RSS
කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...? ඒ කතන්දර කියන්නට ඔබටයි මේ මොහොත.......! ඔබ දන්නා දේ බෙදා ගන්න.....! නොදන්නා දේ දැනගන්න.....! එන්න .....! අප සමග එකතු වන්න......!

Thursday, March 22, 2012

කුහුඹුවකු යනු ඉතාමත් හොද අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් බව ‍ඔබ දන්නවාද?

"පොඩ්ඩක් ඉන්න.ම‍ම ‍තාම ‍මැරිලා නෑ "
කුහුඹුවකු යනු ඉතාමත් හොද අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් බව ‍ඔබ දන්නවාද?ඒ වගේම කුහුඹුවක් ජීවත්වන් වාසස්ථාන අවමංගල්‍ය අධ්‍යක්ෂක කටයුතු වලට ඉතාමත් සුදුසු ස්ථාන බව ඔබ දන්නවාද?

වැඩකාර කුහුඹුවන් විසින් කුහුඹු මළ සිරුරු හදුනාගන්නා අතර ඉන්පසු ඔවුන් විසින්ම ඒවා පිටතට ගෙන ගොස් මළ සිරුරු ගොඩ ගසන ස්ථානයක ගොඩ ගසනවා.කුහුඹුවකු මිය ගොස් පැයක් පමණ ඇතුලත ඔවුන් විසින් එය සිදුකරනවා.

ඇත්තටම මෙය සත්ව විද්‍යාඥයින්ගේ සිත් ඇදගන්නා කියාවක්.මන්ද යත් කුහුඹුවකු මිය ගිය බව මෙතරම් ඉක්මණට අනෙක් කුහුඹුවන් විසින් දැනගන්නේ කොහොමද?

මෑතකදී එක් විද්‍යාඥයෙක් විසින් කුහුඹුවන්ගේ මෙම හැසිරීම පැහැදිලි ‍කිරීමට අදහසක් ඉදිරිපත් කොට තිබෙනවා.ඔහුගේ නම "ඩොන් හ්වෑන් චෝ".ඔහු කැලි‍ෆෝනි‍‍යා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයෙක්.ඔහු පවසනආකාරයට කුහුඹුවකු මිය ගිය පසු එම සිරුරෙන් කිසියම් රසායනික දව්‍යයක් නිකුත‍් වෙනවා.ඉන් කියැවෙන්නේ අනෙක් කුහුඹුවන්ට කිසියම් කිසියම් සංඥාවක්.හරියට "මම මැරිලා, මාව එලියට අරන් යන්න." කියනවා වගෙයි.

නමුත් වැරදීමකින් හෝ ජීවත් වන කුහුඹුවකු මෙසේ ඉවතට රැගෙන ගියොත් කුමක් සිදුවුවහොත් කුමක් සිදු වෙයිද?

හ්වෑන් ළග එයටද පිළිතුරක් තිබෙනවා.ඔහු පවසන ආකාරයට කුහුඹුවන්ගේ සිරුරෙන් තවත් අමතර රසායනික දව්‍ය 2ක් පිටවෙනවා.ඉන් කියැවෙන්නේ "පොඩ්ඩක් ඉන්න.ම‍ම ‍තාම ‍මැරිලා නෑ." වගේ සංඥාවක්.

එමනිසා ඔහුගේ පරීක්ෂණයෙන් කරුණු 2ක් පැහැදිලි වෙනවා.එනම් කුහුඹුවන්ගේ සිරුරෙන් "මම මැරිලා" සහ "ම‍ම ‍තාම ‍මැරිලා නෑ" යනුවෙන් පණිවිඩ 2ක් ලැබෙන බවයි.

කුහුඹුවකු මිය ගිය පසු ඔවුන් එය හදුනාගන්නා ආකාරය ගැන අනෙකුත් විද්‍යාඥයන්ද පරීක්ෂණ පවත්වා තිබෙනවා.ඔවුන්ට අනුවද කුහුඹුවන්ගේ සිරුරෙන් නිතරම රසායනික ද්‍රව්‍ය නිකුත් වෙනවා.

හ්වෑන්ට අනුව කුහුඹුවකු මිය ගිය පසු "ම‍ම ‍තාම ‍මැරිලා නෑ" රසායනික ද්‍රව්‍ය ඉක්මණින්ම සිරුරෙන් ඉවත් වී යනවා.එවිට ඉතුරු වෙන්නේ "මම මැරිලා " කියන රසායනික ද්‍රව්‍යය පමණයි.එවැනි අවස්ථාවකදී ඉක්මණටම ඔවුන් මළ සිරුර හදුනාගන්නවා.

හ්වෑන් ගේ මෙම නිගමනය තහවුරු කර ගැනීම සදහා ඹහු ඇතුඵ කණ්ඩායම විසින් “පිලවන්“ගේ ශරීරය මතට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනු ලැබුවා.“පිලවා“ යනු කහුඹුවකුගේ ජීවිතයේම තවත් එක් අවස්ථාවක්. පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රථමයෙන්ම එකතු කලේ “මැරුණු“ සංඥාව දෙන රසායනික ද්‍රව්‍යයයි.එය එකතු කල සැනින්ම අනෙක් කුහුඹුවන් විසින් පිලවාව කූඩුවෙන් ඉවතට රැගෙන ගියා. මෙම හේතුව නිසා හ්වෑන් විශ්වාස කරන අන්දමට “මැරුණු“ සංඥාව දෙන රසායනික ද්‍රව්‍යය විසින් අනෙකුත් රසායනික ද්‍රව්‍යයන් අභිබවා යනවා.එමනිසා කුහුඹුවකු මිය ගිය පසු "ම‍ම ‍තාම ‍මැරිලා නෑ" රසායනික ද්‍රව්‍යය අක්‍රිය වී යනවා. එවිට ඉතුරු වෙන්නේ “මම මැරිලා“ සංඥාව දෙන රසායනික ද්‍රව්‍යයයි. එය හදුනාගන්න් කුහුඹුවන් විසින් මළ සිරුර හදුනාගෙන කූඩුවෙන් ඉවතට රැගෙන යනවා.

මෙම හැසිරීම අධ්‍යයනය කිරීම මගින් විද්‍යාඥයන් හදුනාගන්නා ගොඩක් දේවල් තිබෙනවා.ඉන් එකක් තමයි කුහුඹුවන් විසින් අලුත් වාසස්ථාන පැහැර ගැනීම නැවැත්වීම. හ්වෑන් තවත් කැමති දෙයක් වන්නේ අලුතෙන්ම සොයා ගත් රසායනික ද්‍රව්‍ය භාවිතා කල හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමයි. එමගින් කුහුඹුවන් පැතිරීම මර්ධනය කල හැකි බව ඔහුගේ අදහසයි.

තවද මෙම කුහුඹුවන් ඉවත් කිරීමේ ක්‍රමය ඹවුන්ගේ වාසස්ථාන වල සෞඛ්‍ය තත්වය මනා ලෙස පවත්වා ගැනීමට උදව් වෙනවා. එය හරියටම මිනිසුන්ගේ හැසිරීමට සමානයි. මිනිසෙකු මිය ගිය පසු දවස් කීපයක් ඇතුලත මළ සිරුර භූමදාන කිරීම හෝ ආදාහනය කිරීම වගේම ක්‍රියාවලියක් තමයි සිදුවන්නේ.

“ඇත්තටම මෙම මළ සිරුරු ඉවත් කිරීමේ ක්‍රියාවලිය මිහිපිට ජීවත් වන සියලුම සතුන්ට ඉතා වැදගත්“ .මෙසේ කියන්නේ කොපන්හේගන් විශ්ව විද්‍යාලයේ “පැට්ට්‍රිෂියා ඩි ඇට්ටෝරේ“.“නාස්තිය කළමණාකරණයේදී අප විසින් ආයෝජනය කරන මුදල් සහ ශ්‍රමය පිළිබදව තවත් සිතන්න“. මෙසේ කියන්නේ ඇයයි.

"මේ කතාව අහලා තියෙනවද ?

       කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි. දෙන්නා අවුරුදු ගානක ඉදන් ආදරේ කරනවා.දෙන්නම කලේ කලා විෂයන්. සිංහල ට්යුශන් Class යන්න ඕන නිසා දෙන්නම ගියා නුවර Class එකකට.කොල්ලා හදවතින්ම කෙල්ලට ආදරේ කලා.Class ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක. දවසක් සිංහල සර් දැක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ. දවස් ගනන් ගෙවිලා ගියා.විභාගෙ තියෙන දවසත් ලං වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.
කොහොම කොහොම හරි Results එන දවසත් ලං උනා. කෙල්ලට A3.ඒ උනාට කොල්ලගෙ result ටිකක් අවුල්.

කාලය හෙමින් ගෙවිලා ගිහින් අවුරුදු දෙකකට විතර පස්සෙ දවසභා සිංහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් "සර්" කියල කතා කලා. ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව " කෝ අර ඔහෙත් එක්ක බත් කවපු ගෑනු ලමය ? " කියල. කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.

”සර් මං ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්වා.

සර් ඈහුව " ඈයි පුතේ එහෙම උනේ" කියලා. කොල්ල කිව්වේ මෙහෙම.

”එයා A/L හොදට පාස් වෙලා පේරාදෙනිය campus ගියා සර්.මට යන්න බැරි උනා. එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මං ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනවා.එහෙ ගොඩක් ලස්සනයි.මං ආයිත් එයගෙ ජීවිතේට ඇවිල්ල එහේ සතුට නැති කරන්න මට හිත දෙන්නෙ නෑ.දැන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.

මේ සිද්ධියෙන් පස්සෙ සර්ට මේක හිතට වැදුනා.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.

“හන්තානට පායන හද. ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හද. ඔබට හෑකිය දකින්න”.

“ඇදුරු ලලා වහිනා කල. සරසවි බිම තෙමෙන්න. කුඩේ යටින් ඔබ යනකල. එපා තනිය දෑනෙන්න”.

“ලතා මඩලු අත වනාවි. එපා අහක බලන්න. මා ගෑන මතකය ගුලි කර. මහවැලියට දමන්න”

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව.. ඒ පිරිමි ළමයා තමන්ගේ ආදරේ ඇගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා.. සැබෑ ආදරය සමහර විට ඒ වගේ....."


උපුටා ගැනීම :https://www.facebook.com/slanka2

Tuesday, March 20, 2012

█ ♥ █ ♥ █ හාදු පෙට්ටිය █ ♥ █ ♥ █


          මිනිසෙක් තම 3 හැවිරිදි දියණියට දඩුවම් කලේ ඇය රත්‍රන් පැහැති තෑගි දවටනයක් නාස්ති කල නිසාවෙන්. ඔහු පසු කරමින් සිටියේ මූල්‍ය වශයෙන් ඉතාමත් අපහසු සමයක් වූ අතර නත්තල් ගස අසලින් තබන තෑගි පෙට්ටියක් සැරසීමට රත්‍රන් පැහැති දවටනයක් තම කුඩා දියණිය විසින් භාවිතා කිරීම පිලිබදව ඔහු දැඩි ලෙස කෝපයට පත් වුනා.

කෙසේ නමුත් පසුවදා උදෑසනම එම තෑගි පෙට්ටිය රැගෙන ඔහු අසලට පැමිනි දියණිය
"මේ තාත්තිට මගෙන් තෑග්ගක්" පැවසූ විට තමන් පෙර දිනයේ හැසිරුනු ආකාරය පිලිබදව පසුතැවුනත් ඔහු යලි කෝපාවිෂ්ඨ වුනේ එය එය හිස් පෙට්ටියක් පමනක් වූ නිසාවෙන්.

"ඔය ළමයා දන්නේ නැද්ද කෙනෙකුට තෑග්ගක් දෙනකොට හිස් පෙට්ටියක් දෙන එක සුදුසු නැති බව?"ඔහු දියණියට යලිත් බැන වැදුනා.

දෑස් වල කදුලු පුරවා ගත් දියණිය හුරතල් හඩින් මෙසේ පිලිතුරු දුන්නා,

"තාත්ති ඒක හිස් නෑ ඊයේ රෑ මම ඔය පෙට්ටියට හාදු ගොඩාක් දැම්මා...ඒ ඔක්කොම තාත්තිට..."

දියණියගේ පිලිතුරින් මිනිසාගේ දෑස් කදුලින් තෙත් වූ අතර දියණියව තුරුලු කර ගත් ඔහු කීප වතාවක්ම ඇගෙන් සමාව ඉල්ලා සිටියා.

ඉන්පසු මිනිසා මිය යන තෙක්ම ඒ තෑගි පෙට්ටිය සුරැකිව තබා ගත් අතර ජීවිතයේ මානසිකව ඇද වැටුනු අවස්ථා වල එම පෙට්ටිය දෙස බලා එම පෙට්ටිය හාදු වලින් පිරවූ තම දියණිය තුල තමාට ඇති ආදරය පිලිබදව සිහිපත් කිරීමට ඔහු හුරු වුනා.

මෙලොව උපදින සෑම කෙනෙක්ම උපදින විටම රත්‍රන් පැහැති තෑගි පෙට්ටියක් රැගෙන මෙලොවට පැමිනෙන අතර එය දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ නෑදෑයන්ගේ යහලු හිත මිත්‍රාදීන්ගේ හාදු වලින් පුරවා ඇත.එය අප සතු වටිනාම වස්තුව වන අතර එය සුරැකිව ලග තබා ගැනීම අපේ යුතුකමයි.

►►තරුණයා සහ මහල්ලා◄◄


           වීන පන්නයට හැද පැලද ගත් තරුණයෙක් මුහුදු වෙරළේ සිටි අතර ඔහු පසෙකින් වූයේ අවුරුදු 80ක් පමන වූ මහලු දුර්වල පුද්ගලයෙකි. තරුණයා මහත් ආවේගශීලීව මහල්ලාට පැහැදිලි කරමින් සිටියේ ඔවුන්ගේ පරම්පරාවට නව පරම්පරාව තේරුම් ගත නොහැක්කේ මන් ද යන්නයි.

"සීයලා හැදුනේ වැඩුනේ සම්පූර්ණ වෙනස් ලෝකෙක..."
"මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා ඒක හරිම ප්‍රාථමික එකක්"ඔහු මහ හඩින් පැවසුවේ අවට අයගේ අවධානයත් ඔවුන් වෙත ලබා ගැනීමේ අටියෙනුයි.

"අපේ පරම්පරාව හැදුනේ ජංගම දුරකථන, රූපවාහිනී,පරිඝනක,ලැප්ටොප් එක්ක...
අපේ පරම්පරාවේ අය දැක්කේ මිනිස්සු හද මත ඇවිදින හැටි,ශබ්දයේ වේගයට වඩා වේගෙන් ගමන් කරන ජෙට් යානා..."
"ලෝකේ අනිත් පැත්තේ වෙන දෙයක් ඒ මොහොතෙම බලන්න අපේ පරම්පරාවේ අයට හැකියාව තියනවා."තරුණයා පැවසුවේ සරදම් සිනහවක් සමගයි.

තරුණයාට හොදින් ඇහුම් කන් දුන් මහල්ලා මද වේලාවක් නිශ්ශබ්දව සිටියා

"පුතා කිව්ව කාරණාව ඇත්ත...අපි පොඩි කාලේ ඔය කියන මොකුත් අපිට තිබුනේ නෑ...ඉතින් අපි ඒවා නිපදෙව්වා...දැන් පුතා ඊළග පරම්පරාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?"

ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබද විමසිලිමත් වන්න.

ප්‍රශ්ණ වලට අපි මුහුණ දෙන්න බයයිද?


       පන්තියේ ආරම්භක විද්‍යාව පාඩමේ එදා උගන්වමින් හිටියේ. පාඩම කරන අතරෙම මේසෙ උඩ තිබුන කෝෂයෙන් එළියට එන්න සමනලයා කෝෂය ඇතුලෙම දඟලමින්ම හිටියා.ළමයි ටිකටත් මේක හරිම විනෝදයි. එදා පාඩම වුනේ කො‍හොමද කෝෂයෙන් සමනලයෙක් එලියට එන්නෙ කියලයි.

''ළමයි දන්නවද, මේ කෝෂයෙන් දළඹුවා එළියට ආවම හරි ලස්සන සමනලයෙක් වෙනවා''
ගුරුතුමා පාඩම කියලා දෙනවා. ඒ අතරම හදිස්සි වැඩකට ගුරුතුමාට පන්ති‍ය අතරතුරම එළියට යන්න වුනා.

''ළමයි... මම එනකන් මේ ගැන විමසිල්ලෙන් ඉන්න. හැබැයි කොහොමටවත් කෝෂයෙන් එලියට එන්න කවුරුවත් උදවුවට නම් යන්න එපා හොදද''
අවවාද ස්වරයෙන් කියපු ඔහු එළියට යන්න ගියා... ඔහු ගිය අතර සමනලයා ටික දුරකට කෝෂයෙන් එලියට ඇවිත් ඉතිරි ටික එන්න දඟලනවා.

''මේක හරියන්නේ නෑ, මෙහෙම දඟලලා මේ සතා මැරිලා යාවි. මම ඌට උදවු කරනවා.''

ජෝන් කට්ටියටම ඇහෙන්න කියලා කෝෂය කඩලා සමනලයා එලියට ගත්තා.
ටික වෙලාවකින් ගුරුතුමා නැවතත් පන්තියට පැමිණියා. එලියට ඇවිත් හිටියා සමනලයා දැක්ක ගුරුතුමා...

''මේච්චර ඉක්මනට නම් මේ සතාට එලියට එන්න අමාරුයි. කවුද මේ සමනලයට එළියට එන්න උදවු කලේ?''

‍ජෝන් හරිම භයෙන් අත උස්සගෙනම නැගිට්ටා...

''දන්නවද, සමනලයට උදවු කරලා ඔයා ඒ සතාගේ ජිවිතය විනාශ කලා.'' ගුරුතුමා කිව්වා.

''නැහැ සර් මම ඌට කරදරයක් කලේ නැහැ'' ‍‍සජෝන් කිව්වා...

''මම ඒක දන්නවා. ඒත් කෝෂය ඇතුලෙන් දඟලලා එලියට එන්නේ ඌ තමන්ගේ පියාපත් වල ශක්තියෙන්. අන්න එතනින් තමා පියාඹන්නත් පියාපත් වලට ශක්තිය මුලින්ම ලබාගන්නේ. දැන් ඉතින් ජෝන් කවදාවත් ඌ පියාඹන එකක් නම් නෑ''

අපිත් ජීවිතයේ සමහර තැන් වල මේ සමනලයා වගේම වෙනවා. ජිවිතේ අපට හමුවෙන අභියෝග, ප්‍රශ්ණ වලට අපි මුහුණ දෙන්න බයයි. ඒවට කවුරු හරි කෙනෙක් ඇවිත් උදව් කරනකම් ඉන්නවා. ඒකෙන් වෙන්නේ අපේ ආත්ම විශ්වාසය හීන වෙලා යන එක. එහෙම වුනොත් අපිටත් කවදාවත් ඉදිරියට නම් යන්න අපහසු වේවි. මොකද එයින් ලැබෙන අත්දැකීම හැමදාටම අපිට වැදගත් හින්දා. ඊළග අවස්ථාවේ මොන ප්‍රශ්ණය අභියෝගය ආවත් භාර ගමු. අන්න එයින් ඔබටත් නිදහසේ පියාඹන්න හොද අත්දැකිමක් ලැබේවි. ඒ වගේම තනියම උත්සාහ කරන කෙනෙක්ට තනියම ජීවිතය දිනන්න ඉඩ දෙමු. මොකද අපි අනේ පව් කියල ඒ කෙනාට කරන අනුකම්පාවම එයාගේ ජීවිතය විනාශ කරාවි.

Saturday, March 10, 2012

**රියදුරු~ලකුණු 24 **

           රියදුරු ලකුණු 24 කිව්වාම කට්ටිය බලනවා වෙන්න ඇති මේ මොකක් ද කියලා..මේ රියදුරු ලකුණු 24 ගැන අපි හරියට දැන හදුනාගෙන ඉන්න ඕනේ පාරේ ගමන් කරද්දි..
විශේෂයෙන් වාහනයක උරුම කම් තියෙන ඕනෑම කෙනෙක් මේ ගැන දැනුවත් වේලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ...
තමන්ට වාහනයක් තිබ්බේ නැති වුනත් තමන් රියදුරු වෘත්තිය කරන කෙනෙක් නම් මේ ගැන දැනුවත් ව තියෙන්න ඕනේ..
නැත්නම් අපි නිකන් ම එක එක පොලිස් කාරයන්ගේ බොරු චෝදනාවලට ලක් වෙන්න තියෙන ඉඩ අවස්ථා වැඩි...
හරි අපි දැන් බලමු මොකක් ද මේ රියදුරු ලකුණු 24 කතාව මොකක් ද කියලා..

අනතුරක් වලක්වා ගන්න බැරි වුනා නම්. ~ ලකුණු 06
අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට ~ ලකුණු 08
වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08
අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10
වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06
හරි මං තීරුවේ නොගියොත් ~ ලකුණු 02
ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06
වැරදි පැත්තෙන් ඉස්සර කළොත් ~ ලකුණු 04
දකුණේ නීතිය පිළිනොපැද්දොත්~ ලකුණු 04
දිර්ඝ දුරක් වාහනය පිටු පසට ගියොත්~ ලකුණු 04
සිග්නල් ලයිට් නොසලකා හැරියොත් ~ ලකුණු 06
නලා හඩ (හොන් එකේ ශබ්දය ) වැඩි නම් ~ ලකුණු 06
එන්ජිමෙන් ඕනෑවට වැඩිය ශබ්දයක් ආවා නම් ~ ලකුණු 06
වාහනය ඇතුලේ අධික ලෙස ශබ්දය (සිංදු ඇසිම) වැඩි නම් ~ ලකුණු 06
ආසන පටි දැම්මේ නැත්නම් ~ ලකුණු 03
නීතිය නොසලකා ඉස්සර කලොත් ~ ලකුණු 04
කහ ඉරට කලින් නැවැත්තුවේ නැත්නම් ~ ලකුණු 06
මෝටර් බයිසිකලයේ දෙන්නෙකුට වැඩිය ගියා නම් ~ ලකුණු 04
මෝටර් බයිසිකලයේ හෙල්මට් නොදා ගියා නම් ~ ලකුණු 04
රිය පදවන අතර තුරේදි ජංගම දුරකතනය පාවිච්චි කලොත් ~ ලකුණු 04

මේ වගේ වැරදි කරන කොට ලැබෙන ලකුණු ගණන 24 ක් එකතු වුනා නම්..
අවුරුද්දකට ඒ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත් හිටුවනවා..

උදාහරණයකට දැන් ලකුණු 15 ක් ගත්ත කෙනෙක් හිටියා නම්..
ඊලග අවුරුද්දේදී වරදක් නොකර ලකුණු නොලබා හිටියා නම් ඒ ලකුණු 15 න් ලකුණු 6 ක් අඩු වෙනවා.
ඒ වගේම තව දුරටත් ලබන අවුරුද්දේදි ලකුණු නොලබා සිටියා නම් ලබාගෙන තියෙන සියළුම ලකුණු නැති වී යනවා ලූ..


හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. මේ ලකුණු ක්‍රියාත්මක කරනවා කියලා දඩ මුදල් ගෙවන එක නම් නතර වෙන්නේ නෑල්ලු ..

මේ ගැන නොදන්න අයට දැන ගැනිමටයි මෙය නිර්මාණය කලේ..

මේ ගැන ඔගොල්ලන් දරණ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා..
මේ ක්‍රමයට නම් පදිකයෙක් විදියට බොහෝ දෙනෙක් කැමති වෙයි.. ඒත් මම නම් හිතන්නේ නෑ..
රියදුරෙක් විදියට මේ ක්‍රමයට කැමති වෙයි කියලා.. 

Thursday, March 8, 2012

█ ♥ █ ♥ █ ආදරය ප්‍රකාශ කිරීමට බිය වන්න එපා █ ♥ █ ♥ █


           මට පෙම්වතෙක් හිටියා,එයාගේ නම ජින්. අපි දෙන්නා පොඩි කාලේ ඉදලම එකටමයි හැදුනේ වැඩුනේ. පහුගිය වසර වෙනකන් අපි දෙන්නා හොද යාලුවෝ වගේ හිටියත් පාසලෙන් ගියපු විනෝද චාරිකාවක් අතර තුර අපි දෙන්නා පෙම්වතුන් බවට පත් වුනා.
සාමාන්‍ය විදියට නම් වෙන්නේ පිරිමි ළමයා ගෑණු ළමයට ආදරේ ප්‍රකාශ කිරීම වුනත් අපි දෙන්න ගෙන් මුලින්ම ආදරේ ප්‍රකාශ කලේ මම...විනෝද චාරිකාව අතරතුර මට තේරුනා මම ඔහුට ආදරය කරන බව,මම චාරිකාව නිම වෙන්නත් කලින් ඔහුට ඒ බව ප්‍රකාශ කලා,අපි පෙම්වතුන් වුනා.

අපි දෙන්නා පෙම්වතුන් වුනත් අපි දෙන්නා එකිනෙකාට ආදරේ කලේ වෙනස් විදියට..
මට හැම මොහොතම ඔහුත් සමග ගත කරන්න අවශ්‍ය වුනත් ඔහුට එහෙම උනේ නෑ. ඔහුට මිතුරියන් ගොඩක් හිටියා,මගේ ලෝකෙ එකම පිරිමියා ඔහු පමනක් වුනත් ඔහුගේ ලෝකයේ මම තවත් එක කෙල්ලෙක් විතරක්ද කියලා හිතුන වාර අනන්තයි.

"ජින් අපි අද ෆිල්ම් එකක් බලන්න යමුද" දවසක් මම ඇහුවා
"මට බෑ"
"ඇයි? පාඩම් කරන්න තියනවද?"
"නෑ යාලුවෙක් හම් බෙන්න යන්න තියනවා"

ඔහුගේ හැසිරීම් ඒ වගේ. ඔහු මගේ ඉදිරියෙදිම ඔහුගේ මිතුරියන්ව මුන ගැහෙනවා,ඔහුට මාව තවත් එක "ගෑණු යාලුවෙක්" පමනක් බවයි මට හිතුනේ.ආදරේ කියන වචනය පිට වුනේ මගේ කටින් විතරයි,මම දන්න කාලේ ඉදලම එකම එක වරක්වත් ඔහුගේ කටින් ආදරේ කියන වචනය පිට වෙලා නෑ. එයා කවදවත් "මම ඔයාට ආදරෙයි" කියලා නැති උනත් හැමදාම එක දෙයක් කලා,ඒ මට හැමදාම බෝනික්කෙක් දෙන එක,අපි හමුවෙලා සමුගන්න හැම වෙලාවෙම ඔහු මට බෝනික්කෙක් දුන්නා. කවද හරි අපිට හමු වෙන්නෙ බැරි උනොත් අපේ ගෙදර ලගට ඇවිල්ලා හරි ඒ බෝනික්කව මට දෙන්න ඔහු වග බලාගත්තා.
මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

එක දවසක්,
මම : "ම්ම්ම්ම්...ජින්..."
ජින් : "ඇයි? ඇද ඇද ඉන්නේ නැතිව කෙලින්ම කියන්නකෝ"
මම : "මම ඔයාට ආදරෙයි"
ජින් : "ම්ම්ම්..... මෙන්න මේ බෝනික්කව අරගෙන ගෙදර යන්න"
ඔහු එහෙමයි "ආදරේ" කියන වචනය නොසලකා හැරියේ,බෝනික්කව මට දෙන ඔහු ඊට පස්සේ ගොඩක් ඉක්මනින් මගෙන් ඈත් වෙලා යනවා,හරියට මගෙන් පැනලා දුවනවා වගේ.

මෙහෙම දවසින් දවස ගෙවිලා ගිහින් මගේ 18 වෙනි උපන් දිනෙත් ලැබුවා. උදේ අවදි වුන මම ඔහුත් එක්ක මගේ උපන් දිනය සැමරීමට නගරයේ අවන්හලකට යන ගමනක් ගැන සිහින මැව්වා. මගේ උපන් දිනයට සුභ පතා ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පැයෙන් පැය ගෙවී ගොස් රාත්‍රියත් උදා වුනා,ඒත් තවම ඔහුගෙන් ඇමතුමක් නෑ. අවසානයේ රාත්‍රී 9ට පමන ඔහුගේ ඇමතුම පැමිනියා,
"පොඩ්ඩක් එලියට එනවද" ඔහුගේ ඇමතුම එපමනයි.
කෙතරම් ප්‍රමාද වී හෝ ඔහු ඇමතුමක් ලබා දීම පිලිබද ප්‍රීතියෙන් මම ඔහු හමු වීමට නිවසින් එලියට පැමිනියා. ඔහු එලියට වී බලා සිටියා,

මම : "ජින්..."
ජින් : "ආ...මේන ගන්න..."
ඔහු මට තව බෝනික්කෙක් දුන්නා
මම : "මේ මොකද්ද?"
ජින් : "දවල් මේක දෙන්න බැරි උනානේ,ඒකයි මම මේක දෙන්න ආවේ,මම යනවා,බායි."
මම : "යන්න එපා,ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා?"
ජින් : "අද? මොකද්ද?"
මට ගොඩක් දුක හිතුනා...මම හිතුවා ඔහුට මගේ උපන් දිනේ මතක ඇති කියලා,ආපසු හැරුනු ඔහු යන්න ගියා
මම : "ජින්...ජින්..ඉන්න"
ජින් : "ඇයි? මොනවා හරි කියන්න තියනවද?"
මම : "මට කියන්න ඔයා මට ආදරෙයි කියලා"
ජින් : "මොකක්?"
මම : "කියන්න......""

මම ඔහුට යන්න නොදී ඔහුගේ ඇගේ එල්ලුනා.නමුත් බොහෝම සරළ වචන කීපයක් කිව්ව ඔහු මගෙන් ඈත් වෙලා යන්න ගියා.
"මට කියන්න ඕනි නෑ, කාටවත් ආදරෙයි කියලා මම එච්චර ලේසියෙන් කියන්නේ නෑ,ඔයාට ඔච්චරටම ඒක අහන්න ඕනි නම් වෙන කෙනෙක්ව හොයා ගන්න"" ඔහු එහෙමයි කිව්වේ.

ඔහු කොහොමද එහෙම දෙයක් මට කිව්වේ කියලා මම ඇදට ඇවිත් කල්පනා කලා,ඔහු මට නොගැලපෙන බව මට මුලින්ම සිතුනේ එදා.මම සතියක් විතර පාසල් ගියේ නෑ.ඒ දවස් කීපයම මම ගත කලේ හඩමින්. ඔහු ඒ සතියේම මට ඇමතුමක්වත් දෙන්න උත්සාහ කලේ නෑ,ඒත් හැමදාම ඇවිත් බෝනික්කෙක් දීලා යන්න අමතක කලෙත් නෑ.

සතියකට පස්සේ මම පාසල් ගියා,ඒත් පාසලට ඇතුල් වෙන්නත් කලින් මම ඔහුව දුටුවා. ඔහු පාරේ තවත් කෙල්ලෙක් සමග කතා කරමින් ඉන්නවා,ඔහුගේ අතේ බෝනික්කෙකුත් සිටියා. ඔහුගේ මුහුනේ තිබුනේ කවදාවත් මට නොපෙන්නපු විදියේ ආදරණීය හිනාවක්.
මට තව දුරටත් ඒ දසුන බලන්න පුලුවන් කමක් තිබුනේ නෑ,මම ආපසු නිවසට ආවා. කාමරයට ගිය මම දැක්කේ ඔහු විසින් මට ලබා දී ඇති සිය ගණනක් වූ බෝනික්කන් පමනයි. ඇයි ඔහු මේවා මට දුන්නේ? ඔහු මේවා ලබා ගන්නේ වෙනත් කෙල්ලොන්ගෙන් වෙන්න ඕනි. සිතට නැගුනු කෝපයත් සමග මම බෝනික්කන්ව කාමරය පුරා විසි කලා.

ඒ මොහොතේ දුරකථනය නාද උනා,ඔහුගෙන් ඇමතුමක්. මට නිවසින් පිටතට එන්න කියලා ඔහු ඉල්ලීමක් කලා.මම සිතාගත්තා අද අපේ සම්බන්ධය අවසන් කරන බවට..
ඔව් අද මම ඔහු හමු වෙන අවසන් දිනයයි.
කදුලු පිසගත් මම නිවසින් පිටතට පැමිනියා.ඔහු නිවසින් පිටත පාරේ රැදිලා හිටියා,ඔහුගේ අතේ අද හිටියේ විශාල බෝනික්කෙක්...

ජින් : "ජෝ...මම හිතුවා ඔයා තවම අඩ අඩ ඇති කියලා"

සමච්චල් සහගත සිනාවක් සමග ඔහු එහෙම කිව්වා. සිදු වූ සියල්ල නොසලකා මාව විහිලුවට ගත් ඔහු ගැන මගේ සිතේ ඇති වුනේ වෛරයක්.

ජින් : "ආ මේක ගන්න""
ඔහු සුපුරුදු පරිදි බෝනික්කව මගේ දෙසට දික් කලා
මම : "මට ඕනි නෑ"
මම තරහෙන් කිව්වා
ජින් : "මොනවා...ඇයි?"
මම බෝනික්කව ඔහුගේ අතින් උදුරගෙන පාරට විසි කලා

"මට මේ බෝනික්කව අවශ්‍ය වෙන්නේ නෑ...ආයේ කවදාවත් මට තමුසෙගෙ බෝනික්කෝ ඕනෙ නෑ...මට තමුසේ වගේ මිනිහෙක්ව දකින්නවත් අවශ්‍ය නෑ මීට පස්සේ" මම කෝපයෙන් කෑ ගැසුවා.

නමුත් ඔහු වෙනදා වගේ නෙවේ...මම දැක්කා කදුලු වලක්වගන්න ඔහුගේ ඇසි පිය වේගෙන් සැලෙනවා
"මට සමාවෙන්න""""" සෙමින් කිව්ව ඔහු බෝනික්කව අහුල ගන්න ගියා.

"පිස්සෙක්ද ඔයා? ඔය බෝනික්කව විසි කරලා දානවා...ඔය බෝනික්කෝ මොකටද?"

ඒත් මට කන් දුන්නේ නැති ඔහු බෝනික්කා දෙසට පා නැගුවා.මේ වෙලාවේ මට ඇහුනා වාහනයක හෝන් ශබ්දයක්,විශාල ලොරියක් අපි දෙසට එනවා.ඒත් මේක නොදැක්ක ජින් පාර මැද්දට යනවා බෝනික්කව අහුල ගන්න.

"ජින්...ජින්...ආපහු එන්න..වාහනයක් එනවා..."මම කොච්චර කෑ ගැහුවත් පලක් උනේ නෑ.

විශාල ශබ්දයක් ඇහුනා...ජින්ව ලොරි රථයේ ගැටුනා...ඔහු තවත් එක වචනයක්වත් නොකියා මගෙන් සදහටම සමු ගත්තා.

එයින් පසු දින ගණනාවක් මම කාමරයෙන් එලියට පැමිනියේ නෑ. ඔහුගේ මරණයේ දුකත් ඒ පිලිබද වරදකාරී හැගීමකුත් මගේ සිතේ තිබුනා.

එක දවසක් මම ඔහු මට දුන්න බෝනික්කන් සියල්ල රැගෙන ඒවා ගණන් කරන්න පටන් ගත්තා.අපි මුලින්ම ආදරේ කරපු දවසේ ඉදන් ඔහු මිය ගිය දවස වන තුරු දිනපතා ලබා දුන් බෝනික්කන් විශාල සංඛ්‍යාවක් මගේ කාමරයේ පිරී තිබුනා.

එකයි...දෙකයි...තුනයි...
හාරසිය අසූ හතරයි...හාරසිය අසූ පහයි.

බෝනික්කන් හාරසිය අසූ පහක් ඔහු විසින් මට ලබා දී තිබුනා.
ඔහු සමග ගත කල ඒ දවස් මතක් වීමෙන් මට ලොකු දුකක් දැනුනා.බෝනික්කන් තදින් තුරුලු කරගත් මම මහ හඩින් හඩන්න උනා. ඒත් හදිසියේම "මම ඔයාට ආදරෙයි" "මම ඔයාට ආදරෙයි" කියලා ජින් ගේ හඩින් මට ඇහුනා. විශ්මයට පත් වූ මම එක් බෝනික්කෙකු රැගෙන එහි උදර ප්‍රදේශය තද කලා.

"මම ඔයාට ආදරෙයි" යලිත් ජින් ගේ හඩ...මම විශ්මයෙන් ගල් ගැසුනා...
සෑම බෝනික්කෙකුගේම උදර ප්‍රදේශය තද කල විට ඇසුනේ ජින් සෙමින් "මම ඔයාට ආදරෙයි" කියන ශබ්දය...

ඇයි මට මේක කලින් තේරුණේ නැත්තේ? ඇයි ඔහුගේ සිතේ මට තියන ආදරය මට පෙනුනේ නැත්තේ? මම ඔහු ගැන කෙතරම් වැරදියට සිතුවත් ඔහු මියයන තුරුම මට ආදරය කර ඇති බව මට වැටහුනේ ඒ මොහොතේයි.

අවසානයේ මම අවසන් දිනයේ ඔහු ලබා දුන් විශාල බෝනික්කාව ඇද යටින් එලියට ගත්තා.එහි තැනින් තැන ඔහුගේ ලේ පැල්ලම්.එහි උදර ප්‍රදේශය තද කල විට මට යලිත් ඇහුනේ ඔහුගේ ආදරණීය හඩ....

"ජෝ..ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා? අදට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගෙන දවස් 486ක්...ඔයා දන්නවද 486 කියන්නේ මොකද්ද කියලා? මම ඔයාට කවදාවත් ආදරෙයි කියලා නෑ...මට සමාවෙන්න....
.මම හැමදාම ඔයාට ආදරෙයි කියනවා කියලා හිතුවත් ඔයා ලගදි මට ඒ වචන පිට කරගන්න බෑ...ඒකයි මම හැමදාම පොඩි බෝනික්කෙක් ඔයාට දුන්නේ...
ඔයා මට සමාව දීලා මේ බොනික්කව ගත්තොත් මම අද ඉදලා මම මැරෙන තුරු හැමදාම ඔයාට ආදරෙයි කියනවා...ඔව් ජෝ...මම ඔයාට ආදරෙයි"

මට මාවම පාලනය කරගන්න බැරි වුනා...මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ආවා...මම දෙවියන්ගෙන් ඇහුවා ඇයි මට මේ දේවල් තේරෙන්න මෙච්චර පරක්කු වුනේ කියලා...ඇයි මට ඔහුගේ ආදරය කලින් නොතේරුනේ.
(486 යනු කොරියන් භාශාවෙන් I LOVE YOU වෙනුවට භාවිතා කරන වදනකි.)

ජීවිතයේ ඔබ යමෙකුට ආදරය කරනවා නම් එය ඔහු/ඇය වෙත ප්‍රකාශ කිරීමට බිය වන්න එපා...ලැජ්ජා වන්න එපා.

ඇඳුම් ගනිද්දි පරිස්සමින්!!!




              මං මේ දවස් වල ඉන්නේ ලංකාවේ...නිවාඩුවට ආව!ඒ නිසා මේ පාර අවුරුද්ද ගෙදර අයත් එක්ක අවුරුදු දෙකකට පස්සෙ සමරන්න පුලුවන් උනා...අපේ ඊද් දවසේ වැඩි වේලාවක් ගතවෙන්නේ ජැන්ඩියට කිට මරලා පල්ලිය පැත්තේ ගිහින් ඇවිත් ඉස්තරම් බුරියානියක් වටලප්පමක් එක්ක ගහලා වටේ පිටේ නෑදෑ ගෙවල් දෙක තුනකට ගිහින් සම්තින් එකක් හොයා ගන්න එකට කියල කස්ටිය දන්නවා ඇතිනේ! ඔන්න ඉතින් ඇඳුම් ගන්න සුපුරුදු පරිදි මාත් පවුලේ උදවිය එක්ක ගියා..අම්මලා නංගිලා එක්ක ඇඳුම් කඩවලට යන අය දන්නවා නේ ආතල් එක කොහොමද කියලා...මගේ ජීවිතේ මං අකමැතිම දේ තම පවුල් පිටින් සාප්පු සවාරි යාම..බැන්ඳදාක වත් යන්නේ නෑමයි මං..(අර ඇඳුම් කඩවල තියල තියන පු‍ටුවල නාහෙන් කටෙන් බැග් මලු එල්ලගෙන සංසාරේ එපා වෙලා වගේ ඉඳගෙන ඉන්න අයියලා,අංකල්ලා දැක්කව්ම හිතෙනවා ඒ ආතල් එක කොච්චර සුන්ඳරද කියලා! :)  ) එහෙම කියලා යාලුවෝ එක්ක යන්නත් බෑ..එතකොට බජට් එක සීමිත වෙනව නේ!
මං සාමන්යෙන් කරන්නේ ටක් ගාල මට ඕන ඇඳුම් ටික අරගෙන වාහනේට වෙලා ඉඳගෙන ඉන්න එක..මේ පාරත් දවස් 10කට කලින් ඇඳුම් ගන්න ගියා කොලඹ ප්‍රසිද්ද කඩේකට..ගිහින් දඩබඩ ගාල සර්ට් එකකුයි ටී සර්ට් දෙක තුනකුයි අරන් ගියා කලිසමක් ගන්න...කලිසමක් ගන්නවට වඩා ඩෙනිමක් ගත්තම අවුරුදු පහ හයක් දෙයියනේ කියල අඳින්න පුලුවන්නේ (පාට ගියත් ඒකත් ෆැෂන් එකක් නේ) කියල හිතාගෙන ගිහින් වේස්ට් සයිස් එක කියල සේල්ස් මැන් කාරයා ඇදලා දාපු දෙක තුනකින් එකක් ‍තෝරගත්තා!

ඒක එහෙමම ගෙදර ගෙනත් කබඩ් එකේ දාපු පාර එලියට ගත්තේ අද උදේ! ඉතින් අද උදේ අවුරුදු දවසේ නාල කාල ඇවිත් නමො විත්තියෙන් කලිසම දාන්න හදනකොට තමා දැක්කේ ඒකේ පැත්තෙන් ඉන ගාව හිලක්! කොහොමද ආතල් එක???දැන් මාර කේස් එක..උස්සන් ගියාම අම්මගාවට අම්මගාව බිල තියනවලු..හැබැයි ඒකේ තියනවලු දවස් 7ක් ඇතුලට මාරු කරන්න ඕන කියලා..දැන් දවස් 7 කෑලිත් නෑ..ඒ අස්සේ අම්මත් කෑ ගහනවා බැලුවේ නැද්ද අරකද මේකද කියලා..ඕක මං කොහොමත් අරන් යනවා...මාරු කරල  දුන්නේ නැත්නම් කෑෂ් කවුන්ටර් එක උඩ බුදියගන්නවා! රු.2000ක් දීල ගත්තු එකට දුම් අල්ලන්න යැ නැත්තම් නේ!
මොනා කරන්නද!ඒ පාර හොඳ වෙලාවට වැලේ මං හොදන්න දාල වේලුනු ඩෙනිමක් තිබුනා....ඒක අයන් කරලා ඇඳගත්තා  ඉතින්!

ඒ නිසා මං වගේ මෝඩයෝ ඉන්නවා නම් (මොඩියො නම් නැති වෙයි) ටිකක් වෙලා ගියාට කමක් නෑ පොඩ්ඩක් හොයල බලලා ගන්න! අහ්! තව ‍ෆිට් ඔන් කරල බැලුවේ නැත්නම් ටැග් ටික නොකඩා එක පාරක් දාල බලන්න...

-උපුටා ගැනීමකි-

Tuesday, March 6, 2012

එක පාරටම ඇහුණේ මල මූසල මුස්පේන්තු හඬක්

   " එදා දවස පුරාම පොද වැස්ස වැටෙමින් තිබුණා මතකයි. කුප්පි ලාම්පුවේ එළියෙන් ලොක්කයියයි මායි දාං අතක් අදිමින් උන්නා. අම්මයි , නැන්දයි දෙන්නා කුස්සියේ දුම් ගහමින් රෑ කෑම වේල උයනවා .වෙලාව රෑ අටත් පැනලා ..එක පාරටම මහ වත්ත පැත්තෙන් ඇහුණේ මහා මල මූසල මුස්පේන්තු හඬක් . !!"

බඩ පපුව හීතල කරගෙන යද්දී අපි දෙන්නම එක පිම්මේ දුවලා ගිහිං නතර වුණේ කුස්සියේ .

ඒ මූසල විලාපය කනට වැටුණු දවස් වෙනකොට අපි යන්තම් සිස්සත්තෙට මූණ දෙන පොඩි එවුන් වග ඇත්ත . ඒත් ඒ එදා මට ඇහුණු විලාපය මතක් වෙද්දි එදාට වඩා සෑහෙන අවුරුදු ගාණකින් වයසින් වැඩුණු මගේ හිත අදටත් ගැස්සිලා යන හේතුව මම තවම දන්නේ නෑ .

"ඔය කෑගෑවේ සොඳරි !! උඹලා බය වෙන්න එපා ! ගෑනු ඉන්න තැන් වලට සොඳරි එන්නේ නෑ . නැන්දා එහෙම කීවේ ලිපේ තිබුණු පරිප්පු හොදි එක පොල්කටු හැන්දෙන් හැඳිගාන අතරේ . “

ඔය කියන කාලේ අපේ ගමට කරන්ටෙක ලැබිලා තිබුණත් . අපේ දිහෑවට කරන්ටෙක ලැබිලා තිබුණේ නෑ . මොකද කීවොත් ඒ වෙනකොට මම උන්නේ මයෙ තාත්තට රජයෙන් දීලා තිබුණු කෝටස් එකේ . ඉතින් ඒ කෝටස් එකට කරන්ටෙක ගන්න අපිට පුළුවන් කමක් තිබුණේ නෑ !. තාත්තා නැති වුණාට පස්සේ අපිව එතනින් එළවාගන්න තිබුණු උවමනාව නිසාමද කොහෙදෝ අපිට කරන්ටෙක අරන් දෙන්න වගකිව යුත්තන්ගේ කිසිම උනන්දුවක් තිබුණෙත් නෑ !

ඒ වෙද්දි ලයිට් එළිය දකින්න පින නැති පළගැටියෝ වෙච්චි අපි ජීවිතේ එළිය කරගත්තේ ගෙදර හදාගත්තු කුප්පි ලාම්පුවෙන් තමයි . මුලු ගෙදරම කට්ට කළුවර මකන්න කුප්පි ලාම්පුවේ එළියට බැරි වුණත් කුප්පි ලාම්පු දෙකකින් විහිදුණු එළියෙන් අපි හැමෝම සෑහීමකට පත් වෙන්න පුලුවන් වුණා . එක ගෙයක ලාම්පු තුනක් පත්තු කරන්න හොඳ නැතෙයි කියන්නේ !

ලිපේ උඩ පැහෙමින් තිබුණු පරිප්පු හොද්ද හැඳිගාලා ඉවර වෙච්ච නැන්දා ලිප ගාව තිබුණු කොස්ස අතට අරගෙන ඉස්සරහා දොර ගාවට යන හැටි ලොක්කයියයි මායි බලාගෙන හිටියේ හරිම කුතුහලෙන් . ඉස්සරහා දොර යන්තම් ඇරපු නැන්දා කොස්ස එළියට වීසි කරලා දාලා ආයෙමත් දොර වහලා දොර පොල්ල තද කළා .

"ඇයි නැන්දා ඔයා කොස්ස එළියට විසික් කෙරුවේ ?”

හිතට නැඟෙන හැම ගැටළුවකටම ඒ මොහොතේම පිළිතුරක් ලබා ගන්න උත්සාහ කරපු එක මගේ පොඩි කාලේ හැටියක් .

"සොඳරි ඉලපතට , කොස්සට වගේ ගෑනුන්ට අයිති දේවල් වලට බයයි !”

මම ලොක්කයියා කීවේ මයෙ නැන්දගේ පුතන්ඩියාට. ඒකා මට වැඩියෙ අවුරුද්දකින් වැඩිමල් ! ඉගන ගන්නත් මට වඩා බොහොම දක්‍ෂයි . දාං අදිද්දිත් ලොක්කයියා මාව නිතරම පරද්දනවා . උගෙයි මගෙයි සමාන කමකට කියලා තිවුණේ අපි දෙන්නගෙම තාත්තලා කොටි වෙඩි තියලා මරාදාලා තිබුණ එක විතරයි .

"උඹ සොඳරිව දැකලා තියනවද මලේ ?”

වහලේ දිහෑ බලාගෙන බර කල්පනාවක උන්නු ලොක්කයියා මගෙන් එහෙම අහද්දී මගෙ හිත ගැස්සිලා ගියා .

"නෑ කවදාකවත්ම දකලා නෑ ටීවී එකේවත් දැකලා නෑ ගැහෙන හදවතින් මම උත්තර දුන්නා .”

පරිප්පුත් එක්ක බත් කන අතරේ නැන්ද අපි දෙන්නට සොඳරිගේ කතාව කියන්න පටන්ගත්තා . යන්තම් කළුවර තැනක හිටපු අපි දෙන්නා බය හින්දම කුප්පි ලාම්පුව ළඟට කිට්ටු වුණා ‍‍

"සොඳරි කියන්නේ ළමයෙක් හම්බුවෙන්න උන්නු ගෑනු කෙනෙක්ලු . බොහොම ලස්සනයිලු . ඒ වුණාට ඉතින් සොඳරිගේ මනුස්සයා සොඳරිට නිතරම සලකලා තිබුණේ හරිම නරක විදිහටයි කියලයි මම අහලා තියෙන්නේ . “

"ඉතින් ඉතින් ...?” කුතුහලය නිසාම අපි කතාව අහගන්න පුදුම විදිහට නොයිවසිල්ලෙන්

"සොඳරි ළමයාව වදන්න බොහෝම කිට්ටු කාලෙකදී දවසක් සොඳරිගේ මනුස්සයා සොඳරි එක්ක දබරයක් ඇති කරගෙන තිබුණා . ඉතින් ඒ මිනිහා සොඳරිට හොඳටෝම තඩිබාලා ගෙදරින් එළියට දාලා දොර වහගත්තා . අනේ ඉතින් බඩට වැදුණු පාපහරක් නිසා සොඳරිට හොඳටෝම අමාරු වුණා වතුර පොදක්වත් හොයා ගන්න හිතාගෙන කැලේ පැත්තට බඩගාගෙන යද්දි සොඳරි කැලේ මැද්දෙම මියැදුණාලු ..”

"ඉතින් ඒකද කතාව ?”

"ඉවර නෑ , සමහරු කියනවා එදා ඒ විදියට මියැදිච්ච සොඳරි අද පිරිමි සංහතියටම වෛර කරනවාය කියලා . ඔය ඇහුණේ විලිරුදාවෙන් කෑගහන අම්මන්ඩියෙකුගේ හඬ නේද ? කාටත් ඇහෙන්නේ ඔය හඬ විතරමයි කාටවත් ඔය සොඳරිව දැක ගන්න නම් බෑ දැක්ක කෙනා ජීවත් වෙන්නෙත් නෑ . “

නැන්දාගේ කතා විලාසයට මගෙ බඩ පපුව හීතල වෙලා ගියත් මම බය නැති බව පෙන්වන්න ගොඩක් උත්සහ කළා . 

"පිරිමියෙක් ඔය වෙලාවේ එළියට බැස්සොත් සොඳරි උගෙ බෙල්ලේ එල්ලිලා පහුරු ගාලා මරලා දානවලු . ඒත් ගෑනුන්ට නම් පණ බයයිලු . දැන් ඔය හඬ ඇහුණදා ඉඳලා දවස් හතක් ගිය තැන ගමේ කොතැනක හරි පිරිමියෙක් ගේ මල ගෙයක් අපිට ආරංචි වෙන්නැද්ද කියලා බලපල්ලකෝ . !”

අපි පිරිමි තමයි ඒත් ඒ වෙනකොට යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එමින් හිටි පොඩි එවුන් වෙච්ච අපි ඔය විකාර කතා , ඕනෑවටත් වඩා පිළිගත්තා . මුත්‍රා බොක්ක පැලෙන්න තරම් චූ බරක් හැදිලා තිබුණත් නැන්දා කීව කතාව නිසා එළිය බහින්න තිබුණු බයට ගේ ඇතුළේ තිබුණු බාජනේකට චූ කරලා බයේ ගැහි ගැහී ඈඳට වැටිලා නිදාගන්න හදාපු එදා ඒ මොහොත මට තවම මතකයි හරියට මේ අද වගේ .

පහුවදා අම්මයි නැන්දයි දෙන්නම ගමේ පන්සලට ගිහින් බෝධි පූජාවක් තියලා පිරිත් වතුර බෝතලයක් අරං ඇවිත් ගෙදරට ඉස්සා . එදා ඒ කල දේවල් දිහා පොඩි එවුවෝ වෙච්ච අපි මහ පුදුම භක්තියකින් බලාන හිටියා

ඒත් අද මේ සරීර කූඩුව ඇතුළේ ඉන්නේ ඒ එදා හිටපු මල් පෙති වගේ බොළඳ හිත් තිබුණු පැඟිරි පොඩි එවුන් නෙවෙයි . කාලය ගත වෙලා ගිහින් අපි කරදඬු උස් මහත් වෙච්ච ඉලන්දාරි වෙලා . දැන් මේ හිත් හරියට කලු ගල් ගෙඩි වගේ සවි සක්තියෙන් උපරිමේට පිරිලා . මිථ්‍යා විශ්වාස වලට . නිමිති වලට, දැන් මේ හිත් ඇතුළේ ඒ තරම් තැනක් නෑ, තැනක් දෙන්න අපි කැමතිත් නෑ .

"විභාගෙට යන්න කලියෙන් නිමිත්තක් බලන්න යමු !”


නිතර ඔහොම කියන මගෙ අම්මා කොයි වෙලේත් කේන්දර , බෝධිපූජා , නිමිති හරි හරියට විශ්වාස කලා . හූනෙක් "චික් චික් " ගෑවම කොයි තරම් වැදගත් වැඩක් වුණත් පමා කරා . උදේ හවා දෙවියන්ට පහන තියන එක මහා ලොකු වගකීමක් කියලා හිතාගෙන වැඩ කලා . ගෙදර මිනිස්සු කරපින්නාගෙන ඉන්න මිථ්‍යා විශ්වාස කඩලා දාලා ඒ වැහිච්ච ඇස් අරවන්න මම කොතෙකුත් විශ්වාස කලා ඒත් වැඩක් නෑ .. මම තවම කජු කිරි කොල්ලෙක් ලු මට ඔවුවායේ තියන බලපෑම් තේරෙන්නේ තව ඉස්සරහටලු ..

තල් මලක් පීදුණොත් ගම් හතක් පාළු වෙනවාළු ! , සොඳරි හඬා වැටුනොත් දින හතක ඇතුළත පිරිමියෙකුගේ මරණයක් වෙනවාළු , හූනෙක් ඇඟට වැටුණාම විවිධ සුබ අසුභ දේ සිදු වෙනවාළු . යාළුවෝ ගැන්සියත් එක්ක අඩිය දානකොට නම් ඔවුවා උපහාසෙට අරං හිනා වෙන්න මට හොඳටම පුළුවන් . ඒත් මගේ හිත ඇතුළෙන් මම මේ අවිද්‍යාවත් එක්ක සටන් වදිනවා බොහෝම හෙමින් . මේවා ඇත්තද ? , බොරුද ? , පොඩි හෝ ඇත්තක් තියනවවත්ද ? අමූලික බොරු මනස්ගාතද ? මම තවම හොයනවා .. !

මීට දින කීපයක කලින් සෙනසුරාදා බෝම කාලෙකට පස්සේ අපිට සොඳරිගේ විලාපය ඇහුණා ! අම්මා රේඩියෝ එකේ පිරිත් මහ සද්දෙන් වැඩි කරන අතරේ මම එළියට බැහැලා ටෝච් එක ගහලා හතර අතේ හොයන්න ගත්තේ අම්මගේ නොනවතින දෝස්මුරේ මැදයි .
මෙවුවා මල විකාර

හිතෙන් බැණ බැණ ගෙදරට ආපු මම දොර වහලා දාලා බුදියගත්තා . ඒත් හරියටම ඊට දින තුනකට හතරකට පස්සේ ගෙවල් කීපයකට උඩින් ඉන්න නයනානන්ද මාමාගේ අවමගුලට සහභාගී වෙන්න මට සිද්ද වුණා . !

නයනානන්ද මාමා මගේ ගමේ හිටපු දෙවියෙක් වගේ මිනිහෙක් . මගෙ හොඳම යාළුවා කිතුලා ගේ තාත්තා . ඒ අවමගුලට සහභාගී වෙලා නිදි මැරුව ඊයේ දවසේ රෑ . අපි කතා වුණේ සොඳරි කෑගෑවේ මේ නිසාද කියන එකයි . .. ඒ ගැන අපි කාටවත් හරියට උත්තරයක් හොයාගන්න කවදාවත් බැරි වේවි .

මිථ්‍යා මත පිළිගන්න ඒවා මත්තේ නැහෙන්න තරම් මගෙ හිත දුබල නෑ ඒත් මේ ඇහෙන දකින දේ බොරු කියලා කියන්න තරම් මට හයියකුත් නෑ ! . හිතට එකඟවම කියනවා නම් මම දැන් මේ අමුතු දේවල් ටික ටික විශ්වාස කරනන්න පටන් අරං ..! විකාර කියලා හිතෙන් බැහැර කරන දේ මගෙ ඇස් පනාපිටම සිද්ද වෙනකොට මම කෝමද මේවා බොරුය කියලා හිනහ වෙන්නේ ...!

ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොන්නක් .සමහර ප්‍රශ්න වලට උත්තර තියනවා . සමහර ප්‍රශ්න වලට උත්තර නෑ .. !
රැයක් තිස්සේ නිදි මරලා ඇවිදින් මේ ඩිංගිත්ත ලීවේ .මාසෙට ලියන ලිපි හත ගහන්නත් වඩා හිත හදාගෙන පොළවේ පය ගහලා ඉන්න ඔනෙ නිසාමයි . ! 


* උලමා යන සත්වයා අපේ පලාතේ සොඳරි ලෙස හඳුන්වයි.

උපුටා ගැනීම - 
සත්‍ය හොල්මන් කථා 
https://www.facebook.com/groups/191754987600288/

''දුවට හොදටම උණ ඉක්මනට ගෙදර එන්න''

        රාජකාරියේ ඉන්න කොට ඒ ආපු දුරකතන ඇමතුමත් එක්ක ඈන් නෝනා ගොඩාක් කලබල වුනා. ඇය කලබලයෙන්ම වැඩ කටයුතුත් අතහැරලාම කාර්යාලයෙන් පිටවුනා. අතරමග වාහනයෙන් බැහැලා ෆාමසියෙන් බෙහෙත් ටිකකුත් අරන් වාහනයට එන කොට වාහනය ලොක් වෙලා. ඇය කලබලයට වාහනයේ යතුර වාහනය ඇතුලේ තියෙද්දීම දොරලොක් කරලා.

''අනේ දෙවියනේ ! මම දැන් මොකක්ද කරන්නේ.''

ආපහු ගෙදරින් ආපු ඇමතුමට ඇය සිදුවුනු දේ කියද්දී එහා පැත්තෙන් කිව්වේ ''බබාට දැන් නම් ගොඩාක් අමාරුයි ඉක්මනට එන්න'' කියලයි. ඈන් ගොඩාක් කලබල වුනා.

''මම මේකට මොකක්ද කරන්නේ? කොහොමද මේ දොර ඇර ගන්නේ? අනේ දෙවියනේ, මට උදවු කරන්න. මට උදවු කරන්න.'' ඇය මුමුණනවා.

විනාඩි 5ක් ගත වෙද්දීම කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කබල් වාහනයක් ඒ පාරේ එනවා. ඔලුව එලියට දාලා ඒ කාරේක ආපු රුවුල වැවිච්ච, ඉතාම අපිරිසිදු වයසක මනුස්සයා...

''නෝනා... මොකද වුනේ? උදව්වක් එහෙම ඕනද?'' කියල ඇහුවා.

''දෙවියනේ, මේ අපිරිසිදු වයසක මනුස්සයාද මට උදවුවට එව්වේ.'' ඇය හිමින් කෙදිරුවා.

''ඔව්... මගේ දරුවා ලෙඩ වෙලා. කලබල හින්දම යතුර කාර් එකේම තියලා මම දොර ලොක් කරලා. ඔබට පුළුවන්ද දොර ඇරලා දෙන්න? ලොකු උදව්වක්.''

''පොඩි දෙයක්නේ... මම කරලා දෙන්නම්.'' කිව්ව ඔහු ඉක්මනටම ඒ අසල අහකට විසි කරලා තිබුනු ඇදුම් එල්ලන හැඟර් එකකින් දොර ඇරලා දුන්නා.''

''ඔයා නම් හරිම හොද මනුස්සයෙක්... ඔයාට බොහෝම ස්තුතියි !'' ඇය ඔහුව වැලඳ ගත්තා.

''නෝනා !''

''ඔව්... කියන්න.'' ඈන් කිව්වා.

''නෝනා, මම හොද මනුස්සයෙක් නම් නෙවෙයි. මම මේ දැන් හිරගෙදර ඉදලා එන ගමන්. මම අදයි නිදහස් වුනේ. දන්නවද? මම කාර්, වාහන හොරකම් කරපු එක තමයි කරපු වරද. ඒ වරදට තමා හිරේ ගියෙත්.''

ඈන් ආපහු බොහෝම සතුටින් මේ මනුස්සයව වැලද ගත්තා.

''දෙවියනේ ! මට ඕන කරපු උදවුවට ඔබ ඒ ගැන විශේෂඥයෙක්ම එවලා.'' ඇය බොහෝම හයියෙන් සතුටෙන් කෑ ගැහුවා.

අපිට එදිනෙදා ජීවිතයේදී එක එක විදියේ අය මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන හැම කෙනෙකුගේම මොකක්ම හරි වටිණාකමක් තියෙනවා. කිසිම කෙනෙක් අවතක්සේරු කරන්න එපා. මොකද කිසිම කෙනෙක් උපතින්ම නරක නෑ. කොච්චර නපුරු නරක කෙනෙක් ලඟ වුනත් එක හොඳ ගති ගුණයක් හරි තියෙනවා, ඒ දේ ගැන පමණක් සිතා ඔවුන් සමඟ සුහද විම, ආශ්‍රය කිරිම කියන දේ වැරදි කරුවකු ලෙස හංවඩු ගසා පැත්තකට දැමීමට වඩා වැදගත් වේවි. මොකද ජීවිතයේ යම් දවසක ඔබට ඒ අයවත් උවමනා වෙන දවසක් අනිවාර්යයෙන්ම පැමිණෙන නිසා.

*පරිවර්තනයකි*

Monday, March 5, 2012

අහගෙන ඉන්න අමාරු වුණත් ඇත්තම කතාවක්

"දොස්තර නෝනා නොදැන ඇගේ අත දරුවා ආයම්මා සමග උසාවියේ ඇය තරුණ දොස්තරවරියක්.සේවය කරමින් සිටියේ වයඹ පළාතට අයත් රෝහලක. ඇයට පුංචි දියණියක් ඉන්නවා."


ඇයට දුවගේ වැඩ රාජකාරියත්,රැකියාවේ කටයුතුත් එකලේසම කරගෙන යාම අපහසු වුණා.අපි කවුරුත් දන්නවනේ පුංචි දරුවන්ගේ කටයුතු කිරිම ලෙහෙසි පහසු නැති බව
දවසේ පැය විසි හතරත් මදි.අනෙක් දොස්තරවරියන් කියන්නේ ඉතාමත් කාර්‍ය බහුල කෙනෙක් කියා.එයා සේවය කරමින් සිටියේ රජයේ රෝහලක.අපේ රටේ ඉන්න රෝගීන් ගැනත්,තියන ලෙඩ ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.සමහරක් දිනවලට එයා රෝගින් දෙතුන් සියාක් පරීක්‍ෂා කළා.ඒ අසරණ දුප්පත් රෝගින්.එත් සල්ලිබාගේ තියන ඇති අයට පුද්ගලික රෝහල් වලට යන්න පුලුවන්නේ.
"පව් අසරණ මිනිස්සු,පිහිටක් බලා ගෙන නේ රජයේ රෝහල් වලට එන්නේ"
දියණියගේ දහසක් වැඩ රාජකාරි පිළිබදව ඔලුවේ තියාගෙන හිටියත් අසරණ ගඹද රෝගින් පිළිබදව ඇයට තිබුණේ අසීමිත දයාවක් කරුණාවක්.
"අනේ සිදේවි කරුණාවන්ත නෝනා.නෝනා අපිත් එක්ක කතා කළත් අපේ ලෙඩ හොද වෙනවා"
ඇය ගැන එහෙම කටින් කට ගමේ ප්‍රචාරය වෙලත් තිබුණා.
කුඩා දියණියට ඇය අම්මා වුණත්,සමහරක් වෙලාවට අසරණ ලෙඩ රෝගින්ගේ අම්මා වුණේත් ඇයයි.ඇත්තටම ලොකු කුඩා බේදයකින් තොරව ඒ හැමෝටම උපදේස් දුන්නේ ඒ හැමගේ අම්මා වගෙයි.

"ඩොක්ටර්ට බබාගේ වැඩයි , ඉස්පිරිතාලේ වැඩයි දෙකම කරන එක අමරුයි නේ.නරකද බබාව බලාගන්න කවුරු හරි හොයා ගත්තොත්.අනික බබාව තනියම ගෙදර දාල එන්නත් හොද නෑ නේ.ඇය දරුවා වෙනුවෙනුත්,රෝහල වෙනුවෙනුත් කරන කැපවිම,මහන්සිය ගැන දන්නා කියන අය ඇයට එහෙම කිවුවා.එක නම් හොද අදහස ඇය තිරණයකට එලඹුණා.

"බබාව බලාගන්න කාවහරි වැඩට ගන්නවා.ඒ තමයි ඇයගේ තිරණය.ඒ තිරණයට අර අයගේ අදහස්,බලපෑම් ආදියත් මුල් වි තිබුණා."

කගේ,කගෙත් අදහස් නියා ඇය සේවිකාවක් සොයා ගත්තා.ඇත්තටම සේවිකාවක් කිවුවට ගැමි කාන්තාවක්.එත් හැබැයි හොදට තේම්පරාදු වෙච්ච කෙනෙක් බව කතාවෙන්,හැසිරිමෙන් පෙන්න තිබුණා.ඒ විතරක් නෙවෙයි ඒ කාන්තාව දරුවට හුගක්ම ලැදියි.පුංචි දරුවත් ගෙදරට තමන්ව බලා ගන්න ආපු ගෙදර නවාතැන් ගත්ත ආයම්මට ඉක්මනට හුරු වෙන බවයි පෙන්න තිබුණේ.
දැන් අපේ මේ දොස්තර නෝනට ඉතාමත් සතුටුයි.හිතටත් ලොකු සහනයක්.

දැන් බය වෙන්න දෙයක් නැහැ.ආයම්මා දරුවා හොදින් බලා ගනිවි.මට හිතේ සැනසිල්ලෙන් ඉස්පිරිතාලේ වැඩ ටික කරන්න පුලුවන්.තව වැඩියෙන් රෝගින්ට උදවු වෙන්නත් පුලුවන්.දොස්තර නෝනා සුසූම් හේලුවා.

දින,සති හා මාස වශයෙන් දවස් ගතවෙන්න පටන් ගත්තා.ආයම්මා බොහෝම හොදයි.ගෙදර වැඩටත් වුදවු වෙනවා.දරුවාත් හොදින් බලා ගන්නවා.දරුවාත් ආයම්මට හුගක් එකමුතුයි.ඇය ඒ කියන්නේ දොස්තර නෝනා ගෙදර තිබුණ හිතේ බර අයින් කරලා ඉස්පිරිතාලේ ගජරාමේට වැඩ.

ඇයි බයවෙන්න දෙකුත් නැනේ.ආයම්මා සියල්ල හොදින් පාලනය කරනවනේ.එක කියන්න බැරි තරම් සහනයක්.ඔන්න ඔය අතරේ දවසක් දොස්තර නෝනව සොයා ගෙන රෝහලේ සේවකයෙක් දුවගෙන ආවා.

"ඩොක්ටර් මෙහේ ලෙඩ්ඩු බදා ගෙන නොකා,නොබි වැඩ.ඩොක්ටර්ගේ බබා උසාවියේ.ඒ සේවකයා කිවුවා.
ඇයට එකට පුංචි සිනහවක් නැගුණා.ඒ හැබැවටම ඒ සේවකයා පුංචි විහිලුවක් කරනවා වෙන්න ඇතියි කියලයි.විහිලු කරනවට වඩා ලෙඩ්ඩු ඇයට හුග කාලයක් වැදගත් හින්දයි.
"ඇයි දෙයියනේ මගේ ඒ කිරි දරුවා,නොදරුවා උසාවි යන්නේ මොන මගුලකටද?"
එකත් දොස්තර නෝනගේ ඔලුවේ තිබුණා.එකයි ඇගේ මුවේ අර වගේ සිනහවක් ඇදිලා තිබුණේ."
විහිලු නොකර යනවා.මට ඊට වඩා වැඩ තියනවා.පස්සේ ඒ සේවකයව පන්නන්න හැදුවා.
"විහිලු නෙවෙයි ඩොක්ටර්.මම ඩොක්ටර්ගේ බබාව හොදටම දන්නවනේ.බබා උසාවියේ කුඩුවේ හිටියා.ගැණු කෙනෙක් බබාව වඩා ගෙන හිටියා.සෙවකයා කියනවා.දොස්තර නෝනට මේ හතර බිරි කතාව තේරෙන්නේ නෑ.තමුන් මොකටද උසාවි ගියේ?දොස්තර නෝනා සේවකයගෙන් ඇහුවා.
"ඉස්පිරිතාලේ වැඩ කලාට අපේ පුද්ගලික දේවල් වලට නඩුහබ වලට උසාවියට යන්නත් එපැයෑ.එතකොට මම ඩොක්ටර්ගේ බබාව දැක්කේ"
මේක විහිලුවක් නොවෙන බව තේරුණා
දොස්තර නෝනට ගිනි පත්තු වුණා.ෂුටුස් ගාලා ගෙදර දිව්වා.
අනේ!ආයම්මත් නැහැ.දරුවත් නැහැ.
දැන් තව තියෙන්නේ එකම තැනයි ඒ උසාවිය.
ඇය පිස්සියක් වගේ උසාවියට දිව්වා.
කතාව ඇත්ත.
ආයම්මා දරුවා වඩා ගෙන උසාවියේ.
හොද වෙලාවට උසාවියෙන් ආයම්මට ඇප දුන්නා.
බැලින්නම් ආයම්මා වරේන්තු කාරියක්.උසාවිය හමුවේ පෙනි සිටින්නයි ආයම්මට කල්තියාම පොලිසියෙන් දැනුම් දිමක් ලැබිලා.ඒ අතරේ තමයි ඒ වරෙන්තු කාරිය දොස්තර නෝනගේ කිරි දරුවව බලා ගන්න ආයම්මා ලෙස සේවයට එක්වන්නේ.
ඒ විතරක් නෙවෙයි.දොස්තර නෝනට නොකියම හොර රහසේම කිරි දරුවත් අරගෙන උසාවියට යනවා.උසාවියේ කිරි දරුවා වඩා ගෙන පෙනි ඉන්නවා.ඒ උපක්‍රමයක් විදියට.එතකොට සෙනහස ඔදවැඩි නඩුකාර හාමුදුරුවන්ගේ වුණත් හිත වුණු වෙනවනේ.කොහොමද ට්‍රික් එක.බැරිවෙලාවත් නඩුකාර හාමුදුරුවෝ හොයන්නේ බලන්නේත් නැතුවම වරේන්තුකාරියව රිමාන්ඩ් කරලා දරුවව ළමා නිවාසයකට භාර දුන්න නම් එහෙම තමයි වැඩේ දරුවටත්,ආයම්මටත් වුණේ මොකක්ද කියල කවුරුවත්ම දන්නේ නෑ.කොහොමත් දේවියෝ බැලුවා වගේ අර සේවකයා එදා උසාවියෙදි දරුවව දැක තිබුණා.දුවල ගිහින් දොස්තර නෝනට ආරංචිය දි තිබුණා.
"ඇයි මනුස්සයෝ ඇත්ත කියල නිවාඩුවක් නොගත්තේ?"ද්
ඔස්තර නෝන ඇහුවම ආයම්මා හඩා වැටුණා
ආයම්මගේ සේවය එතනින්ම අවසන්.හිග පඩිනඩි දි සමු දුන්නා.හරිනම් කරපු වරදට දිපු ගිඳරට ගහන්න මරන්න ඕන.එත් දොස්තර නෝනගේ හදවත කාරුණිකයි.
"අනුන්ගේ සට කපටි හිත් කියවන්න බෑ නේ.එකයි මට මේ ගින්දර දැනුණේ"
දොස්තර නෝනා දරුවව බදා හඩ වැටුණා.ඇත්තටම කොහොමද අපි අනුන්ගේ හිත් කියවන්නේ.කෝකටත් පරිස්සමින්.මේ අබුද්දස්ස කාලේනේ.

ප්‍රමාද වෙන්න එපා


මැදි වියේ පසු වූ මිනිසෙකු මල් සාප්පුවක් අසල තම මෝටර් රථය නවත්වා මෝටර් රථයෙන් ඉවතට පැමිනියේය . ඔහුට අවශ්‍ය කර තිබුනේ අද දින තම හැත්තෑ වන උපන් දිනය සමරන මව වෙත මල් කළඹක් යැවීමටයි. ඇය වාසය කලේ ඔහු ජීවත් වූ නගරයට කිලෝමීටර 200ක් පමන දුරින් වූ කුඩා නගරයකය.

මෝටර් රථයෙන් ඉවතට පැමින මල් සාප්පුව දෙසට යන ඔහු දුටුවේ මල් සාප්පුවෙන් පිටත බංකුවක් මත වාඩි වී හඩමින් සිටින කුඩා දැරියකි. කුතුහලයෙන් ඈ වෙත ගිය ඔහු ඇගෙන් හැඩීමට කාරනාව විමසා සිටියේය..

"අද අපේ අම්මගේ උපන් දිනේ... මට අම්මට දෙන්න රතු රෝස මලක් ගන්න ඕනේ,ඒත් මගේ ලග තියෙන්නේ ඩොලර් එකයි,රතු රෝස මලක් ඩොලර් දෙකයි"
යැයි එයට පිලිතුරු ලෙස දැරිය දුක්බර හඩින් කියා සිටියාය.

මද සිනහවක් පෑ ඔහු මෙසේ කීවේය

"එන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්"

ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.

ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.

"හා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න " යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.

ඇය ඔහුට මග පෙන්වූ අතර අවසානයේ නගරයේ සොහොන් පිටිය අසල මෝටර් රථය නැවැත්වීමට පැවසූ ඈ අලුත වල දැමූ මිනී වලක් අසලට ගොස් රතු රෝස මල් කළඹ ඒ මතින් තැබුවාය.

කුඩා දැරිය නිවසට ගොස් ඇරලවූ මිනිසා යලිත් මල් සාප්පුවට පැමිනි අතර තමාගේ ඇනවුම අවලංගු කලේය.

මල් සාප්පුවේ වූ අලංකාරම මල් කළඹ මිලදී ගත් ඔහු කිලෝමීටර් 200ක් දුර වෙසෙන මවගේ නිවස වෙත පිටත් විය

ජීවිතය කෙටියි ,ඔබට හැකි තරම් කාලයක් ඔබ ආදරය කරන පුද්ගලයන් සමග ගත කරන්න,ඔවුන් වෙනුවෙන් කැප වෙන්න. . ඔබ ප්‍රමාද වැඩි වීමට ප්‍රථමයෙන් ජීවිතයේ සෑම මොහොතක්ම ඔවුන් සමග රස විදින්න,ඔබේ පවුලට වඩා වටිනා කිසිවක් මෙලොව නොමැත.

ඔබත් බීමතින් රිය පදවනවද???


◄♥► කඳුළු කතාවක් ◄♥►

එක දවසක් හවස මන් පාර දිගේ ඇවිදන් යද්දි මන් දැක්කා අවුරුදු පහක විතර පොඩි ලමයෙක්ව කඩේක අයිතිකාරයා එලවන්න හදනවා. මන් ලඟට ගියා එතකොට ඒ කඩේ අයිතිකාරයා කියනවා ඒ ලමයට "ඔයාට මේ බෝනික්කව ගන්න සල්ලි මදි, ඔය බෝනික්කව තිබුන තැනින් තියලා ගෙදර යන්න" කියලා. එතකොට ඒ ලමයා මට කිව්වා "අනේ අයියේ මේ සල්ලි ටික ගණන් කරලා බලලා මට කියනවද මට මේ බොනික්කා ගන්න සල්ලි මදිද කියලා?" මම ඒ ටික ගණන් කරලා බලලා කිව්වා "ඔව් මල්ලි මෙතන ඔයාට ඔය බෝනික්කව ගන්න සල්ලි මදි" ඒත් ඒ මල්ලි ඒ බෝනික්කව අත ඇරියේ නැ ගොඩක් තදින් බදාගෙනම හිටියා.

මම ඒ මල්ලිට ටිකක් ලන්වෙලා ඇහුවා "කාටද ඔයා මේ බෝනික්කව දෙන්න යන්නේ?" කියලා. "මේ බෝනික්කට මගේ නන්ගි ගොඩක් ආසයි. මට ඕන වෙලා තියෙන්නෙ මේ බෝනික්කව එයාගේ උපන්දිනේට තෑග්ගක් විදිහට දෙන්න" කියලා.

"මම මේ බෝනික්කව අම්මට දෙනවා එයා ගිහින් නන්ගිට මේක දෙයි". මේ ටික කියද්දි ඒ මල්ලිගේ ඇස් වලින් කඳුළු කැට කඩාගෙන වැටුනා. "මගේ නන්ගි ඉන්නේ දෙවියෝ ලඟ, තාත්තා කිව්වා ලඟදීම අම්මත් දෙවියෝ ලඟට යනවා කියලා ඉතින් මන් හිතුවා මේ බෝනික්කව අම්මගේ අතේ නන්ගිට යවන්න". මේ ටික ඇහෙද්දි මගේ හිතත් පොඩ්ඩකට නැවතුනා වගේ වුනා.

"මම තාත්තට කියලා ආවේ අම්මට කියන්න කියලා මම බෝනික්කව අරගෙන එනකන් අම්මට දෙවියෝ ලඟට යන්න එපා කියන්න කියලා". ඒ එක්කම ඒ මල්ලි මට එයාගේ සාක්කුවෙ තිබුන ෆොටෝ එකක් එලියට අරගෙන පෙන්නුවා. ඒ මල්ලි ලස්සනට හිනා වෙලා ඉද්දි ගත්ත ෆොටෝ එකක් ඒක. "මට මේ ෆොටෝ එකත් අම්මගේ අතේ යවන්න ඕනෙ එතකොට නන්ගිට මාව කවදාවත් අමතක වෙන එකක් නැ. මම අම්මට ගොඩක් ආදරෙයි ඒ වගේම මම දන්නවා එයාට මාව දාලා යන්න ඕනේ නැ කියලත් ඒත් නන්ගි ගාව කවුරුත් නැති නිසා අම්මා නන්ගි ගාවට යනවා කියලා තාත්තා කිව්වා". එහෙම කියපු මල්ලි ඒ බෝනික්කා දිහා කඳුළු පිරිච්ච ඇස් වලින් මුකුත් කතා නොකර ටික වෙලාවක් බලාගෙන හිටියා.

මම ඒ මල්ලිට හොරෙන් මගේ සාක්කුවෙ තිබ්බ සල්ලි ටික අතට ගත්තා. අරගෙන ඒ මල්ලිගෙන් ඇහැව්වා, "අපි තව පාරක් ඔයාගේ සල්ලි ටික ගණන් කරලා බලමු සමහරවිට මට වැරදුනාද දන්නෙ නැනේ, මට හිතෙන විදිහට ඔතන ඔයාට අවශ්‍ය සල්ලි ගණන තියෙනවා"

"හරි ඔයා ගණන් කරලා බලන්න, මම හිතනවා මා ගාව තියෙන සල්ලි ඇති කියලා මේ බෝනික්කව ගන්න" එහෙම කියලා ආයේ එයාගේ අතේ ගුලි කරන් හිටපු සල්ලි ටික මගේ අතට දුන්නා. මම මන් ලඟ තිබුන සල්ලි එයාට හොරෙන් අර ටිකත් එක්ක එකතු කලා. ඊට පස්සෙ මන් ඒ ටික ගණන් කරලා කිව්වා. "මෙතන ඔයාට බෝනික්කව ගන්න ඕන කරන සල්ලි ගාන තියෙනවා ඒ වගේම තව ටිකක් වැඩිපුරත් තියෙනවා" කියලා.

"මම ඊයෙ රෑ නිදා ගන්න කලින් දෙවියන්ට කිව්වා මා ගාව මේ බෝනික්කව ගන්න ඇති වෙන තරමට සල්ලි තියෙන්න ඕනෙ කියලා, දෙවියෝ මට ඇහුම්කන් දුන්නා. ඒ වගේම මගේ අම්මා ආසයි සුදු රෝස මල් වලට මට අම්මට දෙන්න සුදු රෝස මලකුත් ගන්න සල්ලි ඕන වුනා ඒත් මන් ඒක දෙවියන්ට කිව්වෙ නැ ඒත් එයා මගේ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ඨ කලා වැඩිපුර සල්ලි තියෙන නිසා මට දැන් සුදු රෝස මලකුත් ගන්න පුළුවන්" එහෙම කියපු මල්ලි බෝනික්කවයි සුදු රෝස මලයි අරගෙන පාර දිගේ හයියෙන් දුවගෙන ගියා.

මන් ගෙදර එනකන්ම හිත හිත ආවේ ඒ මල්ලි ගැන ගෙදර ආවට පස්සෙත් එහෙමමයි මට ඒ මල්ලිව පාරින් පාර මතක් වුනා. එදා රෑ මට නිදා ගන්න ගියාමත් ඒ මල්ලිව මතක් වුනා එතකොටම මට මතක් වුනා මීට දවස් දෙකකට කලින් පත්තරේ තිබුන පුවතක් බීමත් රියදුරෙකු අතින් සිදු වුන අනතුරක් ගැන ඒකට අනුව ඒ රියදුරා හප්පලා තිබුනේ අම්මා කෙනෙකුයි පොඩි දුවෙකුයි ගමන් ගත්ත කාර් එකක්, දුව එතනම මිය ගිහින් තිබුනා අම්මා ගොඩක් බරපතල තත්වයෙන් ඉස්පිරිතාලේ ඉන්නවා කියලයි පත්තරේ දාලා තිබුනේ. ඒක සිදූ වෙලා තිබුනෙත් අපේ ගෙවල් ලඟමයි, මේ අර මල්ලිගේ පවුල ගැනද?? මගේ හිතට ආපු ඒ ප්‍රශ්නය ගැන හිත හිතම මට නින්ද ගියා.

ඊට දින දෙකකට පස්සේ මන් පත්තරේ බලද්දි තිබුනා අර රෝහල් ගත වෙලා හිටපු කාන්තාව මිය ගිහින් කියලා. මම කොහොමහරි ඒ ගෙදර ලිපිනයත් හොයාගෙන සුදු රෝස මල් පොකුරකුත් අරගෙන ගියා ඒ ගෙදරට. යද්දි ඒ කාන්තාවගේ මෲත දේහය පෙට්ටියක තැන්පත් කරලා තිබුනා නැදෑ හිතවතුන්ගේ අන්තීම ගෞරවය සඳහා. ඒ මිය ගිය කාන්තාවගේ එක අතක සුදු රෝස මලකුයි පැත්තකින් අර මල්ලිගේ ෆොටෝ එකයි පපුව උඩින් බෝනික්කවයි තියලා තිබුනා.

මම ඒ ගෙදරින් පිට වෙලා එද්දි මගේ ඇස් වලත් කඳුළු පිරිලා තිබුනා.

සැමියෙකුට බිරිඳක්, අම්මා කෙනෙකුට දුවෙක්, පුතෙකුට අම්මා කෙනෙක්, අයියා කෙනෙකුට නන්ගි කෙනෙක් නැති කරන්න අර බීමත් රියදුරාට ගියෙ තත්පරයකටත් අඩු කාලයක්.

අන්තිම සවාරිය.....!!


         "වසර විස්සකට පමන පෙර මම ජීවිකාව සදහා කැබ් රථයක් ධාවනය කලෙමි. ඇත්තෙන්ම එය කටුක වුවත් සොදුරු රැකියාවකි,විශේෂයෙන්ම ස්වාමියෙක් යටතේ සේවක කිරීමට අකමැති ස්වාධීන අයෙකුට එය වඩාත් ගැලපුනි. එම කාලය තුල මට නොයෙකුත් ආකාරයේ මිනිසුන් සිය දහස් ගණනක් මුණගැසුනි. බොහෝ විට රාත්‍රී සේවය කරන විට මගේ කැබ් රියට ගොඩ වන බොහෝ මගීන් ඔවුන් ගේ ජීවිතය පිලිබදව නොයෙකුත් තොරතුරු මා සමග පැවසූ අතරඇතමෙක් තමා කල වැරදි මට පාපොච්චාරනය කලෝය. මට මුනගැසුනු සමහර පුද්ගලයන් ගේ ජීවිත කතා විටක මා විශ්මයට පත් කලේය,විටක මා ශෝකයට පත් කල අතර තවත් විටක ඒවා මගේ මුවගට නැංවූයේ සිනාවකි. "

නමුත් මගේ සේවා කාලය තුල මට මුනගැසුනු පුද්ගලයන් සිය දහසක් දෙනා අතුරින් තවමත් මගේ මතකයේ තදින්ම සටහන්ව ඇත්තේ එක් අගෝස්තු මාසයක රාත්‍රියේ මගේ කැබ් රථයට ගොඩ වූ එක් මහළු කාන්තාවක් පිලිබද වූ මතකයයි.

එදින මධ්‍යම රාත්‍රියේ මට නගරයේ ඈත කෙලවරේ වූ තට්ටු නිවාස සංකීර්ණයක් වෙත පැමිනෙන මෙන් ඇමතුමක් ලැබුනි. මීට පෙර ලබා තිබුනු අත්දැකීම් අනූව මා අනුමාන කලේ සාදයක් නිම වී නිවෙස් බලා පිට වීමට අවශ්‍ය තරුණයන් කණ්ඩායමක් හෝ තම සහකරු සමග දඹර කර ගත් පෙම්වතියක් කැබ් රිය ඇනවුම් කිරීමට ඇති බවකි.

පාන්දර 3 පමන වන විට මා නියමිත ස්ථානයට ලගා වූයෙමි. මුලු ගොඩනැගිල්ලම අදුරේ ගිලී තිබූ නමුත් බිම් මහලේ වූ එක් කාමරයක ජනේලය තුලින් ආලෝකයක් විහිදුනි.මෙවනි අවස්ථාව වල බොහෝ කැබ් රථ රියදුරන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය නම් දෙතුන් වරක් නලාව ශබ්ද කර ප්‍රතිචාරයක් නොමැති නම් නැවතත් පිට වීමයි. නමුත් මා කිසිවිටකත් එසේ ක්‍රියා නොකලේ තමන්ගේම කියා මෝටර් රථයක් නොමැති පුද්ගලයන්ට ඕනෑම හදිසි අවස්ථාවක ඇති එකම විසදුම වන්නේ කැබ් රථ පමනක්ම වන බැවිනි.අනතුරක සේයාවක් නොමැති සෑම අවස්ථාවකම මා අදාල නිවස වෙත යන අතර සෑම විටකම සිතුවේ "මේ මගියාට මගේ සහාය අවශ්‍ය වනු ඇත" කියාය.

එදිනද සුපුරුදු ලෙස අදාල කාමරය අසලට ගිය මා එහි දොර සීනුව වරක් නාද කලේය.
"මට තව මිනිත්තුවක් දෙන්න" දුර්වල වැඩිහිටි කාන්තාවකගේ ශබ්දයක් මට නිවස තුලින් ඇසුනි.

යමක් පොලව දිගේ ඇදගෙන එන ශබ්දයක් මට ඇසුනු අතර දිගු නිහැඩියාවකින් පසු ඉදිරි දොර විවෘත විය.නිවස තුලින් පිටතට පැමිනියේ අසූ වියැති පමන කුඩා මහළු කාන්තාවකි.ඇය වර්ණවත් ඇදුමකින් සැරසී හිස් වැස්මක්ද පැලද සිටි අතර මට ඇය පෙනුනේ 1940 දශකයේ සිනමා පටයක වූ චරිතයක් ලෙසිනි. ඇය පසෙකින් මදක් විශාල සූට්කේසයක් විය.එම නිවසේ වසර ගණනාවකින් කිසිවෙකුත් වාසය කල බවක් නොපෙනුනි.නිවසේ සියළු ගෘහ භාණ්ඩ ආවරණය කර තිබූ අතර බිත්ති මත ඔරලෝසු හෝ වෙනත් සැරසිලි කිසිවක් නොවීය.සාලයේ පසෙක් වූ කාඩ්බෝඩ් පෙට්ටියක රාමු කල ඡායාරූප විශාල ප්‍රමානයක් අසුරා තිබුනි.

"මගේ සූට්කේස් එක කැබ් එකට ගෙනියන්න පුලුවනිද පුතාට" මහළු කාන්තාව ඇසුවේය

මා සූට්කේසය රැගෙන කැබ් රියේ තැන්පත් කල අතර නැවත පැමිනියේ මහළු කාන්තාවට කැබ් රිය දක්වා පැමිනීමට උපකාර කිරීමටයි.ඇය මගේ අතින් අල්වා ගත් අතර අප දෙදෙනා ඉතා සෙමින් කැබ් රිය දක්වා පැමිනියෙමු.ඇය දිගින් දිගින් දිගටම මගේ කරුණාවන්තකම පිලිබදව ප්‍රසංශා කලාය.

"ඒක සුළු දෙයක් මැඩම්"
"මම හැම වෙලාවටම මගේ මහළු මගියොන්ට සලකන්නේ මගේ අම්මට වගේ" මම පැවසූවෙමි.

"ඔයා ගොඩක් හොද පුතෙක්" ඇය පිලිතුරු දුන්නාය

කැබ් රියට ගොඩ වූ පසු ඈ මට ලිපිනයක් සහිත කොළ කැබැල්ලක් ලබා දුන් අතර මගෙන් මෙසේ විමසුවාය.
"පුතේ අපි පරණ ටවුන් එක පැත්තෙන් යමුද"

"ඒ පැත්තෙන් දුරයිනේ මැඩම්" මම දෙවරක් නොසිතා පිලිතුරු දුන්නෙමි

"ඒකට කමක් නෑ පුතේ...මට හදිස්සියක් නෑ" ඇය පැවසුවාය

මා පිටුපස බලන කණ්ණාඩියෙන් ඇය දෙස බැලූවෙමි. මා දුටුවේ ඇයගේ දෑස් දිදුලන ආකාරයයි,ඒවා කදුලු පටලයකින් වැසී තිබුනි.

"මට මගේ කියලා කවුරුත් ඉතිරි වෙලා නෑ,දොස්තර කිව්වා මට තව වැඩි කාලයක් නෑ කියලා"

මම ඇයට නොදැනෙන ලෙස කැබ් රියේ මීටරය විසන්ධි කලෙමි.

"මැඩම්ට යන්න ඕනේ කොයි පැත්තෙන් ද කියලා මට කියන්න " පැවසූ මම ගමන ආරම්භ කලෙමි.

ඊළග පැය දෙකක කාලය තුල අපි නගරය පුරා සංචාරය කලෙමු.ලිපිකාරිනියක වශයෙන් ඇය තම පලමු රැකියාව කල ගොඩනැගිල්ල ඇය මට පෙන්වූවාය.නගරයේ පැරණි කොටස හරහා මා කැබ් රිය ධාවනය කල අතර විවාහ වූ අළුත සැමියා සමග වාසය කල පැරණි නිවස අසල රථය මද වේලාවකට නැවැත්වූවේ ඇගේ ඉල්ලීම පරිදිය.මද දුරක් ගිය පසු ඇගේ ඉල්ලීම පරිදි යලිත් කැබ් රිය නතර කලේ ගෘහ භාණ්ඩ වෙලද සැලක් අසලිනි. කලකට ඉහත එය නෘත්‍ය ශාලාවක්ව තිබී ඇති අතර මහලු කාන්තාව නව යොවුන් තරුණියක සමයේ මිතුරියන් සමග එහි පැමින ඇත්තේ නර්තන පුහුණුව සදහායි.සමහර විටක පැරණි ගොඩනැගිල්ලක් අසල කැබ් රිය නවතන ලෙස මගෙන් ඉල්ලා සිටි ඇය කිසිවක් නොකියා ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියාය.

නව දිනයක ප්‍රථම හිරු රැස් පොලව මත පතිත වන මොහොතේ හදිසියේ මා දෙස බැළු ඇය
"දැන් ඇති පුතේ අපි යමු මට දැන් ගොඩක් මහන්සි" යැයි පැවසුවාය .

මා නිහඩව ඇය ලබා දුන් ලිපිනය වෙත රථය ධාවනය කල අතර එය නගරයෙන් මදක් දුරින් වූ මහළු නිවාසයක් වූවේය.මා කැබ් රිය එහි පෝටිකෝවේ නතර කල විගස රථය වෙත පැමිනියේ මහළු නිවාසයේ සේවකයන් යැයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් ප්‍රවේශමෙන් ඇයව මහළු නිවාසය තුලට රැගෙන ගියෝය.

රථයෙන් බැස ගත් මා ඇයගේ සූට්කේසය රැගෙන මහළු නිවාසය තුලට ගිය අතර මේ වන විට ඇය හාන්සි පුටුවක වාඩි වී සිටියාය.

"මම පුතාට කොච්චර දෙන්න ඕනෙද " තම පසුම්බිය විවෘත කරමින් ඇය මගෙන් විමසුවාය.

"කීයක්වත් නෑ මැඩම්" මම පැවසුවෙමි

"ඒත්... මේක පුතාගේ රස්සාවනේ?" මා දෙස විශ්මයෙන් බැළු ඇය මගෙන් විමසුවාය.

"මම අනිත් මගීන් ගෙන් සල්ලි ගන්නවනේ මැඩම්" යැයි මා පැවසූ විට අපහසුවෙන් ආසනයෙන් නැගී සිටි ඈ මා බදා ගත් අතර

"අද පුතා මහළු ගෑණියෙක්ට සතුටු වෙන්න පුංචි අවස්ථාවක් ලබා දුන්නා...මට මතක ඇති කාලෙකින් මම ගොඩක්ම සතුටු වුනේ අදයි...පුතාට ගොඩක් ස්තූතියි" යැයි පැවසුවාය. .මගේ දෑස් කදුලින් තෙත් වූ අතර මම ඇයට සමු දී යලි පිටත් වීමි.

එදින යලිත් කිසිදු මගියෙකු කැබ් රියට නංවා නොගත් අතර මම පැය ගණනාවක් අරමුණකින් තොරව රථය ධාවනය කලෙමි.

තම සේවා මුරය අවසන් කිරීමට බලා සිටින ක්‍ෂණිකව කෝපයට පත් වන රියැදුරෙක් ඇය වෙනුවෙන් පැමිනියා නම් කුමක් සිදු වන්නේද?
මා වරක් නලාව නාද කර ඇය නොපැමිනි නිසා යලිත් පැමිනියා නම් කුමක් සිදු වන්නේද?
ඇය ඉල්ලා සිටි පරිදි ඇයට අවශ්‍ය ස්ථාන වල රථය නොනවත්වා පැමිනියා නම් කුමක් සිදු වන්නේද?

පුද්ගලයන්ට ඔබ ඔවුන් වෙනුවෙන් කල දෑ අමතක වනු ඇත,ඔබ ඔවුන්ට පැවසූ දෑ අමතක වනු ඇත නමුත් ඔබ ඔවුන් ගේ සිතේ ඇති කල හැගීම ඔවුන්ට කිසි දිනක අමතක නොවනු ඇත..

කුරිරු පාලකයෙකුගේ අමුතු වැඩ!


"ගෙවී ගිය 20 සියවසේ බිහි වූ කුරිරුතම ඒකාදිපති පාලකයා ඇඩොල්‍ෆ් හිට්ලර්ය. ජාතිවාදයෙන් හා බලකාමයෙන් වියරු වූ හිට්ලර්ගේ අමුතු පුරුදු මේ ලිපියේ සඳහන් වෙයි. හිට්ලර්ගේ පුද්ගලික ජීවිතේ බොහෝ කරුණු හෙලි කර ගැනීමට පර්යේශකයෝ සමත්ව සිටිති. හිට්ලර්ගේ ජීවිතේ අරුම පුදුම පුරුදු රාශියක් දක්නට ලැබේ. පසුව කලක් හිට්ලර්ගේ ආවතේවකරුවා වූ හෙන්සි ලින්ජි නැමැත්තා තම ස්වාමියාගෙ අරුම පුදුම පුරුදු ප්‍රසිද්දියේ ප්‍රකාශ කලේය."


විවාහ වූයේ නැතද දිගු කලක් පුරා හිටිලර්ගෙ සමීපතම මිතුරිය සහ අනියම් බිරිඳ වූයේ බැවේරියානු රූමතියක වූ ඊවා බ්‍රොන්ය. වර්ශ 1932දී හිට්ලර්ට ඊවා මුණ ගැසුනි. දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් අදියරේදී රුසියානුවන් බර්ලින් නගරය වට කොට සිටිද්දී මරණය තමා ඉදිරියේ දත් විලිස්සද්දී හිට්ලර් ඊවා බ්‍රොන් නීත්‍යානූකූලව විවාහ කර ගත්තේය. ඊට පසු දින එනම් 1945 අප්‍රේිල් මස 30 වන දින සිය බංකරය තුලදීම දෙදෙනාම සියදිවි හානි කර ගත්තෝය.බර්ලින් නගරය යටත් කර ගත් සෝවියට් හමුදාවට හිටිලර්ගේ බන්කරය තුල තිබූ ඔව්න්ගේ මළසිරුරු සොයා ගැනීමට හැකි විය.

සිය ලියන මේසයට ඉහලින් එල්ලා තිබූ මහා පෙඩ්‍රික් අධිරාජ්‍යාගේ සේයාරුව හිට්ලර්ගේ සිත්ගත් එකම සේයාරුව විය. මධ්‍ය ම රාත්‍රිය පසු වන තුරුත් ඇතැම් දිනක ජයග්‍රහණ මෙන්ම පරාජයන් වාර්තා වෙද්දීත් හෙතෙම මේ පර්සියානු අධිරාජයාගෙ සේයාරුව දෙස බලා සිටියේය.

හිට්ලර්ගේ ප්‍රියතම පානය වූයේ තේය. ප්‍රීතිමත් අවස්ථාවන්හිදී හෙතෙම තේ කෝප්ප ගනනාවක් එකට පානය කලේය. මියුනිච් නුවර ‘ ඔස්ට්‍රියා බරාවියා’ නම් කුඩා අවන්හලට දින තුන හතරක් වත් ගොඩ වැදීම හිට්ලර්ගේ එක් පුරුද්දක් විය.එහි ගමන් කල සෑම දිනකම හිටිලර් එහි ගමන් කලේ එකම පැත්තකිනි. මෙම අවන්හලේ ඔහු සඳහාම විශේෂ කුටියක් පසුව ඉදිකරන ලදී.

කියවීමේදි උපැස් යුවලක් භාවිතා කළ හිට්ලර් ඒ බව අන්‍යන් දැනගනු ඇතැයි මහත් බියකින් පසුවිය. මේ නිසා මහජනයා ඉදිරියේදි කියවීමට ඇති ලිපි ලේඛන සකස් කිරීමේදි විශේෂ යතුරු ලියනයක්ද නිර්මාණය කරන ලදි.එහෙත් පුරුද්ද බලවත් විය. කතා කරන හැම විටම උපැස් යුවල අතට ගැනීමට ඔහුට සිදුවූ අතර එය පසුපසට කරමින් කතා කරද්දී කතාවේ උපරිම අවස්ථාවන් හිදී එය තදින් මිරිකා ගත්තේය. එසේ මිරිකන විට කැඩෙන උපැස් යුවල වෙනුවෙන් අතිරේක උපැස් යුවලක් ලඟ තබා ගැනීමට ආවතේව කරුවා වග බලා ගත්තේය.

හැඟීම් කුපිත් කරවන කතාවට හිට්ලර් දක්ශයෙකු විය. එහෙත් එම කතාවන් ඔහු ප්‍රවේශමෙන් පුරුදු පුහුණු කරගත් බව කිසිවෙකු නොදනී. තම ලේකම් වරුන් විසින් සකස් කර දෙන කතාව හිට්ලර් විශාල කැඩපතක් ඉදිරියේ කියවන්නට පුරුදු විය. ඒ අතර ඔරලෝසුවද අතේ තබාගෙන ඔහු වෙලාව ගැනද, අංග චලන ගැනද උනන්දුවෙයි. මහත් පරිශ්‍රමයක් දරා අසන්නන්ගේ සිත තුලට කාවැද්දීමට උචිත වන තුරු මෙසේ පුහුණුව ලබන ඔහු මේ ක්‍රියාව නතර කරනුයේ තමා ගැනම සෑහීමකට පත් වූ පසුය.

රතු නිල් සහ කොළ යන වර්ණ තුනකින් පැන්සල් පාවිච්චි කිරීම හිට්ලර්ගේ තවත් පුරුද්දක් විය. සතුරෙකුට රතු පැන්සලයෙන්ද, මිතුරෙකුට කොළ පැන්සලයෙන්ද, වෙනත් ලිපි නිල් පැන්සලයෙන්ද ලියන්නට හෙතෙම පුරුදු වී සිටියේය.

උදරාබාධයකින් මෙන්ම නින්ද නොයෑමෙන් පීඩා විඳි හිට්ලර් නිදි බෙහෙත් පෙති කීප වර්ගයකින්ම එකින් එක වශයෙන් දිගින් දිගටම පාවිච්චි කිරීමට පුරුදු වී සිටියේය. එසේම සෑම සාකච්චාවක් සඳහාම නැතිනම් මහජන රැස්වීමක් සඳහාම සූදානම් වෙද්දී ඔහු විශේෂ එන්නතක් එන්නත් කරවාගත්තේය. තම උදරාබාධය කතාකරන අතරතුරේ මතුවෙතැයි බියක් ඔහුගේ සිතේ හට ගත්තේය. ඒනිසා කතාවට පෙර එන්නත් දෙකක් ලබා ගැනීමට ඔහු පුරුදු වී සිටියේය. පලමු වැන්න උදරාබාධයෙන් මිදෙන්නටය. දෙවැන්න පලමු වැනි එන්නතේ ඇති විශ මර්දනය කිරීමටය.මෙම ප්‍රතිකාරක්‍රමය ඔහුට මොනතරම් පුරුද්දකට ගියේද යත් පසු කලකදී ප්‍රසිද්ද මහජන රැස්වීමක් නැති අවස්තාවකදී පවා ඒවා ගැනීමට සිදුවිය.

තමා උවමනාවට වඩා මහත් වේයැයිද, තම උදරය නෙරා එනු ඇතැයිද යන අවිනිශ්චිත බියෙන් පෙලූනූ මේ පාලකයා නිතරම අබිං මිශ්‍ර විරේක බෙහෙතක් භාවිතා කල අතර, එම බෙහෙත ගත් විගසම එහි විශ නැසීමට තවත් බෙහෙතක් පානය කලේය. වෛද්‍ය ප්‍රථිකාර පිළිබඳව සැක පහල කල නාසි නායකයා පසුව තම ආහාර පිලියෙල කිරීමට විශේෂ වෛද්‍යවරයෙකු යෙදූ අතර, ආහාර පිණිස ගන්නා එළවලු, විශේෂ භූමියක, විශේෂ පොහොර වර්ග යොදා වගා කරන්නට නියම කළේය. එසේ තමා වෙනුවෙන් වවන ලද එළවලු සහ එම භූමියේ පස්, ඒවා පිසීමට ගත් ජලය වෙනම පරික්ශා කිරීමට හෙතෙම පුරුදුවිය.

හිට්ලර්ගේ සේනාවන් පසු කලෙක පරාජයට පත්වන විට ඔහුගේ වම් අතේ නහරයක් රිදුම් දෙන්නට පටන ගත්තෙන් නිතර නිතර එහි බැලඩෝනා ආලේප කිරීමට පුරුදු විය. ඔහුගේ කුමන රෝගයකට ප්‍රතතිකාර ලැබුවත්, නොලැබුණත්, වේදනාවෙන් මිදුනු සැහැල්ලු බවක් පෙන්නමින් “ ආ……..බොහොම සනීපයි. දැන් මගේ ඔලුව හොඳයි.” කීමටද ඔහු පුරුදු වී සිටියේය.

සිය පිය පාර්ශවයෙන් යුදෙව් ලේ මිශ්‍ර වීම පිළිබඳව ඔහු දැඩි හීන මානයකින් පෙලුනු අතර ඒ නිසාම ඔහු යුදෙව් සංහාරයේ යෙදුණී. සිය පියාගේ මව ධනවත් යුදෙව් තරුණයෙකු අතින් දූශණය වූ නිසා සිය පියාගේ පීතෘත්වය පිළිබඳවද ඔහු තුල සැක සංකා විය. සිය ලේ පිරිසිදු කිරීමට හිට්ලර් කූඩැල්ලන් පාවිච්චි කල බවටද වාර්තා වේ.