොකු දුෂ්කර ගමනකට
Mouse Pad කිව්වේ මීයෙක් ඉන්නා තැනට
Back Up සිදු වුණේ නම් වැසිකිළියකට

Cut කිව්වෙනම් අපි පිහියෙන් කපනවට
Paste කිව්වේ ගම් ගා අලවන එකට
Web කිව්වෙනම් මකුළුවගේ නිවහනට
Virus කිව්වේ උණ හෙම්බිරිස්සා හැදෙනවට

කොම්පියුටරේ ආවත් හරි කරලියට
මේ හැම වෙනස් වූවා අමුතුම අතට
දැන්නම් ඉතින් නැති වූවොත් එය අපට
සපත්තු නැති උනා වගෙ එක කකුලකට

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.....

Sunday, May 6, 2012

පුංචි කාලේ අපි කොච්චර සතුටක් ලැබුවද වෙසක් කූඩු හදලා.!!

මේ දවස් වල ප්‍රධාන නගර වල අඩියෙන් අඩිය වෙසක් කූඩු විකුණනවා.සල්ලි තියනවා නම් රුපියල් 100 ඉදලා ඉහල ගණන් වලට වෛවාරණ වෙසක් කූඩු මිලට ගන්න පුලුවන්.කොච්චර ලස්සන උනත් පවුලේ අයත් එක්ක එකතු වෙලා ගෙදර හදන වෙසක් කූඩුවක වටිනාකම සල්ලි දීලා ගන්න කූඩුවක තියනවද? 

පුංචි කාලේ අපි කොච්චර සතුටක් ලැබුවද පවුලේ අයත් එක්ක ගෙදර වෙසක් කූඩු හදලා. අවුරුදු ඉවර වෙලා සතියක් යන්න කලින් අපි පටන් ගන්නවා වෙසක් කූඩු හදන්න(පුංචිම කාලේ නම් කලේ තාත්තා කූඩු හදන හැටි බලන් හිටිය එක).

මුල්ම වැඩේ තමා උණ පදුරක් හොයාගෙන ගිහින් හොද උණ බටයක් aඑන එක. ඊට පස්සේ හදන කූඩුව මොකද්ද කියලා තීරණය කරනවා,හැබැයි ඉතින් අටපට්ටමක් නම් අනිවාර්යෙන්ම හදනවා,අටපට්ටමේ අමුතුම ගාම්භීර ගතියක් තියනවා,හරියට වෙසක් කූඩු අතරෙ ප්‍රධානියා වගේ.

කූඩුවට අවශ්‍ය ගානට බට පතුරු කපලා දවසක් දෙකක් වේලෙන්න තියනවා,මොකද එහෙම කලේ නැත්නම් කූඩුව හැදුවට පස්සේ ඇද ගහන්න පුලුවන්.පස්සේ බකට් කම්බි/රබර් පටි/නූල් වගේ දේකින් කූඩුව බැද ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ කූඩුව අලවන්න.ගොඩක් වෙලාවට කරන්නේ සුදු පාටින් කූඩුව අලවන එක,කූඩු අලවන වැඩේට අක්කලා/නංගිලත් ගොඩක් උදව් කරනවා.

අන්තිමට කූඩු එල්ලලා තියලා වෙසක් දවසේ හවස 7ට විතර කූඩු වලට විදුලි ආලෝකේ සපයනවා. මහන්සි වෙලා හදපු කූඩුව පත්තු කරන ඒ වෙලාවේ හිතට පුදුම සන්තෝෂයක් එන්නේ,ගෙදර හැමෝගෙම මූනු වල පුංචි හිනා රැල්ලක් මතු වෙනවා ඒ වෙලාවට.
ඒ එන හැගීම කඩෙන් ගෙනත් පත්තු කරන කූඩුවකින් ලැබෙනවද කියන එක නම් සැකයි..