◄♥► කඳුළු කතාවක් ◄♥►

එක දවසක් හවස මන් පාර දිගේ ඇවිදන් යද්දි මන් දැක්කා අවුරුදු පහක විතර පොඩි ලමයෙක්ව කඩේක අයිතිකාරයා එලවන්න හදනවා. මන් ලඟට ගියා එතකොට ඒ කඩේ අයිතිකාරයා කියනවා ඒ ලමයට "ඔයාට මේ බෝනික්කව ගන්න සල්ලි මදි, ඔය බෝනික්කව තිබුන තැනින් තියලා ගෙදර යන්න" කියලා. එතකොට ඒ ලමයා මට කිව්වා "අනේ අයියේ මේ සල්ලි ටික ගණන් කරලා බලලා මට කියනවද මට මේ බොනික්කා ගන්න සල්ලි මදිද කියලා?" මම ඒ ටික ගණන් කරලා බලලා කිව්වා "ඔව් මල්ලි මෙතන ඔයාට ඔය බෝනික්කව ගන්න සල්ලි මදි" ඒත් ඒ මල්ලි ඒ බෝනික්කව අත ඇරියේ නැ ගොඩක් තදින් බදාගෙනම හිටියා.

මම ඒ මල්ලිට ටිකක් ලන්වෙලා ඇහුවා "කාටද ඔයා මේ බෝනික්කව දෙන්න යන්නේ?" කියලා. "මේ බෝනික්කට මගේ නන්ගි ගොඩක් ආසයි. මට ඕන වෙලා තියෙන්නෙ මේ බෝනික්කව එයාගේ උපන්දිනේට තෑග්ගක් විදිහට දෙන්න" කියලා.

"මම මේ බෝනික්කව අම්මට දෙනවා එයා ගිහින් නන්ගිට මේක දෙයි". මේ ටික කියද්දි ඒ මල්ලිගේ ඇස් වලින් කඳුළු කැට කඩාගෙන වැටුනා. "මගේ නන්ගි ඉන්නේ දෙවියෝ ලඟ, තාත්තා කිව්වා ලඟදීම අම්මත් දෙවියෝ ලඟට යනවා කියලා ඉතින් මන් හිතුවා මේ බෝනික්කව අම්මගේ අතේ නන්ගිට යවන්න". මේ ටික ඇහෙද්දි මගේ හිතත් පොඩ්ඩකට නැවතුනා වගේ වුනා.

"මම තාත්තට කියලා ආවේ අම්මට කියන්න කියලා මම බෝනික්කව අරගෙන එනකන් අම්මට දෙවියෝ ලඟට යන්න එපා කියන්න කියලා". ඒ එක්කම ඒ මල්ලි මට එයාගේ සාක්කුවෙ තිබුන ෆොටෝ එකක් එලියට අරගෙන පෙන්නුවා. ඒ මල්ලි ලස්සනට හිනා වෙලා ඉද්දි ගත්ත ෆොටෝ එකක් ඒක. "මට මේ ෆොටෝ එකත් අම්මගේ අතේ යවන්න ඕනෙ එතකොට නන්ගිට මාව කවදාවත් අමතක වෙන එකක් නැ. මම අම්මට ගොඩක් ආදරෙයි ඒ වගේම මම දන්නවා එයාට මාව දාලා යන්න ඕනේ නැ කියලත් ඒත් නන්ගි ගාව කවුරුත් නැති නිසා අම්මා නන්ගි ගාවට යනවා කියලා තාත්තා කිව්වා". එහෙම කියපු මල්ලි ඒ බෝනික්කා දිහා කඳුළු පිරිච්ච ඇස් වලින් මුකුත් කතා නොකර ටික වෙලාවක් බලාගෙන හිටියා.

මම ඒ මල්ලිට හොරෙන් මගේ සාක්කුවෙ තිබ්බ සල්ලි ටික අතට ගත්තා. අරගෙන ඒ මල්ලිගෙන් ඇහැව්වා, "අපි තව පාරක් ඔයාගේ සල්ලි ටික ගණන් කරලා බලමු සමහරවිට මට වැරදුනාද දන්නෙ නැනේ, මට හිතෙන විදිහට ඔතන ඔයාට අවශ්‍ය සල්ලි ගණන තියෙනවා"

"හරි ඔයා ගණන් කරලා බලන්න, මම හිතනවා මා ගාව තියෙන සල්ලි ඇති කියලා මේ බෝනික්කව ගන්න" එහෙම කියලා ආයේ එයාගේ අතේ ගුලි කරන් හිටපු සල්ලි ටික මගේ අතට දුන්නා. මම මන් ලඟ තිබුන සල්ලි එයාට හොරෙන් අර ටිකත් එක්ක එකතු කලා. ඊට පස්සෙ මන් ඒ ටික ගණන් කරලා කිව්වා. "මෙතන ඔයාට බෝනික්කව ගන්න ඕන කරන සල්ලි ගාන තියෙනවා ඒ වගේම තව ටිකක් වැඩිපුරත් තියෙනවා" කියලා.

"මම ඊයෙ රෑ නිදා ගන්න කලින් දෙවියන්ට කිව්වා මා ගාව මේ බෝනික්කව ගන්න ඇති වෙන තරමට සල්ලි තියෙන්න ඕනෙ කියලා, දෙවියෝ මට ඇහුම්කන් දුන්නා. ඒ වගේම මගේ අම්මා ආසයි සුදු රෝස මල් වලට මට අම්මට දෙන්න සුදු රෝස මලකුත් ගන්න සල්ලි ඕන වුනා ඒත් මන් ඒක දෙවියන්ට කිව්වෙ නැ ඒත් එයා මගේ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කලා වැඩිපුර සල්ලි තියෙන නිසා මට දැන් සුදු රෝස මලකුත් ගන්න පුළුවන්" එහෙම කියපු මල්ලි බෝනික්කවයි සුදු රෝස මලයි අරගෙන පාර දිගේ හයියෙන් දුවගෙන ගියා.

මන් ගෙදර එනකන්ම හිත හිත ආවේ ඒ මල්ලි ගැන ගෙදර ආවට පස්සෙත් එහෙමමයි මට ඒ මල්ලිව පාරින් පාර මතක් වුනා. එදා රෑ මට නිදා ගන්න ගියාමත් ඒ මල්ලිව මතක් වුනා එතකොටම මට මතක් වුනා මීට දවස් දෙකකට කලින් පත්තරේ තිබුන පුවතක් බීමත් රියදුරෙකු අතින් සිදු වුන අනතුරක් ගැන ඒකට අනුව ඒ රියදුරා හප්පලා තිබුනේ අම්මා කෙනෙකුයි පොඩි දුවෙකුයි ගමන් ගත්ත කාර් එකක්, දුව එතනම මිය ගිහින් තිබුනා අම්මා ගොඩක් බරපතල තත්වයෙන් ඉස්පිරිතාලේ ඉන්නවා කියලයි පත්තරේ දාලා තිබුනේ. ඒක සිදූ වෙලා තිබුනෙත් අපේ ගෙවල් ලඟමයි, මේ අර මල්ලිගේ පවුල ගැනද?? මගේ හිතට ආපු ඒ ප්‍රශ්නය ගැන හිත හිතම මට නින්ද ගියා.

ඊට දින දෙකකට පස්සේ මන් පත්තරේ බලද්දි තිබුනා අර රෝහල් ගත වෙලා හිටපු කාන්තාව මිය ගිහින් කියලා. මම කොහොමහරි ඒ ගෙදර ලිපිනයත් හොයාගෙන සුදු රෝස මල් පොකුරකුත් අරගෙන ගියා ඒ ගෙදරට. යද්දි ඒ කාන්තාවගේ මෲත දේහය පෙට්ටියක තැන්පත් කරලා තිබුනා නැදෑ හිතවතුන්ගේ අන්තීම ගෞරවය සඳහා. ඒ මිය ගිය කාන්තාවගේ එක අතක සුදු රෝස මලකුයි පැත්තකින් අර මල්ලිගේ ෆොටෝ එකයි පපුව උඩින් බෝනික්කවයි තියලා තිබුනා.

මම ඒ ගෙදරින් පිට වෙලා එද්දි මගේ ඇස් වලත් කඳුළු පිරිලා තිබුනා.

සැමියෙකුට බිරිඳක්, අම්මා කෙනෙකුට දුවෙක්, පුතෙකුට අම්මා කෙනෙක්, අයියා කෙනෙකුට නන්ගි කෙනෙක් නැති කරන්න අර බීමත් රියදුරාට ගියෙ තත්පරයකටත් අඩු කාලයක්.