රාජකාරියේ ඉන්න කොට ඒ ආපු දුරකතන ඇමතුමත් එක්ක ඈන් නෝනා ගොඩාක් කලබල වුනා. ඇය කලබලයෙන්ම වැඩ කටයුතුත් අතහැරලාම කාර්යාලයෙන් පිටවුනා. අතරමග වාහනයෙන් බැහැලා ෆාමසියෙන් බෙහෙත් ටිකකුත් අරන් වාහනයට එන කොට වාහනය ලොක් වෙලා. ඇය කලබලයට වාහනයේ යතුර වාහනය ඇතුලේ තියෙද්දීම දොරලොක් කරලා.

''අනේ දෙවියනේ ! මම දැන් මොකක්ද කරන්නේ.''

ආපහු ගෙදරින් ආපු ඇමතුමට ඇය සිදුවුනු දේ කියද්දී එහා පැත්තෙන් කිව්වේ ''බබාට දැන් නම් ගොඩාක් අමාරුයි ඉක්මනට එන්න'' කියලයි. ඈන් ගොඩාක් කලබල වුනා.

''මම මේකට මොකක්ද කරන්නේ? කොහොමද මේ දොර ඇර ගන්නේ? අනේ දෙවියනේ, මට උදවු කරන්න. මට උදවු කරන්න.'' ඇය මුමුණනවා.

විනාඩි 5ක් ගත වෙද්දීම කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කබල් වාහනයක් ඒ පාරේ එනවා. ඔලුව එලියට දාලා ඒ කාරේක ආපු රුවුල වැවිච්ච, ඉතාම අපිරිසිදු වයසක මනුස්සයා...

''නෝනා... මොකද වුනේ? උදව්වක් එහෙම ඕනද?'' කියල ඇහුවා.

''දෙවියනේ, මේ අපිරිසිදු වයසක මනුස්සයාද මට උදවුවට එව්වේ.'' ඇය හිමින් කෙදිරුවා.

''ඔව්... මගේ දරුවා ලෙඩ වෙලා. කලබල හින්දම යතුර කාර් එකේම තියලා මම දොර ලොක් කරලා. ඔබට පුළුවන්ද දොර ඇරලා දෙන්න? ලොකු උදව්වක්.''

''පොඩි දෙයක්නේ... මම කරලා දෙන්නම්.'' කිව්ව ඔහු ඉක්මනටම ඒ අසල අහකට විසි කරලා තිබුනු ඇදුම් එල්ලන හැඟර් එකකින් දොර ඇරලා දුන්නා.''

''ඔයා නම් හරිම හොද මනුස්සයෙක්... ඔයාට බොහෝම ස්තුතියි !'' ඇය ඔහුව වැලඳ ගත්තා.

''නෝනා !''

''ඔව්... කියන්න.'' ඈන් කිව්වා.

''නෝනා, මම හොද මනුස්සයෙක් නම් නෙවෙයි. මම මේ දැන් හිරගෙදර ඉදලා එන ගමන්. මම අදයි නිදහස් වුනේ. දන්නවද? මම කාර්, වාහන හොරකම් කරපු එක තමයි කරපු වරද. ඒ වරදට තමා හිරේ ගියෙත්.''

ඈන් ආපහු බොහෝම සතුටින් මේ මනුස්සයව වැලද ගත්තා.

''දෙවියනේ ! මට ඕන කරපු උදවුවට ඔබ ඒ ගැන විශේෂඥයෙක්ම එවලා.'' ඇය බොහෝම හයියෙන් සතුටෙන් කෑ ගැහුවා.

අපිට එදිනෙදා ජීවිතයේදී එක එක විදියේ අය මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන හැම කෙනෙකුගේම මොකක්ම හරි වටිණාකමක් තියෙනවා. කිසිම කෙනෙක් අවතක්සේරු කරන්න එපා. මොකද කිසිම කෙනෙක් උපතින්ම නරක නෑ. කොච්චර නපුරු නරක කෙනෙක් ලඟ වුනත් එක හොඳ ගති ගුණයක් හරි තියෙනවා, ඒ දේ ගැන පමණක් සිතා ඔවුන් සමඟ සුහද විම, ආශ්‍රය කිරිම කියන දේ වැරදි කරුවකු ලෙස හංවඩු ගසා පැත්තකට දැමීමට වඩා වැදගත් වේවි. මොකද ජීවිතයේ යම් දවසක ඔබට ඒ අයවත් උවමනා වෙන දවසක් අනිවාර්යයෙන්ම පැමිණෙන නිසා.

*පරිවර්තනයකි*