"පොඩ්ඩක් ඉන්න.ම‍ම ‍තාම ‍මැරිලා නෑ "
කුහුඹුවකු යනු ඉතාමත් හොද අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් බව ‍ඔබ දන්නවාද?ඒ වගේම කුහුඹුවක් ජීවත්වන් වාසස්ථාන අවමංගල්‍ය අධ්‍යක්ෂක කටයුතු වලට ඉතාමත් සුදුසු ස්ථාන බව ඔබ දන්නවාද?

වැඩකාර කුහුඹුවන් විසින් කුහුඹු මළ සිරුරු හදුනාගන්නා අතර ඉන්පසු ඔවුන් විසින්ම ඒවා පිටතට ගෙන ගොස් මළ සිරුරු ගොඩ ගසන ස්ථානයක ගොඩ ගසනවා.කුහුඹුවකු මිය ගොස් පැයක් පමණ ඇතුලත ඔවුන් විසින් එය සිදුකරනවා.

ඇත්තටම මෙය සත්ව විද්‍යාඥයින්ගේ සිත් ඇදගන්නා කියාවක්.මන්ද යත් කුහුඹුවකු මිය ගිය බව මෙතරම් ඉක්මණට අනෙක් කුහුඹුවන් විසින් දැනගන්නේ කොහොමද?

මෑතකදී එක් විද්‍යාඥයෙක් විසින් කුහුඹුවන්ගේ මෙම හැසිරීම පැහැදිලි ‍කිරීමට අදහසක් ඉදිරිපත් කොට තිබෙනවා.ඔහුගේ නම "ඩොන් හ්වෑන් චෝ".ඔහු කැලි‍ෆෝනි‍‍යා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයෙක්.ඔහු පවසනආකාරයට කුහුඹුවකු මිය ගිය පසු එම සිරුරෙන් කිසියම් රසායනික දව්‍යයක් නිකුත‍් වෙනවා.ඉන් කියැවෙන්නේ අනෙක් කුහුඹුවන්ට කිසියම් කිසියම් සංඥාවක්.හරියට "මම මැරිලා, මාව එලියට අරන් යන්න." කියනවා වගෙයි.

නමුත් වැරදීමකින් හෝ ජීවත් වන කුහුඹුවකු මෙසේ ඉවතට රැගෙන ගියොත් කුමක් සිදුවුවහොත් කුමක් සිදු වෙයිද?

හ්වෑන් ළග එයටද පිළිතුරක් තිබෙනවා.ඔහු පවසන ආකාරයට කුහුඹුවන්ගේ සිරුරෙන් තවත් අමතර රසායනික දව්‍ය 2ක් පිටවෙනවා.ඉන් කියැවෙන්නේ "පොඩ්ඩක් ඉන්න.ම‍ම ‍තාම ‍මැරිලා නෑ." වගේ සංඥාවක්.

එමනිසා ඔහුගේ පරීක්ෂණයෙන් කරුණු 2ක් පැහැදිලි වෙනවා.එනම් කුහුඹුවන්ගේ සිරුරෙන් "මම මැරිලා" සහ "ම‍ම ‍තාම ‍මැරිලා නෑ" යනුවෙන් පණිවිඩ 2ක් ලැබෙන බවයි.

කුහුඹුවකු මිය ගිය පසු ඔවුන් එය හදුනාගන්නා ආකාරය ගැන අනෙකුත් විද්‍යාඥයන්ද පරීක්ෂණ පවත්වා තිබෙනවා.ඔවුන්ට අනුවද කුහුඹුවන්ගේ සිරුරෙන් නිතරම රසායනික ද්‍රව්‍ය නිකුත් වෙනවා.

හ්වෑන්ට අනුව කුහුඹුවකු මිය ගිය පසු "ම‍ම ‍තාම ‍මැරිලා නෑ" රසායනික ද්‍රව්‍ය ඉක්මණින්ම සිරුරෙන් ඉවත් වී යනවා.එවිට ඉතුරු වෙන්නේ "මම මැරිලා " කියන රසායනික ද්‍රව්‍යය පමණයි.එවැනි අවස්ථාවකදී ඉක්මණටම ඔවුන් මළ සිරුර හදුනාගන්නවා.

හ්වෑන් ගේ මෙම නිගමනය තහවුරු කර ගැනීම සදහා ඹහු ඇතුඵ කණ්ඩායම විසින් “පිලවන්“ගේ ශරීරය මතට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනු ලැබුවා.“පිලවා“ යනු කහුඹුවකුගේ ජීවිතයේම තවත් එක් අවස්ථාවක්. පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රථමයෙන්ම එකතු කලේ “මැරුණු“ සංඥාව දෙන රසායනික ද්‍රව්‍යයයි.එය එකතු කල සැනින්ම අනෙක් කුහුඹුවන් විසින් පිලවාව කූඩුවෙන් ඉවතට රැගෙන ගියා. මෙම හේතුව නිසා හ්වෑන් විශ්වාස කරන අන්දමට “මැරුණු“ සංඥාව දෙන රසායනික ද්‍රව්‍යය විසින් අනෙකුත් රසායනික ද්‍රව්‍යයන් අභිබවා යනවා.එමනිසා කුහුඹුවකු මිය ගිය පසු "ම‍ම ‍තාම ‍මැරිලා නෑ" රසායනික ද්‍රව්‍යය අක්‍රිය වී යනවා. එවිට ඉතුරු වෙන්නේ “මම මැරිලා“ සංඥාව දෙන රසායනික ද්‍රව්‍යයයි. එය හදුනාගන්න් කුහුඹුවන් විසින් මළ සිරුර හදුනාගෙන කූඩුවෙන් ඉවතට රැගෙන යනවා.

මෙම හැසිරීම අධ්‍යයනය කිරීම මගින් විද්‍යාඥයන් හදුනාගන්නා ගොඩක් දේවල් තිබෙනවා.ඉන් එකක් තමයි කුහුඹුවන් විසින් අලුත් වාසස්ථාන පැහැර ගැනීම නැවැත්වීම. හ්වෑන් තවත් කැමති දෙයක් වන්නේ අලුතෙන්ම සොයා ගත් රසායනික ද්‍රව්‍ය භාවිතා කල හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමයි. එමගින් කුහුඹුවන් පැතිරීම මර්ධනය කල හැකි බව ඔහුගේ අදහසයි.

තවද මෙම කුහුඹුවන් ඉවත් කිරීමේ ක්‍රමය ඹවුන්ගේ වාසස්ථාන වල සෞඛ්‍ය තත්වය මනා ලෙස පවත්වා ගැනීමට උදව් වෙනවා. එය හරියටම මිනිසුන්ගේ හැසිරීමට සමානයි. මිනිසෙකු මිය ගිය පසු දවස් කීපයක් ඇතුලත මළ සිරුර භූමදාන කිරීම හෝ ආදාහනය කිරීම වගේම ක්‍රියාවලියක් තමයි සිදුවන්නේ.

“ඇත්තටම මෙම මළ සිරුරු ඉවත් කිරීමේ ක්‍රියාවලිය මිහිපිට ජීවත් වන සියලුම සතුන්ට ඉතා වැදගත්“ .මෙසේ කියන්නේ කොපන්හේගන් විශ්ව විද්‍යාලයේ “පැට්ට්‍රිෂියා ඩි ඇට්ටෝරේ“.“නාස්තිය කළමණාකරණයේදී අප විසින් ආයෝජනය කරන මුදල් සහ ශ්‍රමය පිළිබදව තවත් සිතන්න“. මෙසේ කියන්නේ ඇයයි.