RSS
කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...? ඒ කතන්දර කියන්නට ඔබටයි මේ මොහොත.......! ඔබ දන්නා දේ බෙදා ගන්න.....! නොදන්නා දේ දැනගන්න.....! එන්න .....! අප සමග එකතු වන්න......!

Saturday, December 29, 2012

Popular Science Magazine 2012 Best of Aerospace Technology, [2012 වසරේ හොඳම ගගනවිද්‍යා නිර්මාණ]

[1] NASA Sky Crane landing system (Successfully landed the nuclear powered, 1 ton robotic lab Curiosity on Mars)



කිව්රියෝසිටි රෝවරය අඟහරු මතට සීරුවෙන් ගොඩ බස්වනු ලැබූ ස්කයි-ක්‍රේන් නිර්මාණය ගැන බොහෝ දෙනෙකු දන්නවා. මේ නිර්මාණයේ ඇති අපූර්වත්වය නම් එය පොලොවට සැතපුම් මිලියන ගණනාවක් ඈතින් ඇති වෙනත් ග්‍රහයෙකු මත, කිසිදු මිනිස් සහයකින් තොරව ස්වයංක්‍රීයව සිදුවුනු බැවිනි. මෙවැනි නිර්මාණයක් සිදුකිරීම සඳහා කොතරම් ගණන් බැලීම්, සැළසුම් කිරීම් හා පරීක්ශණ/පර්යේශණ සිදුකරන්න්නට ඇත්ද? ස්කයි-ක්‍රේන් තාක්ශණයේ සැබෑ අපූර්වත්වය නම් එය මිනිස් තාක්ශණය කෙතරම් දියුණුවී ඇතිදැයි පෙන්වන හොඳ මිනුම් දණ්ඩක් බැවිනි..

[2] LOCKHEED MARTIN/KAMAN K-MAX Robotic Transport Helicopter (Active duty in Afghanistan since December 2011)



Maximum speed: 100 knots (185.2 km/h)
Cruise speed: 80 knots (148.2 km/h)
Range: 267 nm (494.5 km)


2008 වසරේදී ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුම් ආරම්භ කල අමෙරිකානු හමුදාවන්ගේ වැඩිම ජීවිත හානි සිදුවී ඇත්තේ අල්ඛයිඩා/තලේබාන් සටන්කාමීන් හා මුහුණට මුහුණලා සිදුකෙරුනු සටන්වලින් නොව ඇෆ්ඝනිස්ථානයේ ඈත යුධ කඳවුරු වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ වෙත ආරක්ශාව සපයමින් ගමන් කරද්දී එල්ලවුනු හදිසි ප්‍රහාර හා බිම් බෝම්බ මගිනි. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයේ හමුදා සැපයුම් ආරක්ශාකිරීම මාරාන්තික රාජකාරියක් බවට පත්වී තිබුණි.

2011 දෙසැම්බර් මෙම රාජකාරියට නවතම රොබෝ සෙබලෙකු අනුයුක්ත කරන ලදී. ඒ ලොක්හීඩ් මාටින් සමාගම නිර්මාණය කරන ලද කේ-මැක්ස් නම් නියමු රහිත රොබෝ ප්‍රවාහණ හෙලිකොප්ටරයයි.


මෙම නියමු රහිත හෙලිකොප්ටරයට මෙට්‍රික් ටොන් 2.7ක බරක් කිසිදු මිනිස් මැදිහත්වීමකින් තොරව සැතපුම් 250ක් (කිලෝමිටර් 400ක්) දුරකට නොනවත්වා ගෙනයා හැකිය. යානයේ පරිගණකයට කවා ඇති දත්ත, ජී.පී.එස් චන්ද්‍රිකා දත්ත හා යානයේ සංවේදක වලින් ලැබෙන තොරතුරු අනුව දිවා-රෑ ඕනෑම වේලාවක නොකඩවා මෙම ප්‍රවාහන කටයුතු සිදුකල හැකිය. 2011 දෙසැම්බරයේ සිට කේ-මැක්ස් හෙලිකොප්ටර් 2ක් මගින් මෙට්‍රික් ටොන් 900ක භාණ්ඩ ප්‍රමාණයක් ඇෆ්ඝනිස්ථානය පුරා ඇති අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රවාහණය කොට එහි විශ්වාසවන්තභාවය තහවුරු කරගෙන ඇතැයි පැවසේ. ඒ අනුව ලොක්හීඩ් මාටින් කේ-මැක්ස් රොබෝ හෙලිකොප්ටරය 2012 වරසරේ විශිෂ්ඨ ගගනවිද්‍යා නිර්මාණයක් ලෙස සටහන් වන ඇත.

[3] RED BULL STRATOS PRESSURE SUIT (Allowed Filix Baumgartner to jump from 40 kilometers above the earth and brought him down safely)


කිලෝමීටර් 40ක් ඉහල අහසේ, එනම් අභ්‍යවකාශ අද්දර සිට බිමට පනින්නට  සිදුවුව හොත්?

කිලෝමිටර් 40ක් ඉහල අහස යනු උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -55ක දැඩි ශීතලක් සහිත, හුස්ම ගැනීමට ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති, මිනිස් සිරුරේ සියලු රුධිර නාල පුපුරා ක්ශණික මරණයක් ලඟාදෙන අඩු වායු පීඩනයකින් යුතු මිනිස් සිරුරට මාරාන්තික අණතුරු උදාකල හැකි ප්‍රදේශයකි.


2012 ඔක්තෝම්බර් 14වැනිදා හීලියම් බැලූනයක නැගී කිලෝමීටර් 40ක් ඉහල නැගි ෆීල්ක්ස් බෞම්ගාර්ට්නර් නම් නිර්භීත මිනිසා බැලූනයේ එල්ලා තිබුණු ගොන්ඩෝලාවෙන් එලියට පැන්නේ  මෙතරම් උසක සිට බිමට පනින ලද පලමුවැන්නා ලෙස ඉතිහාසගතවීම සඳහාය. ජීවිතයත් මරණයත් අතර සටනක් වූ මේ මහා පිම්ම ආරක්ශිතව සිදුකිරීම සඳහා බෞම්ගාර්ට්නර්හට අභ්‍යවකාශගාමීන් පලඳින ආකාරයේ ආරක්ශිත ඇඳුම් කට්ටලයක් නිර්මාණය කෙරිනි. 

රෙඩ් බුල් සමාගමේ මූල්‍ය දායකත්වයෙන් සිදුකරන ලද මෙම ඇඳුම නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද ගුවන්හමුදාවේ ගුවන් නියමුවන් හා නාසා ගගනගාමීන්හට  ආරක්ශිත ඇඳුම් නිර්මාණය කරන ඩේවිඩ් ක්ලාර්ක් සමාගම විසිනි.

බැලූනයෙන් එලියට පැන විනාඩි කිහිපයකදි බෞම්ගාර්ට්නර් ශබ්දයේ වේගය මෙන් 1.24ක වේගයකින් ගොඩ්බිම දෙසට ඇදී එන්නට වූ අතර මෙවැනි අධික වේගයෙනුත්, සෙන්ටිග්‍රේඩ් -55ක අධික ශීතලෙනුත්, අඩු පීඩනයෙනුත් ආරක්ශා කරන ලද්දේ "රෙඩ්බුල් ස්ට්‍රැටෝ ප්‍රෙශර් සූට්" නම් වූ මෙම ආරක්ශිත ඇඳුමෙනි. එය 2012 වසරේ අපූර්වතම ගගනවිද්‍යා නිර්මාණවලින් එකක් ලෙස සම්මානයට පාත්‍රවන්නේ එබැවිනි.


[3] Boeing Phantom Eye: Hydrogen-powered spy drone (Proved that liquid hydrogen can be a safe and practical energy source to power aircraft)


ඉතා ඉහල අහසේ, බොහෝ කාළයක් රැඳී සිටිමින් (high altitude, long endurance) ඔත්තු බැලිය හැකි යානයක් ලෙස නිර්මාණය වුනු බෝයිං ෆැන්ටම් අයි යානයේ සුවිශේෂත්වය වන්නේ එය හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන්නට නිර්මාණය කොට ඇති බැවිනි. ප්‍රායෝගිකව භාවිතය අපහසු වන ද්‍රව හයිඩ්‍රජන් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමේ වාසිය එය මගින් ලීටරයකට ලබාදෙන ශක්තිය පෙට්‍රෝල් වැනි ෆොසිල ඉන්ධන ලීටරයක් මගින් ලබාදෙන ශක්තියට වඩා විශාල වශයෙන් වැඩි බැවිනි.

මෙම යානය වැදගත් නිර්මාණයක් ලෙස සළකන්නේ එහි ගගනවිද්‍යා හැකියාවන් නිසා නොව එය, ගුවන්යානා සඳහා හයිඩ්‍රජන් ප්‍රායෝගික ඉන්ධන ප්‍රභවයක් ලෙස තහවුරු කිරීමට එය සිදුකරන කාර්යභාරය නිසාය. කිලෝග්‍රෑම් 850ක හයිඩ්‍රජන් ඉන්ධන ටැංකියක් මගින් ෆැන්ටම් අයි යානයට දින හතරක් ඉහල අහසේ රැඳී සිටියහැකි තරමේ බල ප්‍රමාණයක් ලබාදෙයි.

මෙම යානයේ ඇති තවත් වැදගත් අංගයක් නම් යානය බලගන්වන එන්ජින්, එම යානය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද එන්ජිමක් නොව, ෆෝඩ් ෆියුෂන් මෝටර් රථය සඳහා නිපදවන ලද පැට්‍රෝල් එන්ජිමකි (2.3 liter Ford Fusion patrol engine). එය හයිඩ්‍රජන් දහනය සඳහා අනුවර්තනය කොට මෙම යානයට යොදා ඇත.කිලෝමීටර් 20ක් ඉහල, ඔක්සිජන් අවම වූ අහසේ හොඳ කාර්යක්ශමතාවයකින් ක්‍රියාත්මක වීමට මෙම අනුවර්තනය කරනලද එන්ජින් සමත්වී ඇති බව බෝයිං සමාගම පවසයි.


[4] NASA PHONESAT (The cheapest satellite ever to be launched into space)


HTC Nexus One ස්මාර්ට්-ෆෝනයක් පාදක කරගෙන නිර්මාණය කරන ලද නාසා ආයතනයේ මයික්‍රෝ චන්ද්‍රිකාවක් වුනු ෆෝන්-සැට් ක්ශුද්‍ර චන්ද්‍රිකාව ලොව අඩුම මුදලකට නිර්මාණය කරන ලද ප්‍රායෝගිකව භාවිතා කල හැකි චන්ද්‍රිකාව ලෙස පැවසේ.

ෆෝන් සැට් චන්ද්‍රිකාව පිලිබඳ අප තැබූ සටහන මෙතනින් කියවන්න.



[5] NASA/General Motors Robonaut 2 (On active duty aboard International Space Station since August 2011)


Anthropomorphic robot හෙවත් මිනිස් සිරුරේ හැඩය හා ඒහා සමාන ක්‍රියාකාරකම් වල යෙදිය හැකි රොබෝනෝට් 2 නම් රොබෝ යන්ත්‍රය 2011 දී ඩිස්කවරි අභ්‍යවකාශ ශටල් යානය මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී. ප්‍රථිස්ඨාපන කටයුතු (installation) අවසන්වීමෙන් පසු 2011 අගෝස්තු මසදී ක්‍රියාත්මක කිරීම ඇරඹුණු රොබෝනෝට් 2 මේවන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

මිනිස් දෑතට බොහෝ සමාන දෑතකින් යුතු රොබෝනෝට් හට පැවරී ඇති රාජකාරි වන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු හා පිරිසිදු කිරීමේ කටයුතු වලට උපකාරී වීමයි.

Wednesday, December 26, 2012

of tඅට වසරකට පෙර අමිහිරි මතකය ( Memories sunami disaster in Srilanka )


අද 2012 දෙසෑම්බර් මාසේ 26 .ඔව් අපේ රටට ජීවිත වලට කියාගන්න හිතාගන්න වත් බෑරි තරමේ විනාශයක් කරපු,හතලිස් දාහක ජීවිත එක නිමේශයකින් ඩෑහෑ ගත්තු සුනාමි රකුසා ඈවිත් හරියටම අවුරුදු අටක්.ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා.විශේෂයෙන්ම පෑරෑලිය දුම් රිය අනතුර,මේ වෙනකොටත් මතක් වෙනකොට දෙනතට කදුලක් නෑගෙනවා.එදා අම්බලන්ගොඩින් දුම් රිය පිටත් වෙද්දී කවුරුත් හිතන්නෙ නෑතුව ඈති මේ වගේ ඉරනමකට ගොදුරු වේවි කියලා.මේ සිදුවීම මට ගොඩාක් ම සංවේදී උනේ අපේ ගෙවල් ආසන්නයේ අම්මා තාත්තා දරුවො තුන් දෙනා ඈතුලු සම්පුර්න පවුලම මේ දුම් රියෙදි සුනාමි රකුසාට ගොදුරු උනා.පාසල් නිවාඩුවට
කොළඹ  නෑන්දලාගේ ගෙදර ගිහින් නෑවත නිවෙස් බලා එද්දී තමයි එහෙම උනේ.ඒ වගේම ගාල්ලේ බස් නෑවතුම්පලේ සිදුවීම මම හිතන්නේ කිසිදාක අපේ මතකයෙන් ගිලිහෙන එකක්  නෑ.තව මොන තරම් සිදුවීම් වෙන්න ඈත්ද.
ඉතින් අද මම ආයෙත් ඒ දිනයේ  මතකයන් අන්තර්ජාලයෙන් බලද්දී ලෑබුන සංවේදී චායාරූප ටිකකුත් සටහනට එකතු කලා.
අවසාන වශයෙන් එදා අපෙන් වෙන්වී ගිය ශ්‍රිලාංකික සියලුම සහොදර සහෝදරියන්,දරුවන්,දෙමව්පියන් වෑඩිහිටි සියලුම දෙනාට නිවන් සුව අත්වෙවා...ඒ වගේම මින් මතුවට මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා.
























Friday, November 23, 2012

ලෝක විනාශය ගැන තවත් මතයක්......


නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012
ඇත්තටම ලෝක විනාශය මෙම වසරේදී සිදුවනවාද..?

ඔව්... නියත වශයෙන්ම 2012/12/21 වැනි කිවි දින ශ්‍රී ලංකා වේලාවෙන් ආසන්න වශයෙන් සවස තුන පමණ වන විට ලෝක විනාශය ආරම්භ වන බව දන්වා සිටිමි. ලෝකයේ අනිකුත් ප්‍රදේශයන්ටද එම වේලාවට සමගාමීව මෙම ලෝක විනාශය සිදු වන්නට නියමිතය. මෙය වැලැක්විය නොහැකි අනතුරකි.

එය සිදුවන්නේ කෙසේද..?

පෘතුවිය දෙසට ඇදී එන යෝධ ග්‍රහ වස්තුවක් පෘතුවිය හා ගැටීමෙන් එය සිදුවේ.

එසේ සිදුවන්නේ නම් මෙතෙක් කලක් එය අප නොදන්නේ ඇයි..?

පැහැදිලි ලෙසින්ම එය අපගෙන් සඟවා ඇති නිසා...

කවුරුන්ද එය සඟවා ඇත්තේ..?

ප්‍රධාන වශයෙන්ම මෙය සොයා ගත් අය විසින්... ඒ කියන්නේ ඇමරිකානු නාසා ආයතනය විසින්. මෙය සොයා ගනු ලැබුවේ නාසා ආයතනය යැයි කියූවත් ඇත්ත වශයෙන්ම ප්‍රථමයෙන්ම මෙය සොයා ගනු ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයක සිසුන් කණ්ඩායමක් විසිනි. ඔවුන් පසුගිය වර්ෂ කිහිපයක සිට සූර්යග්‍රහණ පිළිබඳව පර්යේෂණ කරමින් සිටි අවස්ථාවකදී මෙම ග්‍රහ වස්තුව පිළිබඳව සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීමෙන් පසුව මේ පිළිබඳව නාසා ආයතනය මගින් වැඩිදුරටත් සොයා ගෙන ඇත. මුලින් සඳහන් කල සිසුන් පිරිස මෙම ග්‍රහ වස්තුව ගැන සොයා ගත්තද එය පෘතුවිය හා ගැටෙන කතාවක් දැන සිට නොමැති අතර අළුත් හා තරමක් අසාමාන්‍ය ග්‍රහවස්තුවක් ලෙසින් පමණක් ඔවුන් එය වාර්ථා කොට ඇත. එහෙත් වැඩි දුර පර්යේෂණ වලදී මෙය නියත වශයෙන්ම පෘතුවිය හා ගැටෙන බවත් ඉන් ලෝකය විනාශ වී යන බවත් සොයාගෙන ඇත්තේ නාසා ආයතනයයි. ඉන් පසුව මේ ගැන ඇමරිකානු ධවල මන්දිරය දැනුවත් කොට ඇති අතර තීරණාත්මක සාකච්ඡා කිහිපයකට පසුව මෙම තත්වය කිසිදු ආකාරයකින් ලෝකයට නිරාවරණය නොකර සිටීමට ඔවුන් තීරණය කොට ඇත. එහෙයින් මෙම තත්වය සැඟවීමට ක්‍රියා කොට ඇත්තේ ඇමරිකානු ධවල මන්දිරය හා නාසා ආයතනය මඟින් බව පැහැදිලියි.

ඔවුන් එසේ මෙය සැඟවීමට හේතුව..?

හේතු කිහිපයක් විය හැකියි. ඉන් ප්‍රධානම දේ ජනතාව කලබලයට පත්වීම වැලැක්වීම විය හැකියි. මක් නිසාද යත් මෙය දැන ගත් වහාම ජනතාව අතර නොසන්සුන්තාවය වැඩි වීමට බොහෝ ඉඩ ඇත. ඒ හරහා ඇතිවන කැළඹීම් වලින් ජනතාව කැරලි ගැසීමටත්.. නීතිය හා ආරක්ෂණ ක්‍රම වේද බිඳ වැටීමටත් ඇති හැකියාව මත විය හැකියි. එසේ හදිසි තත්වයක් උද්ගත වූවහොත් ලෝක විනාශයට පෙරදීම ලෝකය විනාශ වීමට ඇති හැකියාව වැඩි බව කල්පනා කල හැක. එසේම එවැනි තත්වයක් මත මෙයින් මිදීමට හැකි මගක් සොයනවා වෙනුවට ඇතිවන අර්බුධ පාලනය කිරීමට වෙහෙසෙන්නට වීම මත තත්වය ජයගත හැකි මඟක් සොයාගත නොහැකි වීමට ඉඩ ඇත. එසේම තවත් ආකාරයකින් මෙම විනාශය නැවතීමට ක්‍රමයක් නොමැතිනම් දැනට මෙය දන්නා අය හෝ ලෝක විනාශයෙදී ආරක්ෂා වීමට ගත හැකි ආරක්ෂක වැඩ පිළිවෙලවල්වලට බාධා වීමක් ඒ හරහා විය හැකියි.. මෙවැනි කරුණු රාශියක් මත මෙය සැඟවීම සිදු වී ඇති බව කිව හැකිය. 

ඒ හැර විද්‍යාවට පමණක් ගරු කොට ඉපැරණි මායා ශිෂ්ඨාචාරයේ තාක්ෂණය ආදී දේ නොවැදගත් දේ ලෙසින් ඔවුන් කටයුතු කරගෙන ආ ක්‍රමය වැරදියි යන වග පිළිගැනීමට ඔවුන් තුල වූ අකමැත්තත් මෙයට යම් ආකාරයකින් හේතු උනා විය හැකිය.

මේ වන විට තත්වය කුමක්ද.. ලෝක විනාශය නැවැත්වීමට ඇමරිකාවටත් නාසා ආයතනයටත් නොහැකිද..?

ඔවුන් උත්සහ කොට තිබෙනවා... එහෙත් සියළු ගණනය කිරීම් වලට පසුව විද්‍යාඥයින් තීරණය කොට ඇත්තේ ඒ සඳහා කිසිදු උත්සහයක් දරා පලක් නොමැති බවයි.

මෙතෙක් කලක් විද්‍යාඥයින්ට සොයා ගැන්මට නොහැකි වූ එම ග්‍රහ වස්තුව කොහේ සිට පැමිණෙන්නක්ද..?

තරමක් බැරෑරුම් ප්‍රශ්නයක්.. එහෙත් සරල ලෙසින් මෙය පැහැදිලි කරනවා නම් එය මෙසේය... පෘතුවියේ විද්‍යාඥයින්ගේ දූර දක්න වලට (මෙහිදී පෘතුවිය මත පිහිටා ඇති හා අභ්‍යවකාශගත දුරදක්න යන සෑම දෙයක්ම අයත්ය) හසු වනවාට පිටින් මෙම ග්‍රහ වස්තුව තිබී ඇත. අපගේ පෘතුවිය සහිත මන්දාකිණියට පිටත වූ මන්දාකිනියකය... එය අපට ගණනය කල නොහැකි තරම් විශාල එකක් වන අතර හරියටම කිවහොත් එම විශාල මන්දාකිණියෙහි අංශුවක් තරම් වූ මන්දාකිණියක අපගේ මන්දාකිණිය පිහිටා ඇත... එම විශාල මන්දාකිණිය පාලනය වන බලයන් අපගේ මණ්දාකිණිය තුල පවතින තත්වයට වඩා වෙනස්ය.. අපේගේ පෘතුවිය හා ගැටෙන්නට එන මෙම විශාල ග්‍රහ වස්තුව එම විශාල මන්දාකිණියේ පවතින එකක් වන අතර එහි ගමන්මාර්ගයද වක්‍රාකාර එකකි.. නමුත් එහි වක්‍රය ඉතා විශාල බැවින් එය එක් වක්‍රයක් සම්පූර්ණ කිරීමට අධිකතර කාලයක් ගනී... එය අපගේ ග්‍රහ ලෝකය වැනි ග්‍රහ ලෝක ඇති වී නැතිවී යන කාලයටත් වඩා දිගු කලකි.. එහෙයින් මෙයට වසර කෝටි ප්‍රකෝටි ගණනකට කලින් එය අද අප සිටින තැනින් යන්නට ඇත. නැවත එය අප සිටිනා ස්ථානයෙන් යන්නට පැමිණෙන විට අපගේ ග්‍රහ ලෝකය කී වතාවක් ඇති වී නැතිවී ගියාදැයි කිව නොහැක. කෙසේ හෝ එය නැවත වරක් අප සිටිනා තැනින් ගමන් ගන්නට එයි.... එහි විශාලත්වය මත හා එහි සංයුතිය මත එය විනාශ කිරීමට හෝ ගමන් මාර්ගය වෙනස් කිරීමට අප හට නොහැක. තත්වය එසේය... අප අසරණ වී ඇත. කල හැකි යමක් නොමැත.

සම්පූර්ණ ලෝකයම විනාශ වී යයිද..? නැතිනම් කොටසක් හෝ ඉතිරි වේද..?

කිව නොහැකියි. එහෙත් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් පසුගිය වර්ෂ දෙක තුල මේ සඳහා හැකි තාක් සූදානම් වූ බව කිව හැක. ඒ අනුව ඉතිරි වෙතොත් ඒ ඉතිරි වන අයට අවශ්‍ය දේ සම්පාදනය කිරීමටත්... එම ගැටීම සිදුවන මොහොතේ හැකි උපරිම ආරක්ෂාවෙන් ආරක්ෂා වීමට යම් කිසි ආරක්ෂක ස්ථානයක් තැනීමටත් ඔවුන් කටයුතු කලා... ඒ පමණක් නොව පසුගිය ඇමරිකානු මැතිවරණය පවා ඒ සඳහා යොදාගත් රැවටීමක් පමණක් උනා. මන්ද යත් මේ මොහොතේ ආණ්ඩු වෙනසක් කිරීම ඔවුන්ගේ ආරක්ෂණ වැඩ පිළිවෙලට හානියක් නිසා. ඒ අනුව ඔවුන් ප්‍රදර්ශනාත්මක ජන්දයක් තබා තව දුරටත් ඔබාමා ඇතුලු රජයට දිගටම බලයේ සිටින්නට හැකි ලෙස ප්‍රතිඵල වෙනස් කොට පෙන්වූවා. මෙම මොහොතේ ජනාධිපතිවරයා වෙනස් කොට නව ජනපතිවරයෙකුට මුල සිට ඇති වී ඇති තත්වය ප්‍රකාශ කිරීම අසීරු බැවිනුත්.. ඔබාමා පැරදුනහොත් ඔහු මෙම රහස එළිකරන්නට ඇති ඉඩකඩත් මෙයට බලපෑවා. මොකද කිවහොත්.. දැනට සකස්කොට ඇති ආරක්ෂක ස්ථානයෙහි ජනපතිවරයාට මිස හිටපු ජනපතිවරයාට තැනක් නොමැති බැවිනි. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ ආරක්ෂක ස්ථානයට දෙසැම්බර් මස 20 වැනිදා වන විට ඇතුළු වී අවසන් වනු ඇති අතර ඇතැම් විට අවසාන දිනය තුලදී හෝ දෙක තුලදී තත්වය මුදා හැරීමටත් ඉඩ තිබෙයි.

එතකොට මායාවරුන්ගේ දින දර්ශනය හරිද..?

සීයට සීයක්ම... ඔවුන් නිවැරදියි. අවාසනාව මුළු ලෝකයක්ම ඔවුන්ට හිනා උනා.. අවමන් කලා.. අපහාස කලා.. එහෙත් අවසාන දිනයේදී හෝ ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් මෙය හෙලි කලහොත් වසර කිහිපයක සිට බැණුම් ඇසූ මායාවරුන්ට අවසන් දිනයේදී හෝ සිය ගරුත්වය නැවත ලැබෙනු ඇත. එම ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය.

ඔබ මෙම තත්වය හෙළිදරවු කරගත්තේ කෙසේද..? ඒ සඳහා ජ්‍යොතිෂය උදව් කරගත්තාද..?

ඔබට පිස්සුද? ජ්‍යෝතිෂයෙන් කැලිෆෝනියා සරසවි සිසුන් කරන කියන දේ පේනවාද..? ඇමරිකානු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම පේනවාද..? සකස් කර ඇති ආරක්ෂක ස්ථාන පේනවාද..? මෙය සොයා ගැනීමේදී ජ්‍යොතිෂයක් භාවිතා කරන්න උනේ නැහැ.

එසේනම්..?

මෙය දීර්ඝකාලීන උත්සහයක ප්‍රතිඵලයක්...

ඇත්තටම ඔබ කවුද..?

මමද..?  මම කවුරු කියලද ඔබ සිතන්නේ..?
මේක ලියනකොට මාරයාගේ හෝරාව හරියටම 11:28

"වර්ණපාලගේ තියරිය"

සරසවියේ බොහෝ දෙනෙක් මේ තියරිය දන්නවා .. ඒ වගේම වර්ණපාල තියරිය භාවිතා කරන අයත් ඒ අතර ගොඩක් ඉන්නවා..

ඉතින් ඒ අයටත් , සරසවි යන මේ ගැන නොදන්න අයටත් , කවදා හෝ සරසවි යන්න බලන් ඉන්න අයටත් දැනගන්න මුලු කතාවම ඔබ වෙත ගෙන එන්නට අපි සිතුවා..

මේකෙ කතා
 නායකයා තමා විශ්වා වර්ණපාල ..

නම ටිකක් අහලා පුරුදුයි වගේ නම් ඔහු කලකට ඉහත ආණ්ඩුවේ කැබිනට් ඇමති දූරයක් දැරෑ විශිෂ්ඨයෙක්..

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

මෙන්න මේකයි කතාව.

වර්ණපාල පේරාදෙනිය කැම්පස් ‍එකේ ඉගෙන ගන්න කාලෙ හිතේ ‍ලස්සන කෙල්ලෙක් ගැන අදහසක් තිබුනලු..
ඒත් එයගෙන් අහන්න නම් ටිකක් බයයිලු.. (අපිටත් එහෙමනෙ ඉතිං) .

නමුත් කොහොම හරි යාළු කරගන්න නොයෙක් උත්සහ කරත් ඒවා සාර්ථක උත්සහයවල් වුනේ නෑ..

ඒ හැම උත්සහයේදිම ඒ ගැහැනු ළමයගෙන් ලැබුන පිලිතුර වූයේ

" අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

ඒත් වර්ණපාල අදහස නම් අතෑරියෙ නෑ..

ඉතින් වර්ණපාල මොකද කරේ මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම

" ආහ් වර්ණපාල .. ආහ් වර්ණපාල .. හූ හූ වර්ණපාල "

කියලා අර කෙල්ලට ඇහෙන්න සැලෙස්සුවා.. තව වර්ණපාලගෙ යාලුවන් 2 3න් දෙනෙක් ලව්වා මේ වැ‍ඩේම කරන්න සැලැස්සුවා..

ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැ.. ඒත් දිගින් දිගටම වර්ණපාල මේ වැඩේ කරා...

ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ කෙල්ගෙ නමයි එකට දාලා කැලැ පෝස්ටරයක් කැම්පස් එක හැම තැනට ගැහුවා... ගහලා ආයෙත් යන එ හැම තැනදින ආහා වර්ණපාල හූ හූ වර්ණපාල කියලා අර කෙල්ලට අහන්න සැලැස්සුවා..

කෙල්ලටත් මහා හිසරදයක් වෙලා තිබුනත් කෙල්ලටත් ටිකෙන් ටික වර්ණපාල ගැන අදහස් පහල වෙමින් තිබුනේ හැමදාම ඒ නම ඇයට ඇහෙන හුරු නමක් නිසාමයි..

ඒත් අන්තිමට වර්ණපාලගේ යාලුවෝ කිවවා..

" මචං වර්ණපාල.. ඔය වැඩේ හරියන්නෙ නෑ අතෑරලා දාපන් " කියලා..

ඒත් වර්ණපාල නම් නෙමෙයි අදහස අතෑරියෙ..

කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා..

යාලුවන්ට අදහගන්නවත් බැරුව ගියා.. එතැනින් පසු සෑම කැම්පස් එකක් පාසාම වාගෙ මේ වැඩේ ප්‍රචලිත වුනා. නිකන් නෙමෙයි.. "වර්ණපාලගේ තියරිය" තමයි ඒකෙ නම...

වර්ණපාල කොහොම හරි ගැහැණු ළමයත් එක්ක යාළු වෙලා පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කෙල්ලම තමයි...

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

දැනට ගොඩක් සරසවි වල තමන් කැමති ගැණු ළමයා යාලු කරගන්න මේ වර්ණපාලගේ තියරිය භාවිතා කරනවා.. දැනට අහලා තියෙන විදියට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මේක පාවිච්චි කරලා තියෙනවලු.. ;)

කොහොම කොහොම උනත් මේක බලන හැමෝටම හිතේ යම් කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක සරසවි භාෂාවෙන් කියනව නම් " ඉක්මනට ගොඩ යන්න* ලැබේවා "

( *ගොඩ යනවා = සරසවියේ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ආදර සම්බන්දයක් ඇති කරගැනීම.. )

Thursday, November 22, 2012

ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු



සුප්‍රීම් සැට් සමාගම විසින් චන්ද්‍රිකා 3ක් යැවීමට බලාපොරොත්තුව.

එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා වන රොකට්ටුව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා.

රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

මේ අනුව චන්ද්‍රිකාවක් අයත් 45 වන රට ලංකාව වන අතර කලාපයේ 3 වන රටයි...



























Monday, November 12, 2012

මහා පුදුම දෙයක් සිද්ද උනා...!!



ගබ්සාව මිනී මැරීමක්....ආදර අම්මේ ඔබේ කුය ඝාතකාගාරයක් කර ගන්න එපා... දරුවන් යනු ආශිර්වාදයකි. 
"දැනටත් රටේ පැතිර පවත්නා නීති විරෝධී ගබ්සා සායන වලින් බොහෝ විට සේවය ලබා ගන්නේ ගණිකා වෘත්තියෙහි යෙදී සිටින කාන්තාවන්ය. ගැබ්ගත් විට දරු ගැබ ගබ්සා කර කාර්යය කරගෙන යාම අපහසුය. නීතියද ඔවුනට හරස් වෙයි. එහෙත් නීතිය ලිහිල් කළ විට දිළිඳුකමත්, පහසුවෙන් මුදල් උපයා ගැනීමේ හැකියාවත් නිසා වැඩි වැඩියෙන් තරුණ කතුන් ඒ සඳහා පෙළඹෙනු ඇත. ගබ්සා නීතිය ලිහිල් කිරීම නිසා මෙලෙසින් ගණිකා වෘත්තියටත්, අනියම් සබඳතා පවත්වාගෙන යන අයටත්, අවිවාහක ගැබිනියන්ටත්, රුකුලක් හා පිටුවහලක් ලැබී, පොදුවේ ජන සමාජය පිරිහී යන්නේය. බලධාරීන් ඊට ඉඩ නොතැබිය යුතුය. එසේ නොවූවහොත් දී ධර්මද්වීපය යන ගෞරව නාමයෙන් ලොව පතළ වූ ශ්‍රී ලංකාවේ, නූපන් දරුවන් මරා දැමීම, එදිනෙදා සිද්ධාන්තයක් බවට පත්වනු නියතය. දෙවියෝ අප මව්බිම රැකදෙත්වා!"


බලන්න මේ පින්තුරය දිහා.මේ තියෙන්නේ මේ වසරේ කැමරා පින්තුරය වෙයි කියල ගොඩක් අය විශ්වාස කරන පින්තුරය.මේ ඉන්නේ සති 21 වයස දරුවෙක්.මේ දරුවාව අබෝෂන් එකකින් ඉවත් කරන්න ඒ අම්මට ඕනේ උනා.ශල්‍යකර්මය කරලා දරුවාව එලියට ගන්න හදනකොටම මහා පුදුම දෙයක් සිද්ද උනා.

බඩ පලපු තැනින් හදිසියේම එලියට අපු මේ පුංචි දරුවාගේ අතකින් වෛද්‍යවරයාගේ ඇගිල්ල අල්ල ගත්ත.හරියට "අනේ ඕක නම් කරන්න එපා" කියනවා වගේ.මේ සංවේදජනක සිද්දියට මුණ දුන්නේ "ජෝසෙප් බ්රුනේර්" කියන වෛද්‍යවරයා.මේ පින්තුරය බ්‍රිතාන්‍ය පුවත්පතක පල කරලා තිබුනේ "බලාපොරොත්තුවේ හස්තය" කියල.දරුවාගේ තිබුන දුර්වලතාවක් නිසා මේක කරන්න හැදුවත් අවසානයේ දරුවාව යහතින් එලියට අරන් තියෙනවා.දැන් එයා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.එයාගේ නම "සමුඑල් ඇලෙක්සැන්ඩර් ආමාස් ".මේක මුළු ලෝකෙම සලිත කරපු පින්තුරයක්!


තරු නෙතු දිලෙන ඉගිබිගි කෙලි            සිනාවා
මාගේ ඇසට තුටු කදුලැලි                  ගෙනේවා
පියතුම වෙහෙස දුරලන කවි                 කතාවා
දුක් දොම්නසට නුඹෙ හස වේ               ඉනාවා

බෝනික්කන්ට පණ ලැබිලා හඩනු         ඇසේ
සුරතල් හඩින් ඇසේවි නැලවිල්ලෙ         රසේ
නූපන් දුවේ මා ළය උණු කරන්            මෙසේ
නුඹ ඇයි පමා ඉඩ මදිවද මාගේ              කුසේ

Sunday, November 11, 2012

ලෝක විනාශය ගැන සිංහලෙන් දැන ගන්න ඕනද?

ලෝක විනාශය ගැන සිංහලෙන් දැන ගන්න ඕනද?
එහෙනම් මේ Videos බලන්න....


01 වැනි කොටස


02 වැනි කොටස




03 වැනි කොටස




04 වැනි කොටස



05 වැනි කොටස



06 වැනි කොටස



07 වැනි කොටස



Saturday, November 3, 2012

ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා

“ජුලී“ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට ද
ැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා. කාලයත් එක්ක ජූලී යාලුවුනා
එයාගේ පන්තියේම හිටපු පිරිමි ළමයෙක් එක්ක. එයාගේ නම “මැක්කෝයි“ මේ පිරිමි ළමයත් දිගටම දුම් බොන්න පුරුදු වුනු කෙනෙක්. එයා එයාගේ යාලුවොත් එක්ක නිතරම වගේ මේ දේ කළා.

ජුලී එයාගේ මැක්කෝයි මුණගැසුනු හැම වේලාවෙම තමන්ගේ පියාට දුම් බීම නිසා වුනු දේ කිව්වා. ඒ ඔහුව මේ පුරුද්දෙන් ගලවා ගන්න. ඒත් ඇය ඔහු යාලුවොත් එක්ක යන එක නතර කරන්න උත්සාහ කලෙත් නෑ. මොකද ඒක මැක්කෝයි ගේ සතුට නිසා. මේ සබඳතාවට මාස 3ක් වෙද්දීම මැක්කෝයි හොදටම ලෙඩ වුනා. ඒ සිගරට් නිසා පෙනහලු වල ඇති වෙච්ච Emphysema කියන රෝගයකින්. ඔහුගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, අවුරුදු දෙකක් ගත වෙද්දීත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරනවා.

ඒ අවුරුදු දෙක පුරාම ජුලී ඔහු ළඟටම වෙලා එදා තිබු ආදර සෙනෙහසින්ම ඉන්නවා. ඇයගේ පාසැල් ගමන නවත්තලා, ගෙදරින් එන බැනුම් වගේම අතේ තියෙන මුදලුත් වියදම් කරමින් තමා මෙහේම ඉන්නේ. ඇයගේ තිබුන පිවිතුරු ප්‍රේමය මේ මැක්කෝයි ව ජීවත් කරවනවා. මේ විධියට කාලය ගතවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දී ඔහු සුවය ලබනවා. සුවය ලබපු මේ කොල්ලා සිගරට් බීම නවත්වලාම දානවා. ඒ වගේම ඔහු “ජුලී“ විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා.

මේ පින්තුරයේ ඇත්තටම ඉන්නේ ඒ දෙන්නමයි. ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා. ඒ මොකක්ද? ඒ ඔහුගේ හදවත. එය නිතරම ඔහුගෙන් අහනවා ඔහු “ජුලීට“ ඇහුම්කන් දුන්නේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ හින්දම අර මුලින් ම කියපු කතාව ඔහු හැමෝටම කියන්න හිතාගත්තා.

ඒ තමයි “ යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපහු කිසිවිටකත් නොකරන්න..

ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා

ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. 

නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි. ඒ අන් කිසිවක්
 නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම ජනතාවගේ සුභසාධන කටයුතු සදාහා යොදවන බැවිනි.

ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට හිමි දශක ගණනක් පැරණි Volkswagen Beetle මාදිලියේ කාරයකි. ඔහු තවමත් ජීවත්වන්නේ ඔවුනට අයත් ගොවිපලකය. එයද ඇත්තේ ඔහුගේ බිරිදගේ නමටය.

ඔහුගේ මාසික ආදායම ඩොලර් 12 500ක් වන අතර එය ලෝකයේ ජනාධිපතිවරුන් උපයන මාසික ආදායම් හා සලකන කල ඉතා සුලු වැටුපකි. විශේෂත්වය වන්නේ ඔහු මින් ඔහුගේ වියදම් සදහා තබාගන්නේ ඩොලර් 1250ක් වන අතර වැටුපෙන් ඉතිරි 90%වම මහජනයාගේ සුභසිද්ධිය සදහා වෙන් කරනු ලැබේ..

77ත් හැවිරිදි ඔහුගෙන් වරක් මාධ්‍ය මේ පිළිබද විමසූ විටෙක ඔහු පවසා ඇත්තේ "මම ඒ මුදල ගැන සෑහීමට පත්වෙමි, මන්දයත් මාගේ උරුගුවේ රාජ්‍යයෙහි ඊටත් වඩා අඩු මුදලින් ජීවත්වන මිනිසුන් සිටිනා බව මා දන්නා හෙයිනි" යැයි පවසමිනි.

මොහුගේ පාලනයෙන් හෙබි උරුගුවේ රාජ්‍යය මේ වන විට "ලොව අවම දූෂිත" රාජ්‍යයක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත.

යාහූ පුවත් සේවයට අනුව ඔහු හට බැංකු ගිණුම් කිසිවක් නොමැති අතර ඔහු තම සරල ජීවිතය සිය සුනඛ සුරතලා "මැනුඑලා" හා සිය බිරිද සමග සතුටින් ගතකරයි. ජනාධිපති ධූර කාලය නිමවීමේන් පසුව මීටත් වඩා සරල ජීවිතයක් තම ආදරණීයයන් සමග තම ගොවිපලට වී ගත කිරීමට ඔහු අදහස් කරන බව වැඩිදුරත් පවසා ඇත......

උරුගුවේ ජනපතිවරයා මෙලෙස තම ධනය මහජනයා වෙනුවෙන් කැපකල ප්‍රථම ජනපතිවරයා නොවන අතර මීට අමතරව ජෝන් එෆ් කෙනඩි වැනි ඇමරිකානු ජනපතිවරුන්ද තම ධනය මහජනයා වෙනුවෙන් කැපකර ඇත. විශ්ලේෂකයන්ට අනුව මෙසේ වීමට හේතූන් වී ඇත්තේ ඔවුන් හට උපතින්ම පිහිටි ත්‍යාගශිලී මහත්මාගුණයන් හා උපතින්ම රටේ වංශවත් පවුල්වලින් පැවත ඒම හේතුවෙන් ඔවුනට රටේ මහජනයාගේ මුදල් නිර්ලජ්ජිත ලෙස සොරාගැනීමට අවශ්‍ය නොවූ බැවිනි......

මෙහිදී අප විශේෂයෙන්ම දැන ගතයුතු දෙයනම් එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව යනු ලොව දූෂිතම රටවල් අතර ඉහළින්ම සිටිනා රටක් බවය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වාර්ෂික වියදම රුපියල් කෝටි 720කට අධික වන අතර එය දෛනික වියදම් අනුව ගණනය කලවිට දිනකට කෝටි 2ක වියදමකි.......

සිගරට්…. බොන්න බොන්න මොකද වෙන්නේ…?



සිගරට් ගැන අහලා තියෙනවද? සිගරට් වලට එක එක වචන කියනවනේ. මගෙ යාළුවෙක් කියන්නේ “මචං, ෆැන්ටා එකක් ගහලා එන්නම්” කියලා. තව ඒ වගේ ඒවා ඇතිනෙ. සිගරට් නැති නිසා බන්ධනාගාරෙ ඉන්න කට්ටිය බොන්නෙ ලෝකල්. ඒවා හදන හැටි වෙන වෙලාවක කියලා දෙන්නම්. තව ඉතිං බීඩි, සුරුට්ටු වගේ දේවලුත් අයිති වෙන්නේ “දුම් වැටි” කියන කාණ්ඩෙටම තමයි. අද ලියන්නෙ ඒ ගැන. මං සිගරට් බොන්නෙ නෑ කියලා මේක කියවන්නෙ නැතුව ඉන්න එහෙම එපා හොඳද? සිගරට් හදන හැටිවත්, සිගරට් වල තියෙන දේවල් වත් නොකියා සිගරට් නිසා මොකද වෙන්නෙ කියන තැනින්ම පටන් ගන්නම්. මොකද අනිත් දේවල් අහලා දැකලා හොඳට පුරුදුයිනේ.
සිගරට් නිසා මිනිසුන් මිය යනවද? ඔව්.
කී දෙනෙක්ද? ඒක තමයි දන්නැත්තෙ නේද? එහෙනම් අහගන්න. සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්. ඒ කියන්නේ සිගරට් බොන අයගෙන් 50%ක් සිගරට් නිසා මිය යනවා. මේ විදියට වසරකට මිය යන සංඛ්‍යාව ගණනය කලොත්, ඒ සංඛ්‍යාව මේ ලැයිස්තුවේ තියෙන කාරණා නිසා මිය යන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩියි.
• Motor vehicle accidents – මෝටර් රථ අනතුරු
• Suicides – සිය දිවි නසාගැනීම
• Homicide – මනුෂ්‍ය ඝාතන
• Tuberculosis – ක්ෂය රෝගය
• Maternal deaths – මාතෘ මරණ
දුම් පානය නිසා කෙනෙක් මිය යන්නේ කොහොමද?
දුම්කොළ වල අඩංගු විවිධාකාරයේ විෂ රසායන ද්‍රව්‍ය අපේ ස්වසන මාර්ගයට ඇතුල් වුනාම ඒවා අපේ ශරීරයට එරෙහිව ක්‍රියා කරනවා. ඒ නිසා මේ විදියේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.
· හෘද රෝග
o Myocardial infarction – හෘදයාබාධ
o Stroke – ආඝාත (මොළයට රුධිරය සැපයීම අවහිර වීම)
o Sudden death – හදිසියේ මියයාම (හේතුවක් නැතිව)
o Peripheral vascular disease – රුධිර වාහිනී ආශ්‍රිත රෝග
පිළිකා
o Lung – පෙනහළු
o Oral cavity – මුඛ කුහරය
o Oesophagus – අන්නශ්‍රෝතය
o Stomach – ආමාශය
o Pancreas – අග්න්‍යාශය
o Larynx – ස්වරාලය
o Bladder – මුත්‍රාශය
o Kidney – වකුගඩු
o Leukaemia – ලියුකේමියා (ලේ පිළිකා)
o Liver – අක්මාව
පෙනහළු
Chronic obstructive pulmonary disease (COPD) – නිධන්ගත පෙනහළු රෝග

මේවාට අමතරව තවත් ගැටළු ඇති වෙන්න දුම්පානය හේතු වෙන්න පුළුවන්. ඒවායින් මූලික කාරණයක් තමයි ප්‍රජනක සෞඛ්‍යය (reproductive health) සම්බන්ධයෙන් ඇති වෙන ගැටළු.
· ශරීරයේ නිපදවෙන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවා. සුළු පටු ප්‍රමාණයකින් නෙමෙයි. 24%කින්. ඒ කියන්නෙ හරියටම ¼ ක්.
· විකෘති වූ ශුක්‍රාණු නිපදවෙනවා. ඒ ශුක්‍රාණු වල සඵලතාවය අඩුයි.
· Erectile dysfunction – එහෙමත් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය (impotence) ඇති වෙන්නත් මූලික හේතුවක් වෙන්නේ දුම්වැටි.
මේ ගැටළු ඇති වෙන්නේ දුම් බොන අයට විතරද? නෑ.
දුම් බොන අය ළඟ ඉන්න දුම් නොබොන අයටත් මේ දේවල් බලපානවා. ඒකට කියන්නේ “අක්‍රීය දුම් පානය”. එහෙම වෙන්නේ, සිගරට් දුමෙන් ¾ ක් පිට වෙන්නේ වායුගෝලයට. මේ දුම සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි නිසා සුළඟට ගසාගෙන යන්නෙ නැතිව ඒ අවට පරිසරයේම රැඳි තියෙනවා. මේ නිසා දුම් නෙබොන කෙනෙකුටත් මේ දුම ආඝ්‍රාණය වෙන්න පුළුවන්. ඒ නිසයි පොදු ස්ථාන, ආවරණය කළ ස්ථාන, ජනතාව රැස්වෙන ස්ථාන වගේ ඒවගේ දුම් බීම තහනම් කරන්න නීති ගෙනල්ලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක වෙනවද කියන එක වෙනම ගැටළුවක්
අක්‍රීය දුම් පානය නිසා මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්.
• Sudden infant death syndrome – හදිසියේ ළදරුවන් මියයාම
• Chronic cough – නිධන්ගතව පවතින කැස්ස
• Ear infection – කණේ ආසාදන
• Asthma – ඇදුම
ගර්භනී මවක් අක්‍රීය දුම් පානයට ගොදුරු වුනොත් කළලයට මේ විදියට බලපාන්න පුළුවන්.
• Low birth weight – අඩු බර දරු උපත්
• Prematurity – නොමේරූ ළදරුවන් බිහි වීම (සති 36ට අඩු)
• Abortions – ගබ්සා වීම
• Still births – මළ දරු උපත්
• Congenital abnormalities – ආබාධ සහිත දරුවන් ලැබීම
මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන කාරණයක් තමයි එතුමා පෙනහළු රෝගයකට ගොදුරු වුනේ එතුමා ගර්භාෂයේ ඉන්නකොට සහ ළමා කාලයේ එතුමාගේ තාත්තා බීඩි බිම නිසා කියන එක. මේ නිසා බිරිඳ ගර්භනී අවස්ථාවේ ඉන්නකොටවත් දුම් පානයෙන් වැලකිලා ඉන්නවානම් හොඳයි.
අපි මේ වෙනකම් කතා කලේ සෞඛ්‍ය ගැටළු ගැනනේ. ආර්ථික සහ සමාජයීය ගැටළු ගත්තොත් අපේ රටේ කරපු සමීක්ෂණයකට අනුව මධ්‍යම පාන්තික පවුලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරන මුදල ඒ පවුලේ ආදායමෙන් 1/3 ත් ½ ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 12000ක් හම්බ කරන පවුලක් රුපියල් 4000ත් 6000ත් අතර මුදලක් සිගරට් සහ අරක්කු වලට වියදම් කරනවා. ඒ නිසා ඒ පවුලේ අනිත් සියළුම කටයුතු වලට ඉතිරි වෙන්නේ ආදායමෙන් 2/3ත් ½ත් අතර මුදලක් විතරයි. ඒ නිසා ඒ පවුල දවසින් දවස දුප්පත් වෙනවා.

නමුත් මේ කිසිම දෙයක් සිගරට් සමාගම් වලින් අපිට කියන්නෙ නෑ. ඔවුන්ට එක වාසියක් වෙලා තියෙන්නේ සිගරට් නිසා ඇති වන රෝග වලින් මියයන අය වාර්තා වෙන්නේ ඒ රෝගය නිසා මියගිය අය විදියට මිසක් සිගරට් නිසා මිය ගිය අය විදියට නොවීම. ඒ වගේම සමාජයේ සිගරට් ගැන මවලා තියෙන ප්‍රතිරූපයත් ඒකට හේතු වෙලා තියෙනවා.
සිගරට් බීම නැවැත්තුවොත් කෙනෙකුට ඇතිවෙන වාසි මොනවාද?
1. අපි කලින් කියපු රෝග වලට ගොදුරු වීමේ අවදානම සැළකිය යුතු ලෙස අඩු වීම.
2. තම ආදායමෙන් විශාල මුදලක් දිනපතා ඉතිරි වීම.
3. තම පවුලේ අය අක්‍රීය දුම් පානයට ගොදුරු නොවීම නිසා පවුලේ ලෙඩරෝග අඩු වීම.
4. සිගරට් බොන්නන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට දායක වීම තුලින් සිගරට් බීම විලාසිතාවක් නොවීමට හා ඒ ගැන සමාජ මතය වෙනස් කිරීමට ඔබ දායක වීම.
5. ඔබගේ දරුවන් සිගරට් වලට යොමු වීමේ අවදානම අඩු වීම.
සිගරට් බීම නවත්තන්නෙ කොහොමද?
ඒක ඒ තරම් අපහසු නෑ. සිගරට් බීම නවත්තන්න සිගරට් බොන ඕනම කෙනෙකුට පුළුවන්. අවශ්‍ය වෙන්නෙ උනන්දුව විතරයි.
· සිගරට් බීම නවත්තන දවස විදියට ඔබගේ ජීවිතයට වැදගත් දිනයක් යොදාගන්න. (උදාහරණයක් විදියට දරුවාගේ උපන් දිනය)
· තමන් සිගරට් බීම නවත්තන බව ඔබ ඇසුරු කරන අනිත් අයට කියන්න. (බිරිඳ, පවුලේ අය)
· සිගරට් බීම වෙනුවට වෙනත් විකල්පයක් යොදාගන්න. ( බබල්ගම් එකක්, තේ එකක්)
· සිගරට් වලට දිනපතා වියදම් කරපු මුදල එකතු කරන්න. සතියකට සැරයක් ඒ මුදල බැංකුවේ තැන්පත් කරන්න. මාසෙකට සැරයක් ගිණුමේ ශේෂය පරීක්ෂා කරලා බලන්න.
· ඔබගේ යාළුවන්ටත් සිගරට් බීම නවත්තන්න උපදෙස් දෙන්න.
· හැම අවුරුද්දකම ඔබ සිගරට් බීම නවත්තපු දිනය සමරන්න.
එතකොට ඔබට ලොකු නිදහසක් දැනෙයි. අනික දීර්ඝ කාලයක් සිගරට් බීපු කෙනෙක් වුනත් සිගරට් බීම නවත්තලා අවුරුදු 5ක් යනකොට සිගරට් වලින් ශරීරයට ඇතුල් වුනු විෂ රසායන ඔක්කොට ශරීරයෙන් ඉවත් වෙනවා. එතකොට ඔබ සාමාන්‍ය මිනිසෙක්.
මේ ටික සිගරට් නොබොන අයට…
සිගරට් බීමෙන් වැලකිලා ඉන්නවා වගේම සිගරට් බොන කෙනෙක් ගලවාගන්නවා කියන්නේ ලොකු දෙයක්. ඔබට පුළුවන් වුනොත් සිගරට් බොන දෙන්නෙක් ඒකෙන් මුදවා ගන්න ඔබ ජීවිතයක් බේරා ගත් කෙනෙක් බවට පත් වෙනවා. මොකද මම මුලින්ම කියපු කාරණය නිසා. // සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්//
කොහොමද කෙනෙක් සිගරට් බොන එකෙන් වලක්වා ගන්නේ..?
හරිම පහසුයි. ඔබ සිගරට් බොන දස දෙනෙකුට (10) කිව්වොත් “සිගරට් බොන එක නවත්තන්න” කියලා, ඒ අයගෙන් එක්කෙනෙක් සිගරට් බීම නවත්තනවා කියලා හොයාගෙන තියෙනවා. එහෙම නැවැත්තුවේ නැත්නම් මේ කතා කරපු දේවල් ටිකක් කියලා බලන්න. නවත්තගන්න හැටිත් කියලා දෙන්න. ඔයාගෙ ජීවිත කාලෙදි සීයකට කිව්වොත් දෙතුන් දෙනෙක් හරි අහයි. ඒ හොඳටම ඇති.
කෙනෙක් සිගරට් බීම නවත්තන්න කැමති වුනත් ඒක අපහසුනම් ගොඩක් වෙලාවට එයා දුම්කොළ වලට ඇබ්බැහි වෙලා වෙන්න පුළුවන්. ඒ වෙලාවට වෛද්‍ය උපදෙස් ලබාදීම වැදගත් වෙනවා.
කතා කරලා ලිපිය ඉල්ල ගත්තේ - Pradeep Chandana
ප්‍රදීප්ගේ පිටුව
pradeepot.blogspot.com